Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආයෙත් රටින් හාල්?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 7 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආයෙත් රටින් හාල්?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ආයෙත් රටින් හාල්?

July 6, 2025
139 Views

අස්වනු නෙළන කාලයට රට සහල් ගේන්නෙ වී මිල අඩු කරන්න

රට තුළ තියෙන්නෙ කෘතිමව නිර්මාණය කළ සහල් හිඟයක්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික සැලසුම් ඒකකය පට්ටපල් බොරු කියන්නෙ

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

බොහෝ පළාත්වල මාස් කන්නයේ අස්වනු නෙළා අවසන් වුණා පමණි. එම ප්‍රදේශවල මේ තවමත් ගෙවෙන්නේ යල කන්නයේ පැලපත ගොයමයි. එහෙමත් නැතිනම් පීදෙන ගොයමයි. එම ගොවීන් සතුව තවමත් අටුකොටුවල අස්වනු පිරී පවතී. තවත් සමහර පළාත්වල යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර ඇත. එහෙව් සමයක කිසිසේත්ම සහල් හිඟයක් ඇතිවීමට ඉඩ කඩක් නැත. නමුත් අද අප කියන්නට යන කතාව ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

රටේ එක් ප්‍රදේශයක මාස් කන්නයේ අස්වනු නෙළා මාස දෙක තුනක් යන මොහොතක තවත් ප්‍රදේශයක යල් කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර ඇති අවස්ථාවක ආණ්ඩුව විසින් පිටරටින් හාල් ගෙන්වන්නට සූදානම් වේ. දැනගන්නට ඇති පරිදි ආණ්ඩුව විසින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කරන්නට මේ වන විටත් සියලු කටයුතු ආරම්භ කොට අවසන්ය. ඒ පෞද්ගලික අංශය හරහා සහල් මෙට්‍රික් ටොන් 35,000ක් සහ රාජ්‍ය අංශය විසින් සහල් මෙට්‍රික් ටොන් 5000ක් වශයෙනි.

පසුගිය මාස් කන්නය ආරම්භ වුණේම රට තුළ දැඩි සහල් මාෆියාවක් නිර්මාණය කරමිනි. වත්මන් ආණ්ඩුව විසින් එම සහල් මාෆියාව පිළිබඳ කීවේ වෙනම කතාවකි. ඒ කලින් ආණ්ඩුව තම වගකීම කොටස නිසි පරිදි ඉටු කර නොතිබීම හේතුවෙන් සහල් මාෆියාවක් ඇතිවූ බවයි. තම ආණ්ඩුවක් එය යටතේ එවැනි මාෆියාවකට කිසිදු ඉඩකඩක් නැති බව පුන පුනා කීවේය. ඒ වෙනුවෙන් ලහි ලහියේම වැඩට බැස්ස මැති ඇමැතිවරු සහ නිලධාරීන් පාළුවට ගිය සහල් ගබඩා නිරීක්ෂණය කළේය. ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේය. රටේ ජනතාව සිතුවේ මෙදා පොටේ නම් සහල් මෝල්කරුවන්ගේ මාෆියාව ඉවරෙටම ඉවර බවයි. එක වී ඇටයක්වත් පෞද්ගලික වී මෝල් කරුවන්ට ලබාගත නොහැකි වේ යැයි ජනතාව සිතූහ.

නමුත් සිදු වූයේ එහෙම පිටින්ම වෙනස් දෙයකි. ආණ්ඩුව විසින් දිගින් දිගටම වී සඳහා සහතික මිලක් ප්‍රකාශයට පත්කිරීම කල් දැමූහ. අවසානයේ ජනතාවට ලැබුණේ රුපියල් 120ක සහතික මිලකි. ඒ වන විටත් පෞද්ගලික වී මෝල් හිමියන් විසින් රුපියල් 140-150ට වී මිලදී ගනිමින් තිබිණි. ජනතාව බලාපොරොත්තු වුණේ ඊට සමාන මුදලකි. වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත්කිරීමත් සමග ජනතා බලාපොරොත්තු බිඳ වැටිණි.

