PHI සංගමයෙන් චෝදනා
කොවිඩ් ආසාදිතයන් රටට පැමිණීමේදී හඳුනා ගැනීම සඳහා තවමත් මෙරට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි.
ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක එරට සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීම කෙරෙහි සෞඛ්‍ය අංශ අවධානය දැඩිව යොමුවී ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.
“මෙරටට වැඩිම සංචාරකයන් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. නමුත් ආසාදිතයන් හඳුනා ගැනීමට, පාලනයට, ගුවන් තොටේ හෝ වරායේ දැනට නිසි වැඩපිළිවෙළක් නැහැ. අපි බිම් මට්ටමේ කොවිඩ් – 19 පරීක්ෂණ සිදු කරන්නෙත් නැහැ. ප්‍රතිදේහ ජනක හෝ පී.සී.ආර්. නිවැරදිව සිදුවන්නේ නැහැ. රෝහල්ගත වන රෝගීන් හරහා තමයි රෝග ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ගන්න සෞඛ්‍ය අංශ උත්සාහ ගන්නේ.
කොවිඩ් – 19 වෛරසය පාලනයට කලින් ලබාගත් එන්නත්වලින් තවදුරටත් ප්‍රතිශක්තිය ලැබෙන බවට තාක්‍ෂණික හෝ විiාත්මක තහවුරු කිරීමක් කර නැහැ. එම නිසා කලින් ගත් එන්නත්වල ප්‍රතිශක්තිය මත මේ අලුත් තත්ත්වය පාලනය වෙයි කියලා බලාපොරොත්තු තබන්න බැරි බව අපි අවධාරණය කරනවා” යැයි ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර