සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක
විපක්ෂයට බහුතරය හිමි පළාත් ආයතනවල බලය පිහිටුවීම සඳහා ඒවාට පත් කෙරෙන සභාපති ඇතුළු තනතුරු සම්බන්ධ සභික ලේඛනය මෙම සතිය තුළ ගැසට් කිරීමට යවන බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.
ජනමතය අනුව ක්‍රියා කරමින් විපක්ෂයේ සියලු කණ්ඩායම් ඒකරාශි කරගෙන කටයුතු කිරීමට විපක්ෂයේ සියල්ලන් එකඟතාවකට පැමිණ ඇති අතර එලෙස බලය පිහිටුවන ආයතන ප්‍රමාණය සියයකට වඩා වැඩි බවද හෙතෙම කීය.
කොළඹ නගර සභාවේ බහුතර බලයද විපක්ෂයට හිමිවී ඇති බැවින් අත්දැකීම් සහිත කාටත් පිළිගත හැකි අයකු නගරාධිපති ලෙස සජබය යෝජනා කරන බවද එය මෙම සතිය තුළ සිදුවන බවද අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අකිත පෙරේරා