මේ නිසා ජනතාව කළේ රජයට වී ලබාදීම ප්‍රතික්ෂේප කිරීමයි. ආණ්ඩුව ලහි ලහියේ වී ගබඩා සුද්ද පවිත්‍ර කොට වී මිලදී ගැනීමට සූදානම් වුණත් මුළු රටෙන්ම වී අලෙවී මණ්ඩලයට ලබාගත හැකි වූයේ වී මෙට්‍රික් ටොන් 5.6ක් තරම් සොච්චමකි. එහෙව් තත්ත්වයක් මත සුපුරුදු පරිදි මෙවරත් පෞද්ගලික වී මෝල් හිමියන් සිය සටන ජයග්‍රහණය කළේය. හිටපු ඇමැතිවරයකු වන බන්දුල ගුණවර්ධන කියන විදිහට ආණ්ඩුව සහ ජනතාව මෙදා පොටේත් කුල්ල කුජීත වෙන්නම පැරදී ඇත. පෞද්ගලික වී මෝල්කරුවන් සහ ව්‍යාපාරිකයන් ඉදිරියේ ආණ්ඩුව දණගසා අවසන්ය. පෞද්ගලික වී මෝල් හිමියන් මට්ටු කරන්නට ආපු ආණ්ඩුව මට්ටු වී ඇත.

කීරි සම්බා හිඟයක්

අද වනවිට රට තුළ දැඩි කීරි සම්බා හිඟයක් පවතී. මේ බව කියන්නේ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්‍ෂිතතා කමිටුව විසිනි. කීරි සම්බා සම්බා සහල් රට තුළ ප්‍රමාණවත්ව නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්‍ෂිතතා කමිටුවට නිර්දේශ කොට ඇත්තේ රට තුළ ප්‍රමාණවත් තරම් කීරි සම්බා සහල් නොමැති බැවින් වහාම සහල් ආනයනයට පියවර ගන්නා ලෙසයි.

මෙම අසාමාන්‍ය සහල් හිඟය මවාපාන්නේ වෙන කවුරුන්වත් නොව මහා පරිමාණ වී මෝල් හිමියන්ය. අස්වනු කපා දෙමසක් යන්නටත් මත්තෙන් සහල් හිඟයක් කෙසේවත් ඇතිවිය නොහැක. ඒ මාෆියාවට මේ ආණ්ඩුවත් යටවී අවසන්ය. කෙසේ වෙතත් වගකිවයුතු ආණ්ඩුවකට ජනතාව බඩගින්නේ තැබිය නොහැක. ඒ බව කියන්නේ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහය.

ඇමැතිවරයාගේ කතාව ඇත්තය. රටේ ජනතාවට හඳෙන් හෝ හාල් ගෙනත් දිය යුතුය. ඒ අනුව ආණ්ඩුව විසින් කීරි සම්බාවලට ආදේශක සහල් වර්ගයක් ආනයනය කිරීමට පසුගිය මස 25 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී තීරණය කර තිබේ. රටේ ජනතාව බඩගින්නේ නොතැබීම මෙන්ම මහා පරිමාණ මෝල්කරුවන් මට්ටු කිරීමට ඇති හොඳම ක්‍රමය සහල් ආනයනය කිරීම නම් සහල් ආනයනය කළාට කම් නැත. නමුත් ගැටලුව ඇත්තේ එතැන නොව මේ ආණ්ඩුවත් කලින් පැවති ආණ්ඩු මෙන්ම සහල් ආනයනය කරන්නේ අස්වනු නෙළන කාලයට වීමය.

ආණ්ඩුව අන්තිමට කළ යුතු දේ මුලින්ම කර ඇත. මහා පරිමාණ සහල් මෝල් හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සහ ගොවීන් සතුව කොපමණ සහල් ප්‍රමාණයක් පවතීදැයි පළමුව සෙවිය යුතුය. සහල් සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුය. සහල් මාෆියාව නැත්තටම නැතිකළ යුතුය. ඔවුන් සතු සහල් තොග එළියට ගැනීමට අප දන්නා විදිහට ආණ්ඩුව සතුව නිවැරදි සංඛ්‍යා ලේඛන නැත. නිලධාරීන් විසින් කලින් ආණ්ඩු මෙන්ම මේ ආණ්ඩුවත් නොමග යවන බව නම් කිව යුතුමය.

යල කන්නයේ අස්වනු නෙළමින් පවතින පවතින අවස්ථාවක පිටරටින් සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් ගොවීන් මෙන්ම ගොවි සංවිධාන තුළ එතරම් ප්‍රසාදයක් නැත. මේ සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අපට කීවේ මෙවැනි කතාවකි.

“ආණ්ඩුව මේ පිටරටින් සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වන්නෙ අස්වනු නෙළන්න කිට්ටුව. තවමත් ගිය මාස් කන්නයේ කීරි සම්බාත් රට තුළ තිබෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ළඟ. කීරි සම්බා හිඟයක් පැවතුණා සහ තොග මිල ඉහළ දැම්මා කියල ඒකට විසඳුම සහල් පිටරටින් ගේන එක නෙවෙයි. කිසිසේත්ම සහල් ආනයනය අපි අනුමත කරන්නේ නැහැ. මොකද මේ වෙලාවෙ සහල් ආනයනය කරනව කියන්නෙ ඒක දැඩි බලපෑමක් වෙනව වී මිලදී ගැනීමට. ඉදිරි සති දෙක තුළ රටේ විවිධ පළාත්වල වී අස්වනු නෙළන්න පටන් ගැනීමත් සමග වී මිල විශාල වශයෙන් පහත වැටෙන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ගොවියගෙ වී ටික මිලදී ගන්නෙ තුට්ටු දෙකට.

අනෙක් කාරණය තමයි කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට මේක විශාල වශයෙන් බලපෑමක් එල්ල කරනවා. රුපියල් කෝටි ගණන් ණයවෙලා අමාරුවෙන් පවත්වාගෙන යන ව්‍යාපාරවලට රටින් සහල් ගෙන්වීම නිසා එම ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා.”

සැබෑ ලෙසම රට තුළ කීරි සම්බා හිඟයක් පවතින්නේදැයි අනුරාධ තෙන්නකෝන් මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු කීවේ කීරි සම්බා හිඟයක් නැති බවයි. ඒ පිළිබඳ ඔහු දුන්නේ වෙනස්ම ආකාරයේ පිළිතුරකි.

කෘතිම සහල් හිඟය

“ඇත්තටම මේ වෙනකොට කීරි සම්බා හිඟයක් නැහැ. තියෙන්නf කෘතිමව නිර්මාණය කරපු දෙයක්. 2024 මාස් කන්නයේ මහා පරිමාණ වීමෝල් හිමියන් වී මිලදී ගත්තෙ රුපියල් 140-145 ට වගේ මිල ගණන්වලට. එයාලට වුවමනාවක් තිබුණා 2024 දෙසැම්බර් 09 රජය විසින් නිකුත් කරපු ගැසට්ටුව ඉවත්කර මිල වැඩිකර ගැනීමට. ඒ නිසා තමයි සැපයුම අඩුකර කෘතිම සහල් හිඟයක් නිර්මාණය කර තිබෙන්නෙ.

මේ ආණ්ඩුව හිතන්නෙ රටින් සහල් ගෙනාවම සියලු ප්‍රශ්න ඉවරයි කියල. සහල් ආනයනය මේකට විසඳුම නෙවෙයි. ආණ්ඩුව කරන්න ඕන රට තුළ කොපමණ කීරි සම්බා සහල් ප්‍රමාණයක් තියෙනවද කියන එක ගණනය කිරීමයි. ආණ්ඩුවට එහෙම නිවැරදි දත්ත නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමාජ ආර්ථික සැලසුම් ඒකකය පට්ටපල් බොරු කියන්නෙ. අපි දන්න විදිහට පසුගිය කන්නෙ ආණ්ඩුව මිලදී ගත්තෙ වී කිලෝ 56000යි. ඒ ප්‍රමාණය එක දවසකටත් මදි. එක දවසකට පරිභෝජනයට වී කිලෝ 60000ක් ඕන.”

