මුදල් ලේකම්
තමා මේ මස අගභාගයේ දී මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම ගන්නා බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊයේ (02දා) ‘දිවයින’ ට පැවසීය.
ඉන් පසු ජූලි 01 වැනිදා සිට ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු ලෙස තමා වැඩ භාරගන්නා බව ද සිරිවර්ධන මහතා කියා සිටියේය.
මම අස්වෙන්නේ නැහැ – මහ බැංකු අධිපති

එක්වරම ඉවත්ව යෑම සුදුසු නොවන නිසා මේ මස අග භාගයේ හැකි උපරිම දින ගණනක් සේවය කර විශ්‍රාම ගන්නා බවත් මහින්ද සිරිවර්ධන මහතා කීවේය.
මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් මේ මස අගදී විශ්‍රාම යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ ප්‍රකාශ කළේය.
එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වන බවත් එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය ඇගයිය යුතු බවත් ජනාධිතිවරයා ප්‍රකාශ කර සිටියේය. ඊයේ උදේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කීවේය.
මේ අතර තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යන බවට පැතිර යන ආරංචිය අසත්‍යයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ‘දිවයින’ ට කීවේය.
රටේ තිබෙන ආර්ථික අගාධය හේතුවෙන් මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකම් යන දෙදෙනාම ඉවත් වන බවට පැතිර යන ප්‍රවෘත්තිය පිළිබඳ කළ විමසුමකට පිළිතුරු දෙමින් එය නිවැරදි නොවන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත