Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පළාත් පාලනය මගින් සජීවීකරණය විය යුතු පළාත් ආර්ථිකය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පළාත් පාලනය මගින් සජීවීකරණය විය යුතු පළාත් ආර්ථිකය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

පළාත් පාලනය මගින් සජීවීකරණය විය යුතු පළාත් ආර්ථිකය

May 23, 2025
91 Views

රී ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ පළාත් පාලනයේ වගකීම පැවරී ඇත්තේ සංඛ්‍යාත්මකව 9 ක්වූ පළාත් සභා හා 342ක්වූ පළාත් පාලන ආයතනයන් වෙතය. පළාත් සභාවල ප්‍රධාන කාර්යයන් වන්නේ ප්‍රාදේශීය සෞඛ්‍ය, අධ්‍යාපනය හා ග්‍රාමීය සංවර්ධනය, සමාජ සුබ සාධනය, සමුපකාර සංවර්ධනය, ඉඩම් සංවර්ධනය හා පළාත් පාලන ආයතන පිළිබඳව සොයා බැලීම වන අතර මේ වන විට පළාත් පාලන ආයතනයන්ගේ වගකීම වන්නේ මහජන සෞඛ්‍ය හා උපයෝගී සේවා සැපයීම හා ග්‍රාමීය මාර්ග සංවර්ධනයයි. පළාතේ ආර්ථික සංවර්ධනය පිළිබඳව පැහැදිලි නිර්වචනයක් හෝ වගකීම් පැවරීමේ ප්‍රතිපාදනයක් අදාළ නීති රීති මගින් සපයා නැත. උදාහරණයක් වශයෙන් ස්වයං පාලනය මගින් හෝ බාහිර පාර්ශවයන්ගේ සම්බන්ධය ඇතිව හෝ ආදායම් උත්පාදනය කිරීමේ හා ආර්ථික කටයුතුවල නියැලීම මගින් වටිනාකම් එකතු කිරීමේ වැඩ පිළිවෙළක් පිළිබඳ පැහැදිලිතාවයක් නැති අතර ඒ නිසාම ව්‍යවස්ථාවන් මගින් බලය බෙදීමක් ගැන සඳහන් වුව ද ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයේ සම්පූර්ණ වගකීම තවමත් පැවරී ඇත්තේ මධ්‍යම රජයටය. නමුත් බලය බෙදීම මෙන්ම පළාත් ආර්ථිකය ගොඩනැංවීමෙන් ජනයාගේ ජීවන රටාව ඉහළ නැංවීමේ වගකීම ද යම් තරමකින් හෝ පළාත් පාලනයට පැවරිය යුතුව ඇත.

අප රටේ පළාත් පාලන ආයතනයන් තවමත් ක්‍රියා කරනු ලබන්නේ ගතානුගතික පරිපාලන රටාවකට හුරු වූ ක්‍රියා පිළිවෙත් අනුවය. ප්‍රාදේශීය මට්ටමෙන් රටට හා ජනතාවට සේවය සැපයීමට ස්ථාපිත විය යුතු මෙම ආයතන දැනට වඩා කළමනාකරණ දෘෂ්ටි කෝණයකින් සංවිධානය විය යුතුය. විශේෂයෙන් සේවා සඳහා යටිතල පහසුකම්, ඉදිරි දැක්මක් සහිතව ප්‍රමුඛතා පදනමක් මත සංවර්ධනය කිරීම හා මෙහයවීමත් ස්වයං උත්පාදන ආදායම් වැඩි කිරීම මගින් සේවා වැඩි දියුණු කිරීමත්, සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ජනතාවට ලබාදීමට කටයුතු කිරීමත්, නූතන ක්‍රම හා විධි අනුසාරයෙන් කළමනාකරණ පද්ධති හා සේවා ක්‍රියා පටිපාටි කාර්යක්ෂම කිරීම තුළින් ඵලදායිකත්වය ඉහළ නැංවීමත් මෙම දෘෂ්ටිකෝණය තුළ ප්‍රතිසංවිධානය කළ යුතුව ඇත. එනම්, වත්කම් කළමනාකරණය, ආදායම් හා වියදම් කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, පද්ධති හා මානව සම්පත් කළමනාකරණය ඒවායේ ස්ථාපිත විය යුතුය.

ව්‍යාපෘති

මෑත කාලීනව පළාත් පාලන ක්‍ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කරනු ලැබූ විදේශ ණය ව්‍යාපෘති බොහොමයක මූලික පරමාර්ථය වූයේ පළාත් පාලන ආයතන සඳහා දෙනු ලබන ණය ආධාරවලට සමගාමීව එම ආයතනවල ප්‍රතිසංවිධාන කටයුතු ද සිදු කළ යුතු වීමය. ණය ආධාර වලින් කරන උප ව්‍යාපෘති හඳුනාගැනීමේදී ඒවා ප්‍රතිසංවිධාන කටයුතු සමඟ ඒකාබද්ධ විය යුතු වීම එහිදී සිදුවිය යුතු නිර්ණායකයක් විය.

අවාසනාවකට උප ව්‍යාපෘතිවල තිබිය යුතු මෙම අන්තර් සබඳතාවය ඒවා ක්‍රියාත්මක කරන්නන් විසින් අමතක කර තිබීම නිසා ප්‍රතිසංවිධාන පරමාර්ථවල සාධනීය බව බොහෝවිට ගිලිහී ගොස් ඇත. විශේෂයෙන් පසුගාමී පළාත් පාලන ආයතනවල ප්‍රතිසංවිධාන නිර්ණායකයන්වූ දියුණු කළ ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම හා ඒ මගින් ආදායම් වැඩි කර ගැනීම අසාර්ථක වීමට මෙය බලපා ඇත. ප්‍රතිලාභ ලබා දී වරිපනම් ආදායම ලබාගැනීමේ දර්ශනය නොසැලකීම එයට හේතුවයි.

සංවිධානාත්මක දුර්වලතා

මධ්‍යම ආණ්ඩුවේ ආයතන හා පළාත් සභා අතර පවතින සම්බන්ධතාවන්ගේ දුර්වලතා ද ප්‍රතිසංවිධාන පරමාර්ථ ඉටු කර ගැනීමේ දී පළාත් පාලන ආයතන මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වී ඇත. ප්‍රාදේශීය සභා පනත් මගින් ලැබී ඇති බලතල අනුව ස්වාධීනව හෝ වෙනත් ආයතන හා සම්බන්ධව හෝ මහජන උපයෝගිතා ජනතාවට ලබාදීම හා එය ලබාදෙන බවට තහවුරු කිරීම ප්‍රාදේශීය සභා සතු කාර්යයක් විය යුතුය. විශේෂයෙන් පිරිසිදු ජල සම්පාදනය පමණක් නොව ආර්ථික කටයුතු සඳහා ද ජල සම්පාදනය ද එහි වගකීමක් බව සැලකිය යුතුව ඇත. අද බොහෝ ප්‍රදේශවල මෙම කාර්යය සඳහා පළාත් පාලන ආයතන සම්බන්ධ නොවන අතර එම ආයතනයන්ට එහි වගකීමක් නොමැති බව වටහා ගෙන ඇත. ප්‍රතිසංවිධානයන් මගින් මෙම වරද නිවැරදි කළ යුත්තකි.

ප්‍රාදේශීය බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගේ උපයෝගී සේවා නිසි ලෙස ඉටු වන්නේ ද යන්න සොයා බැලීමත් කවුරුන් විසින් ඒවා ඉටු කරනු ලැබුවද එහි සේවය නිසි ලෙස ජනතාවට ලැබෙන බව තහවුරු කිරීම හා එසේ නොවන්නේ නම් අදාළ ආයතන හා සම්බන්ධව කටයුතු කිරීම පළාත් පාලන ආයතන සතු වගකීමක් විය යුතුය.

අද ප්‍රාදේශීය සභා පාරවල් බොහොමයක් මධ්‍යම ආණ්ඩු ව්‍යාපෘති මගින් සංවර්ධනය කර ඇති බව නොරහසකි. මේ පිළිබඳ ගැටුම් පැවතුන ද ඒවා නඩත්තු කිරීම පිළිබඳ නිශ්චිත සැලසුම් සභාව සතු විය යුතුය. එමෙන්ම තවමත් බලධාරීන්ගේ ඇස නොගැටුණ නොදියුණු ග්‍රාමීය පාරවල් රාශියක් ඇත. මේවා ලැයිස්තු ගත කර සංවර්ධනයේදී ප්‍රමුඛතාවයක් ලබාදීම කළ යුතුය. ණය ආධාර ඒ සඳහා යොදා ගත හැකිය. ජනතා අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒවාට පිළියම් යෙදීම ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු කිරීම සක්‍රීය කිරීම ප්‍රතිසංවිධාන කටයුත්තකි.

කසළවලට උත්තර

ප්‍රතිසංවිධානයන් තුළ අප ද්‍රව්‍ය කළමනාකරණ සැලසුම් මන්දගාමී වී ඇත්තේ පළාත් මට්ටමින් කුණු බැහැර කිරීමට ඉඩම් නොමැතිවීමයි. එය ප්‍රාදේශීය සභාවන්ටම විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ. මෙම පහසුකම් ඇති කිරීමේ වගකීම පළාත් සභා, ඉඩම් හා පරිසර අමාත්‍යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා වන ජීවී දෙපාර්තමේන්තුව ආදී ආයතනයන්ගේ ද සහයෝගය ඇතිව කළ යුත්තක් වන අතර ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයේදී ප්‍රාදේශීය මට්ටමින් ඒකාබද්ධ වැඩ පිළිවෙළක අවශ්‍යතාවය පවතී.

පිරිසිදු රටක් යන තේමාව යටතේ සංවිධාන වෙමින් පවතින වැඩ පිළිවෙළ නිසා ප්‍රදේශ හා නගර පිරිසිදුව තබාගැනීමේ දී නිල වශයෙන් පළාත් පාලන ආයතනවලට පැවරී ඇති වගකීම ඉවත් නොවිය යුතුය. එම ප්‍රදේශයේ ජනතාවගේ සහභාගිත්වය ඇතිව එය ඉටු කිරීමේ කාර්යභාරය මේ මගින් වඩාත් පළාත් පාලන ආයතනයන්ට පැවරිය යුතු අතර කසළ කළමනාකරණය සේවාවක් මෙන්ම පළාත් පාලන ආයතනවල ආදායම් මාර්ගයක් බවට ද පත් කර ගත යුතුය.

වත්කම් කළමනාකරණය

ප්‍රාදේශීය සභා ස්ථාපිත කරන විට නිසි ලෙස වත්කම් හා වගකීම් හඳුනා ගැනීමක් හෝ අගය කිරීමක් සිදුවී නොමැති බව පැහැදිලි කරුණකි. ප්‍රමිත ගත ශේෂ පත්‍රයක් ඒවා ආරම්භයේදී දක්නට නැත. සමහර ප්‍රාදේශීය සභා තමන්ට අයිති වත්කම් සීමා, ධාරිතා හෝ අගයන් තවම දන්නේ නැත. ඒවා දැන ගැනීමට තොරතුරු සොයා යෑම ඔවුන්ට තනිව කළ හැක්කක් ද නොවේ. වර්තමාන ප්‍රතිසංවිධානයන් තුළ කළ යුතු ප්‍රමුඛ කාර්යක් වන්නේ පොදු ප්‍රතිපත්තිමය තීරණයන් මත එක් එක් සභා සතු වත්කම් (ඉඩම් ඇතුළුව) හඳුනා ගැනීම හා අගය කිරීමකට ලක් කිරීමය. එය ප්‍රාදේශීය සභාවටම පවරා තිබීමෙන් ඉක්මන් විසඳුමක් නොලැබෙන අතර මධ්‍යගත වැඩ පිළිවෙළක් මගින් හෝ විශේෂ අවසරයක් මත සේවා ප්‍රසම්පාදන වැඩ පිළිවෙළක් මගින් එය ඉටු කර ගැනීමට කටයුතු කළ හැකිය.

කළමනාකරණ පද්ධති

පළාත් පාලන ආයතනයන් තුළ පවතින ප්‍රධාන අඩු පාඩුවක් වන්නේ නිසි කලට කළමනාකාරිත්ව තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයන්ගේ දුර්වලතාවය හා එවැනි තොරතුරු මත තීරණ ගැනීමේ පුරුද්දක් නොමැතිවීමයි. මෙය බොහෝදුරට යටත්විජිත ක්‍රමෝපායන්ගේ එළඹ සිටින ලංකාව වැනි රටවලට උරුමවී ඇති පාලන රටාව නිසා ඇති වූවකි. එහෙත් අවම වශයෙන් පළාත් පාලන ආයතන ප්‍රාදේශීය මට්ටමේ කළමනාකරණ ඒකක වශයෙන් සලකමින් කළමනාකාරිත්ව මූලිකාංග මත පාලනය ස්ථාපිත කිරීම ප්‍රතිසංවිධානයන්ගේ එක් අරමුණක් විය යුතුය. පළාත් ආර්ථිකය වැඩි දියුණු කරමින් තිරසාර ලෙස එය කළමනාකරණය කිරීමේ උපාය මාර්ග, පද්ධති සැකැස්ම හා මානව සම්පත් පාලනය මේ මගින් ඉටු විය යුතුය.

මූල්‍ය ණය ක්‍රමවේද

බොහෝ පළාත් පාලන ආයතන අය – වැය යොදා ගන්නේ ද ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් වශයෙනි. නමුත් ඒ මත මූල්‍ය පාලනය ස්ථාපිත කිරීම ප්‍රතිසංවිධාන නිර්ණායකයකි. වාර්ෂික අය -වැයට අමතරව මධ්‍යකාලීන අය – වැය පිළියෙල කොට මූල්‍ය සම්පත් හා සංවර්ධන සැලසුම් හැසිරවීමේ පුරුද්ද ඇති කළ යුතුය. ණය මත සංවර්ධනයක් පළාත් පාලන ආයතනවල ඇති කිරීම සඳහා හැකියාවන් බොහෝ පළාත් පාලන ආයතනවල ඇත.

පළාත් පාලන ආයතන සඳහාම වෙන් වූ ණය දෙන ආයතනයක් වන දේශීය ණය හා සංවර්ධන අරමුදලේ (LLDF) සක්‍රිය දායකත්වය ලබාගෙන ණය මත සංවර්ධනය ඇති කළ හැකිය. මේ සඳහා ආභාෂයක් ලබාදීමට ව්‍යපෘතියක් ක්‍රියාත්මක වුවද එම සංකල්පය ඉදිරියට ගෙන යාමක් දක්නට නොලැබේ. ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්වාසය මූල්‍ය පුරෝකථනයන් නොමැතිවීම නිසා බිඳ වැටී ඇත. ණය දෙන ආයතනය ද සංකල්පය හුදකලා කොට ඒ ගැන උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් ආදායම් ජනිත කරන ව්‍යාපෘති, පුද්ගලික අංශයේද සහභාගිත්වය ඇතිව, පළාත් පාලන ක්ෂේත්‍රය තුළ ඇති කිරීමට මෙම ක්‍රමය යොදා ගත හැකිය.

කළමනාකාරිත්වය ස්ථාපිත කිරීමෙන් පසුව අවශ්‍ය පරිදි ඍජු ණය මාර්ග (Cewdit line) මගින් මුදල් සපයා ගැනීමේ කාර්ය ඉටු කර ගැනීම සඳහා දේශීය ණය සංවර්ධන අරමුදල පළාත් පාලන ආයතන සඳහා විශේෂිත වූ මධ්‍ය මට්ටමේ සංවර්ධන බැංකුවක් බවට ප්‍රතිසංවිධානය කිරීම කළ හැකි දෙයක් වේ.

පළාත් සභා හා පළාත් පාලන ආයතන සතු අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගැනීමට වග බලා ගත යුතු අතර ආසන්න ගෙවීමක් නොමැති නම් මධ්‍යම ආණ්ඩුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ගෙන්වාගෙන බැංකු ගත කළ යුතු නැත. වියදම් අය – වැය ගත කිරීම භෞතික සැලසුම් සමඟ සමපාත නොවන විට මෙවැනි අක්‍රමිකතා ඇතිවන අතර අනාගත මුදල් ප්‍රවාහය ඇස්තමේන්තු කරමින් වැඩ සැලසුම් කිරීම හා ණය ආපසු ගෙවීමේ හැකියාව අනුව ණය ලබා ගැනීම හා ණය මත සංවර්ධනය කිරීම කළ හැකිය.

ගතානුගතික පාලනයෙන් මිදීම

අණ පනත්, රෙගුලාසි හා චක්‍රලේඛවලටම සීමා වූ ගතානුගතික පාලන රටාවක් දැනට මෙම ආයතනවල ස්ථාපිත වී ඇති අතර එයින් මිදී කටයුතු කිරීමට නිලධාරින් මැලිකමක් දක්වයි. එහෙත් ඒවාට හානි නොවන පරිදි කළමනාකාරිත්ව මූලිකාංග අනුගමනය කිරීමට ඇති හැකියාව සම්මත චින්තනයෙන් ඔබ්බට ගොස් සිතීම නොකරන්නේ නම් ප්‍රතිසංවිධානයන්ගෙන් අපේක්ෂිත කළමනාකාරිත්වය ඇති කිරීම දුෂ්කරය.

දියුණු කළමනාකරණ උපක්‍රම හා පරිගණක භාවිතයට මේ වන විට පළාත් පාලන අංශය තුළ ඇත්තේ අඩු නැඹුරුවකි. ව්‍යාපෘති මගින් සංවර්ධනයන් කිරීමට ප්‍රයත්න දැරුව ද එයට වඩා සුපුරුදු සම්ප්‍රදායන්ටම ප්‍රමුඛත්වය දෙනු විනා කළමනාකාරිත්ව ඇසකින් ඒ දෙස බැලීමට ඔවුන් සිතන්නේ නැත. මෙයට දශක ගණනාවකට පෙර හඳුන්වා දුන් ආකෘති මත තවමත් පළාත් පාලන මූල්‍ය වාර්තාකරණය සිදුවේ. ප්‍රමිත හා මනා පරිචයන්ට අනුව ඒ තුළ වෙනස්කම් කිරීමට දැන් කාලය එළඹ ඇත

ප්‍රමිති හා ක්‍රම හා විධි හඳුන්වා දීම හා පුහුණුව ලබාදීම ව්‍යාපෘති කාර්යයන් විය හැකි වුවද ඒවා බලධාරී කිරීම හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම එයට කළ නො හැකිය. එහෙත් ප්‍රතිසංවිධානයන් තුළ මේ සියල්ල ඉටු විය යුතු කාර්යයන් වේ. පද්ධති පරිගණක ගත කිරීමේදී ද මෙහි ගැටලු පවතී. යල් පැනගිය ක්‍රමවේද හා පද්ධති සඳහා මෘදුකාංග සැකසීම තිරසාර සංවර්ධනයේ නිරර්ථක කටයුත්තකි. ඒ සඳහා අවශ්‍ය, නූතන ප්‍රමිතගත තත්වයන් මත වූ පද්ධති සැකසීම හා ඒවා පිළිගැනීම ප්‍රථමයෙන් සිදු විය යුතු අතර පරිගණක ගත විය යුත්තේ ඒවාය.