ආණ්ඩුව යල කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වන්නෙත් පසුගිය කන්නයේ වී මිලදී ගත් මිලටමය. ආණ්ඩුව කියන්නේ ගොවියා මෙන්ම පාරිභෝගික ජනතාවද ආරක්‍ෂා කළ යුතු නිසා මෙම මිල පවත්වාගෙන යෑමට තීරණය කළ බවයි. නමුත් ජාතික ගොවිජන එකමුතුව කියන්නේ මෙම මිල ප්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා සාධාරණ හේතු පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පවසයි.

“ගිය කන්නයේ වී මිලදීගත් මිලටම මේ කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වෙන්නෙ. ඒක කිසිසේත්ම සාධාරණ නැහැ. මොකද 2024-2025 මාස් කන්නයේ තිබුණු මිලට වඩා වැඩි මිලට තමයි ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සිද්ද වුණේ. ඒ වගේම හැම දේකම මිල කලින්ට වඩා වැඩියි. ඔක්කොටම වඩා අස්වනු නෙළන අවස්ථාවෙ තෙල් මිල ඉහළ දැම්මා. ඒකෙන් වෙන්නෙ අස්වනු නෙළන යන්ත්‍රවල කුලිය වැඩිවෙන එක. ඒ වගේම ප්‍රවාහන වියදම් වැඩිවෙනව. ඒවත් එක්ක ආණ්ඩුව මේ දාල තියෙන මිල ප්‍රායෝගික නැහැ.”

අස්වනු නෙළන කාලයට සහල් ආනයනය කිරීම පසුගිය කාලය පුරාම හැම ආණ්ඩුවක්ම කළේය. ඒ තම හිත මිතුරු වී මුදලාලිලාට අඩු මිලට වී මිලදී ගැනීමට අවැසි පසුබිම සකස් කිරීම වෙනුවෙනි. ඒ හරහා වී මුදලාලිලා තුට්ටු දෙකට ගොවීන්ගේ වී ටික කොල්ල කති. මේ ආණ්ඩුව යටතේත් එම කාර්යය ඒ අයුරින්ම කිසුදු අඩුපාඩුවකින් තොරව ඉෂ්ඨ සිද්ද වේ. ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ කලින් පැවති දේවල් ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට නොවේ.

එසේම හැම කන්නයකම ගොවීන් සහ ගොවි සංවිධාන සාධාරණ මුදලක් ඉල්ලා හඬ නගති. පාරිභෝගික ජනතාව අඩු මිලට සහල් පරිභෝජනය කිරීමට හැකි වෙතැයි අපේක්‍ෂා කරති. නමුත් මේ එක ප්‍රශ්නයකටවත් ස්ථිරසාර විසඳුමක් ලබාදීමට එතෙක් මෙතෙක් පැවති කිසිම රජයක් සමත් වී නොමැති බව අකැමැත්තෙන් වුවත් සටහන් කළ යුතුමය.

සමීර කන්නන්ගර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025
Related News
විශේෂාංග

කොළඹ නැව් තටාකාංගනය ටෝකියෝවෙන් දිල්ලියට පාවෙයි

විශේෂාංග

අමරණීය ජෝති

අතිරේක විශේෂාංග

ප්‍රජනන පද්ධතිය සහ පියයුරු ආශ්‍රිත පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකිද?

අතිරේක විශේෂාංග

විදර්ශනා සංවාද භාවනාව: අන්තර් – පුද්ගල දහම් පුහුණු පිළිවෙත්වල වැදගත්කම

අතිරේක විශේෂාංග

සුළු රෝගයක් ලෙස නොසලකා හරින සැලකිල්ලක් දැක්විය යුතු අම්ලපිත්ත රෝගය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok