මැඬපැවැත්වීමට කඩිනම් පියවර ගන්නවා
ආරක්ෂක ලේකම් අවධාරණය කරයි
නීතිවිරෝධී විදේශීය සංක්‍රමණිකයන්, දේශසීමා හරහා සිදුවන මිනිස් හා මත්ද්‍රව්‍ය හා වෙනත් තහනම් භාණ්ඩ ජාවාරම මෙන්ම මුහුදු මාර්ගය හරහා සිදුවන අන්තවාදී හා ත්‍රස්තවාදී ආගමන විගමන ක්‍රියාවලියන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් මුහුදු මාර්ගය ඔස්සේ නීතියේ රැහැනට හසුනොවී පලායෑම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාවට ඇතිවන අනතුර මැඬලීමට කඩිනම් පියවර අනුගමනය කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂණය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, ඔස්ටේ්‍රලියානු හා කැනඩා රජයේ අනුග්‍රහයෙන් මීට දශකයකට පමණ ඉහතදී හඳුන්වාදුන් සමෝධානික දේශසීමා ආරක්ෂක මූලෝපාය අනුව දේශසීමා ආරක්ෂණය පිළිබඳව ප්‍රතිපත්ති සහ මූලෝපායන් සම්බන්ධ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික දේශසීමා කළමනාකරණ කමිටුව නමින් ආරක්ෂක ලේකම්වරයාගේ නායකත්වය යටතේ ආරම්භ කර ඇති අතර මේ වනවිට සැසිවාර අටක් පවත්වා ඇත. එම කමිටුවේ නව වැනි සැසිවාරය ඉකුත් 30දා ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී.
එහිදී ලේකම්වරයා අවධාරණය කළේ කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දේශසීමා ආරක්ෂණය පිළිබඳව ශ්‍රී ලංකාව රටක් වශයෙන් ජාත්‍යන්තර සම්මුති හා ප්‍රඥප්තීන්ට අනුව බැඳී සිටින බවයි. මෙරට දේශසීමා ආරක්ෂණය සඳහා ඔස්ටේ්‍රලියානු රජය, කැනඩා රජය මෙන්ම IOM ආයතනය විසින් දක්වන ලද සහයෝගය මෙහිදී ඇගයීමට ලක්විය.
කමල් බෝගොඩ