සමාජ විගණනය

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවලද, පෞද්ගලික අංශයන්ගේ ද, මහජනතාවගේ ද සහභාගිත්වය ඇතිව සිදු කරනු ලබන සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීමට පළාත් පාලනය තුළ හිතකර වාතාවරණයක් පවතී. පළාත් සංවර්ධන ව්‍යාපෘති සියල්ල සමාජ විගණනයකට ලක් කිරීමට ඉඩදීම හා ඒ මගින් වැරදි නිවැරදි කිරීම සඳහා අභ්‍යන්තර විගණකයන් හරහා පළාත් පාලන ආයතනවල කළමනාකාරිත්වය හා පාලන සභාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඇති කිරීම හා ඒ සඳහා ව්‍යවස්ථාමය ඉඩක් ලබාදීම කළ හැකි දෙයක් වන අතර පළාත් ආර්ථික සංවර්ධනයට ජීවයක් ඒ මගින් ලැබේ.

ප්‍රතිඵල

බලය විමධ්‍යගත කිරීමෙන් දේශපාලනික හා ආර්ථික වශයෙන් නිසි දියුණුවක් ලබා ගන්නා විට ප්‍රාදේශීය සංවර්ධනයේ බර මධ්‍යම රජය වෙතින් ඉවත්ව යා යුතු අතර පළාත් සභා හා පළාත් පාලන ආයතනවල එකමුතු වැඩ සටහනකින් මෙය ඉටු කර ගැනීම කෙරෙහි රජයේ සැලකිල්ල යොමුවිය යුතුය. ඒ සඳහා ව්‍යුහාත්මක වෙනස්කම් සහිතව මානුෂිය හා භෞතික සම්පත් නිසි ලෙස කළමනාකරණය වනාකාරයේ උපක්‍රමශීලි වැඩ පිළිවෙළක් මෙන්ම පළාත් පාලන ආයතනයන්ට ශක්තියක් ලබා දීමක් ද සිදුවිය යුතුය. මධ්‍යගත පරිපාලනය හා නියාමනය දුෂ්කර වන එකතු කිරීමේ අගය මත බදු අය කිරීම වෙනුවට පිරිවැටුම් බදු වැනි විකල්ප ක්‍රමයක් විමධ්‍යගතව හඳුන්වාදීම, ස්වයං ආදායම් උත්පාදන ව්‍යාපෘති පළාත් පාලන අංශය තුළ ඇති කිරීමට අවසර දීම මේ අංශයේ ආදායම් ඉහළ දැමීමේ නව මාර්ග වේ. සමුපකාර සංවර්ධනය, සාමූහික වෙළඳ පොළ හා රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාර සංවර්ධනය පළාත් පාලනය හරහා සක්‍රීය කිරීම හා අනුබල දීම, පළාත් පාලන ආයතන බිම් මට්ටමේ ව්‍යවසායකත්ව හා රාජ්‍ය කළමනාකාරිත්ව ඒකක වශයෙන් වැඩි දියුණු කිරීම සංවර්ධන උපායමාර්ග වේ. මේ මගින් මධ්‍ය ගත අය – වැය බර අඩු කර ගත හැකි අතර ප්‍රාදේශීය වශයෙන් ආර්ථික සංවර්ධනයක් ද ඇති කර ගත හැකිය.

දේශපාලන ප්‍රතිසංවිධානයන් පිළිබඳ පවතින උනන්දුව හා කතිකාවත පළාත් පාලන කළමනාකාරිත්වය දෙස යොමුව නො පැවතීම කාගේත් අවධානයට ලක්විය යුතු කරුණකි.

● ආනන්ද අමරවංශ
(මූල්‍ය හා ආර්ථික විශ්ලේෂක හා වරලත් ගණකාධිකාරී )

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

බුදුදහමේ ව්‍යාප්තිය උදෙසා සේද මාවතේ කාර්යභාරය

අතිරේක විශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

විශේෂාංග

මානව හිමිකම් කොමසාරිස්ගේ චෙම්මනි වන්දනාව

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok