මෙම වර්ෂයේ (2025) මාර්තු මාසයේ දී මෙරට තේ නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2024) මාර්තු මාසයට සාපේක්ෂව තේ කිලෝග්‍රෑම් මිලියන 24.4 දක්වා සියයට 24.8කින් වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
2024 වර්ෂයේ මාර්තු මාසයේ දී මෙරට තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 19.6කි. තේ වගාවට හිතකර යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්තු මාසයේ දී තේ නිෂ්පාදනය වැඩි වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
එමෙන්ම 2024 වර්ෂය පුරාම අඛණ්ඩව පහත වැටී ඇති මෙරට පොල් නිෂ්පාදනය 2025 වර්ෂයේ මාර්තු මාසයේ දී වසරේ පෙර මාසවලට සාපේක්ෂව යථා තත්ත්වයකට පත්වීමේ සලකුණු පෙන්නුම් කරමින් පවතින බව ද මහ බැංකු වාර්තාව මගින් පෙන්වා දී ඇත.
ලලිත් චාමින්ද