රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින් කල්තියාම හඳුනාගැනීමෙන් මෙම රෝග තත්වයෙදී සම්පූර්ණ සුවය ලැබිය හැක.
ප්‍රජනන පද්ධතියේ පිළිකා කල්තියා හඳුනා ගන්නේ කෙසේද?

- ගැබ්ගෙල පිළිකා
ගැබ්ගෙල පැප් පරීක්ෂාව මගින්, ගැබ්ගෙල පිළිකාවක් සෑදීමට තිබෙන ප්‍රවණතාවය කලින්ම හඳුනාගත හැක. මෙය සාමාන්‍යයෙන් වයස අවු. 35 සිට 55 දක්වා අවු. 3කට වරක් කිරීම සඳහා සැලසුම් කර ඇත.

ගැබ්ගෙල පිළිකාවක රෝග ලක්ෂණ කවරේද?
රුධිරය මිශ්‍ර හෝ රහිත දුඟදක් සහිත ශ්‍රාවයක් පිටවීම.
සංසර්ගයෙන් පසු රුධිරය වහනය වීම.
ඔසප් චක්‍ර අතර වරින් වර රුධිරය වහනය වීම.
- ගර්භාස පිළිකා
ගර්භාෂයේ පිළිකාවක රෝග ලක්ෂණ කවරේද?
ඔසප් චක්‍රයේ අක්‍රමිකතා.
යෝනි මාර්ගයෙන් සැරව වැනි ශ්‍රාවයක් පිටවීම.
ආර්තවහරණයෙන් පසුව රුධිර වහනයක් ඇතිවීම.
- ඩිම්බ කෝෂවල පිළිකා
ප්‍රජනන පද්ධතියේ පිළිකා අතරින් හඳුනා ගැනීම අපහසුම අර්බුදය මෙයයි. එනමුත් පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
උදරයේ පිපුම සහ අපහසුතාව.
උදරයේ ඇතිවන අසාමාන්‍ය වේදනාව.
යටි බඩේ වේදනාව සහ බර ගතිය.
දෙපා ඉදිමුම.
ඔසප් චක්‍රයේ අක්‍රමිකතා.
- යෝනිය දෙපස පිළිකා
යෝනිය දෙපස (විටපයේ) පිළිකා හඳුනා ගන්නේ කෙසේද?
සුව නොවන තුවාලයක් තිබීම.
අසාමාන්‍ය ලෙස කැසීම.
යෝනි පෙදෙසේ සම අවපැහැ (සුදු වීම) වීම.
- පියයුරු පිළිකා
අවුරුදු 5ක වරක්වත් පියයුරු පිළිකා පරීක්ෂණය (මැමෝග්‍රම් පරීක්ෂණය) කිරීමෙන් කල්තියාම හඳුනාගත හැක.
පියයුරු පිළිකා සම්බන්ධයෙන් පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් අවම වශයෙන් අවු.2කට වරක්වත් මෙය කළ යුතු වේ.
මසකට වරක් වත් ස්වයං පියයුරු පරීක්ෂාව කළ යුතුය.
පහත සඳහන් ලක්ෂණ ඇතිවිටකදී වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.
පියයුරු වල ගැටයක් හෝ ගෙඩියක් හෝ හසුවීම.
තනපුඩුවලින් රුධිර මිශ්‍ර ශ්‍රාවයක් පිටවීම.
තනපුඩු ආශ්‍රිතව කසන දදයක් ඇතිවීම.
තනපුඩුවක් ඇතුළට ඇදී තිබීම.
ඉහත රෝග ලක්ෂණ ඔබට ඇතිනම් පමානොවී වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
ශ්‍රී ආර්තවහරණ සංගමය ප්‍රකාශිත වෛද්‍ය චම්පා නෙල්සන්, වෛද්‍ය ශිරෝමලි දිසානායක ලියන ලද ආර්තවහරණය සහ මිහිරි මැදිවිය ග්‍රන්ථයේ අනුග්‍රහයෙනි. විශේෂ ස්තුතිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය පියුෂා අතපත්තු මහත්මියට.
සටහන සුජාතා ජයරත්න