Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: හිඟුල තරුණයා එල්ලා පහරදී මැරූ – සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 4 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Reading: හිඟුල තරුණයා එල්ලා පහරදී මැරූ – සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Designed and Developed by MOOVE
Ad image
ප්‍රාදේශීය පුවත්

හිඟුල තරුණයා එල්ලා පහරදී මැරූ – සැකකරුවෝ තිදෙනෙක් අත්අඩංගුවට

1 week ago
272 Views

මත්කුඩු ආරවුලක් මුල් කර ගනිමින් හිඟුල, දෙල්ගහගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් එල්ලා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු 22 දා රාත්‍රී නිතීඥවරයකු මාර්ගයෙන් මාවනැල්ල පොලිසිය හමුවට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගෙන අත්තේ වල්පලදෙනිය, මුරුතවෙල, මරාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 35, 25, 28 යන වයස් කාණ්ඩවල පසුවන්නන් බව ද පොලිසිය පැවසීය.

මත්කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවත්, ඝාතනයට ලක්වූ අයගේ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

පුද්ගලයා එල්ලීමට යොදා ගත් බව කියන කඹයක් ද, පහරදීම සඳහා යොදා ගත් බව කියන පොලු කිහිපයක් ද සිද්ධිය වූ ස්ථානයේ තිබී හමුව ඇති බව ද පොලිසිය පැවසීය.

මාවනැල්ල, දෙල්ගහගොඩ ලිපිනයේ පදිංචි සිටි 27 හැවිරිදි තරුණයකු වූ අබ්දුල් නසාර් අහමඩ් හිලාල් (27) යන අය යතුරුපැදියෙන් 10 වැනිදා රාත්‍රි නිවසින් බැහැරැට ගිය අවස්ථාවේ

මාරවේ පාලම අසල දී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන දෑස් වසා රන්දිවල හීන්නවත්ත ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එල්ලා පොලුවලින් පහර දී බරපතළ තුවාල ලබා සිටිය දී 11 වැනිදා රාත්‍රි සිය නිවස අසලට ගෙනවිත් දමා ඇත.

බරපතළ තත්වයේ පසු බැවින් 12 වැනිදා අලුයම මාවනැල්ල රෝහල වෙත ඔහු ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහලටත් එහිදී තත්ත්වය අසාධ්‍ය වූ බැවින් මහනුවර ජාතික රෝහල වෙතටත් මාරු කර යැවීමෙන් අනතුරුව 18 වැනිදා රාත්‍රී මරණයට පත්ව ඇති බව ද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී අනාවරණය කරගත් තොරතුරු මත පැහැරගෙන ගොස් එල්ලා පොලුවලින් පහර දීම සිදුකළ නිවසෙහි ස්ථානිය පරීක්ෂණය සිදුකිරීමට මාවනැල්ල වැඩබලන මහෙස්ත්‍රාත් යූ. ඩබ්ලිව්. රූපසිංහ මහතා 23 දා උදෑසන පැමිණ තිබිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පුද්ගල ඝාතනය සම්බධයෙන් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමකට නියමිතව තිබිණි.

මාවනැල්ල පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ

මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන ප්‍රේමරත්න, කරුණාරත්න, කුරුවිට, පොලිස් සැරයන්වරුන් වන (571) වීරසිංහ, (28039) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (48829) ප්‍රදීප්, (43429) ධර්මසේන, (28562) පුෂ්පකුමාර යන නිලධාරිහු විමර්ශන සිදුකළහ.
අරණායක රෝහණ ජයරත්න

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

බල්තසාර් වැඩට

3 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

3 days ago

සිකුරු කුජගේ නිවසට

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

කොළඹ නගරාධිපති ධුරයට සජබයෙන් රීසා සරූක්

ප්‍රාදේශීය පුවත්

කඩුවෙල අලුත් නගරාධිපති රංජන් ජයලාල්ට පුංචි අකරතැබ්බයක්

ප්‍රාදේශීය පුවත්

කෝවිලේ පොකුණේ බැහැගෙන ෆොටෝ ගන්න ගිය සිසුවියෝ දෙදෙනා මරුට

ප්‍රාදේශීය පුවත්

මත්පෙති ළඟ තබා ගත් 1800ක් පී.එච්.අයි. අත්අඩංගුවට

ප්‍රාදේශීය පුවත්

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube Tiktok