Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මම ෆැන්ටසියක ජීවත් වෙන්නෙ නැහැ – ජනිත් වික්‍රමගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මම ෆැන්ටසියක ජීවත් වෙන්නෙ නැහැ – ජනිත් වික්‍රමගේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

මම ෆැන්ටසියක ජීවත් වෙන්නෙ නැහැ – ජනිත් වික්‍රමගේ

July 6, 2025
102 Views

චිත්‍රපට පහක් නොකර ඉන්නෙ පිස්සු තියෙන කෙනෙක් තමයි
ඒ වීඩියෝ එක බලපු අය ඔහොම කියන්නෙ නැහැ
හොඳ නම තියාගෙන මැරිල යන එකයි ජීවිතය

පසුගිය කාලයේ වැඩි සද්දබද්දයක් නැතිව හිටපු ජනිත් වික්‍රමගේ ළඟදීම රිදී තිරයෙන් දකින්න ලැබෙනව. ඒ දිනේෂ් මුතුගල නිෂ්පාදනයෙන් දායක වුණ, මහේෂ් මුණසිංහ අධ්‍යක්‍ෂණය කළ ‘සූර්යා’ සිනමා නිර්මාණයෙන්. කාලෙකට පසසෙ එන මේ අලුත්ම වැඩේ ගැන කතාකරන්න මීවිත අපි ජනිත්ව මුණගැසුණා.

ජනිත්, මොකද වෙන්නෙ මේ දවස්වල?

මේ දවස්වල ගොඩක් වැඩ තියෙනව. මොකද ෆිල්ම් එකක් කියන්නෙ වැඩ ගොඩක් කරන්න තියෙන දෙයක්. ඒක නිසා කණ්ඩායමක් විදිහට අවසාන අදියරේ වැඩටිකට උපරිම මහන්සි වෙනව.

‘සූර්යා’ වෙනුවෙන් ජනිත්ට මොන වගේ මහන්සියක්ද වුණේ?

මම අවසානයට කළ ගේම් චිත්‍රපටයෙන් පස්සෙ ආපු චිත්‍රපට පහක් රිජෙක්ට් කළා. මොකද මගේ මතය වුණේ නැවත දෙයක් කරනව නම් ඊට වඩා ස්ටාර් පවර් එක වැඩිවෙන, නළුවෙක් හැටියට මට මහන්සි වෙන්න තියෙන සහ ක්‍ෂේත්‍රයට යම් දෙයක් වෙන නිර්මාණයකට දායක වෙන්න ඕන කියල. චිත්‍රපට පහක් නොකර ඉන්නෙ ඉතිං පිස්සු තියෙන කෙනෙක්ම තමයි. නමුත් අවසානයේ මම හොයපු දේ හම්බ වුණා.

නළුවෙක් චිත්‍රපට පහක් අතහරිනව. අපරාධයක් කියල හිතුනෙ නැද්ද?

කොවිඩ් කාලෙ සල්ලිත් නැතිව ඉන්නකොට එහෙම හිතිල තියෙනව. මොකද අනිත් අය සල්ලිවලට හැමදේම කරද්දි මම විතරක් එහෙම නොකර අමුතු සත්වයෙක් වගේ වෙන්නෙ ඇයි කියන දේ හැමවෙලාවෙම හිතුන දෙයක්. හැබැයි මම විශ්වාස කරනව සමහර දේවල් අපි අවංකවම කළොත් අපි නොහිතන විදිහට සොබාදහමෙන් අපිට උදව් කරනව කියන දේ. ඒ විශ්වාසය අනුව මට දැවැන්ත නිර්මාණ දෙකක පිටපත් ලැබුණා. එයින් එකක් රඟපාන්න තිබුණෙ ජැක්සන් ඇන්තනී මහත්මයාත් එක්ක. ඒකෙ වැඩකටයුතු කතාබහකරගෙන අවසන් අදියරේ තිබුණෙ. අනෙක් පිටපත වුණේ සූර්යා. අවසානයේ ජැක්සන් ඇන්තනී මහත්මයාගෙ හදිසි වියෝවත් එක්ක සූර්යා ඉදිරියට එනව. අපි චිත්‍රපටයක් සල්ලි කරනවට වඩා අවසානයේ මිනිස්සුන්ට හදවතේ තෙතමනයක් තියෙන චිත්‍රපටයක් කරන එක තමයි කලාකරුවකුගෙන් බලාපොරොත්තු වෙන්න ඕන. මම හැමදාමත් මිනිස්සුන්ගෙන් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් සහ මම කරන දේ බොහොම ආසාවෙන් කරන මනුස්සයෙක්. ඉතිං මම මිනිස්සු වෙනුවෙන් ලස්සන වැඩක් කළා කියන සතුට මට තියෙනව.

සූර්යා සමාජයට දෙන පණිවිඩය ගැන කතා කළොත්?

බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි සෝෂල් මීඩියා කියන්නෙ නරක දෙයක් කියන එක. මම නම් කියන්නෙ අපි යම් ක්‍ෂේත්‍රයක් භාවිත කරන විදිහෙන් තමයි ඒක කළුද සුදුද කියල තීරණය වෙන්නෙ. ඕනෑම ක්‍ෂේත්‍රයක කළු මිනිස්සු වගේම සුදු මිනිස්සුත් ඉන්නව. අපි හැම වෙලාවෙම උත්තේජනය ඕන කරන්න පුළුවන් හොඳ දේ ගැන. සෝෂල් මීඩියා කියන්නෙත් ඒ වගේම ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලැට්ෆෝම් එකක්. ඒක අපි එහෙම කළ යුතුයි කියන එක තමයි සූර්යා චිත්‍රපටයෙන් උත්තේජනය කරන්නෙ සහ ඒ අදහස තමයි සමාජයට දෙන්නෙ. දැනටත් මේ සෝෂල් මීඩියා තුළ නන්නත්තාර වෙච්ච පිරිසක් ඉන්නවනම් සහ අපිට විතරයි ප්‍රශ්න තියෙන්නෙ, කවදාවත් නැගිටින්න බැහැ කියල හිතාගෙන ඉන්න පිරිසට ඉතාමත් හොඳ මෝටිවේෂන් එකක් දෙන චිත්‍රපටයක් විදිහට තමයි මම ‘සූර්යා’ චිත්‍රපටය දකින්නෙ.

මහේෂ් මුණසිංහගෙ දෙවැනි නිර්මාණයේත් රඟපාන්න ඔබට අවස්ථාව ලැබෙනව?

ඇත්තටම ඒක විශේෂ අවස්ථාවක්. මොකද මම ‘රෂ්’ චිත්‍රපටයේ ඉන්නෙ තුන්වැනි චරිතය වගේ. ඒකෙ විශේෂත්වය වෙන්නෙ ඕඩියන්ස් එක හිනා වුණ එක සහ කොයිතරම් දුරට ප්‍රේක්‍ෂකාගාරය අල්ලන් හිටියාද කියන කාරණා මත තමයි සුරංග ද අල්විස් මහත්මයා මාව ගේම් චිත්‍රපටයට පාස් කරන්නෙ. ගේම් චිත්‍රපටය කළාට පස්සෙ ඒකෙ තිබුණ ආලෝකය සහ ඒ ස්ටාර් කොලිටි එක්ක මහේෂ් අයියට උත්තේජනයක් වෙන්න ඇති නැවතත් මාව සූර්යා චිත්‍රපටයට පාස් කරන්න. මහේෂ් අයිය කියන්නෙ ඔහුගේ වැඩවල කොලිටි එක ගැන ඉතාමත් සැළකිලිමත් වෙන අධ්‍යක්‍ෂවරයෙක්. මමත් බොහොම ආසාවෙන් ඒකට සම්බන්ධ වුණේ.

නළු නිළියන් සමග ජනිත් ඕනෑතරම් වැඩකරල තියෙනව. නමුත් ගුරුවරයෙක් එක්ක රඟපෑම මොන වගේ අත්දැකීමක්ද?

මෙතැන තියෙන ලස්සනම කාරණාව තමයි මුතුගල සර්ට මුතුගල සර් කියලමයි මම කතාකරන්නෙ. ඔහුත් මගේ වයසෙ වගේ නිසා ඒ ගැන දෙතුන් දෙනෙක් මගෙන් ඇහුව ඇයි එහෙම කතාකරන්නෙ කියල. නමුත් මුතුගල සර් කියන්නෙ හරි ආදරණීය චරිතයක්. ඒක ඔහුගෙන් ඉගෙන ගන්න ළමයින්ට විතරක් නෙමෙයි, ඔහුගෙ වීඩියෝ මගින් සමාජයට දෙන පණිවිඩ හරහා රට පුරාම ආදරණීය චරිතයක් බවට පත්වෙලා. එයා සෙට් එකට ආවට පස්සෙ දිනේෂ් මුතුගල කියල කොච්චර බැබලෙන්න පුළුවන් වුණත් නළුවෙක් විදිහට එයා දන්න කාරණා මගෙත් එක්ක කතාකරමින් මෙහෙම කළොත් හොඳයි නේද කියල අහමින් තමයි වැඩකළේ. ඒ නිහතමානීකම තමයි ඔහුව ඉදිරියට ගෙනිහින් තියෙන්නෙ. මුතුගල සර් කියන්නෙ වේදිකාවේ වැඩකරපු රංගන ශිල්පියෙක්. පස්සෙ කාලෙක තමයි ගුරුවෘත්තියට ගිහින් තියෙන්නෙ. දැන් නැවතත් ඔහුගේ හීනය සැබෑකරගන්න මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කරනව. මේ චිත්‍රපටයේ ලස්සන දෙබස් ටිකක් තියෙනව. මම හිතනව ඒක මුතුගල සර්ගෙ කටින්ම කියන එක ප්‍රේක්‍ෂකයන්ට හරි විශ්වාසයි කියන එක.

අධ්‍යක්‍ෂවරයා මොකද කිව්වෙ?

මහේෂ් අයිය හැම වෙලාවෙම කිව්වෙ මේ චිත්‍රපටය සල්ලිකාරයෙක් කරනවට වඩා මේ චිත්‍රපටයේ අදහස කියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන කියල. ඒ කියන්නෙ සල්ලි වියදම් කළාට විතරක් මදි, සමාජයේ මේ වගේ ප්‍රතිරූපයක් තියෙන කෙනෙක්ම තමයි මේ කොන්ටෙන්ට් එක ගැන කතාකරන්න ඕන කියන එක.

දැන් නිවේදන කටයුතුවලින් ඈත් වෙලාද?

නැහැ, ඉවෙන්ට්ස් ටික මම කරගෙන යනව. නැවත චැනල් එකකට නම් සම්බන්ධ වුණේ නැහැ.

ටෙලි නාට්‍යය?

අවසානයට මම සම්බන්ධ වුණේ නීල පබළු ටෙලි නාට්‍යයට. ඒ මීට අවුරුදු දෙකකට විතර කලින්. මෑතක නම් ටෙලි නාට්‍යය කළේ නැහැ. කරන්න අදහසකුත් නැහැ. හොඳම එකක් ලැබුණොත් සලකා බලනව. ඒකට ඇත්තම හේතුව අපි හරියටම චිත්‍රපටයක් කරනව නම් වෙන දේකට ඔළුව යොමු කරන්න කාලය මදි කියලයි මම විශ්වාස කරන්නෙ. මම හරි ආසයි වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න. නමුත් කාලවේලාවේ ගැටලු නිසා ඒක කරන්න වෙන්නෙ නැහැ.

ජනිත් ජීවිතය දකින්නෙ කොහොමද?

අපි හැමෝම මහ කාලයක් ජීවත්වෙන මිනිස්සු නෙමෙයිනෙ. මම ෆැන්ටසියක ජීවත් වෙන්නෙ නැහැ. උපතේ සිට විපත දක්වා බොහොම පොඩි පොඩි දේවල් ටිකක් තමයි කරන්නෙ අපේ සන්තෝසය වෙනුවෙන් සහ මිනිස්සුන්ගෙ සන්තෝසය වෙනුවෙන්. හොඳ දෙයක් කරල, හොඳ නම තියාගෙන මැරිල යන එක තමයි ජීවිතේ කියල මම විශ්වාස කරන්නෙ. හිතට අවංකව කරල තියෙන දේවල් ගැන, ඒ මහන්සියට මාධ්‍ය හිතවතුන්ගෙන් සහ ප්‍රේක්‍ෂකාගාරයෙන් ලැබෙන ආදරය බොහොම ඉහළින්ම විඳින කෙනෙක් මම.

මේ අතර ජනිත් ආදර කතාවක් පටන්ගත්තා කියල කතාවකුත් යනව?

ඒ වීඩියෝ එක හරියට බලපු අයනම් ඔහොම කියන්නෙ නැහැ. ඒක කතන්දරේ හරියටම තියෙනව. චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් තමයි සුධීක්‍ෂායි මමයි ඒ වීඩියෝ එක කළේ.

කෝල් කරල කවුරුත් මේ ගැන ඇහුවෙ නැද්ද?

කවුරු හරි මට කෝල් කළාට මගේ ළඟ නම්බර් එක තියෙනවනම් විතරයි මම ආන්සර් කරන්නෙ. ඒ නිසා මගෙන් අහගන්න බැරි වුණ දේ අහගන්න සමහර අය ගෙදර අයටයි යාළුවන්ටයි කතාකරල ගොඩක් කරදර කරල තියෙනව තියෙනව.

ඇත්තටම ජනිත් දැන්ම විවාහයක් ගැන හිතන්නෙ නැද්ද?

හිතනව… හිතනව… නමුත් ඉතිං ඒකට හරි වෙලාව එන්නත් ඕනනෙ. ඒක මම ලොකුවට ඔළුවට ගන්නෙත් නැහැ. හැමදේම සාපේක්‍ෂයිනෙ. කසාද බැඳපු අය කියන්නෙ තනියෙන් හිටියනම් හොඳයි කියල. තනියෙන් ඉන්න අය කියනව පාට්නර් කෙනෙක් හිටියනම් හොඳයි කියල. තනිකම කියන දේ නොදැනෙනව නෙමෙයි. ඒක දැනෙනව. හැබැයි කාල බීල තනියම කොට්ටෙ බදන් නිදාගන්නඑකෙත් පොඩි ආතල් එකක් තියෙනව.

ක්‍ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙක් වන අම්මා සහ තාත්තා පුතාව දකින්නෙ කොහොමද?

එයාල හැම වෙලාවෙම මට වැරදි අඩුපාඩු පෙන්නල දුන්නා. අද මම කරන හැමදේම ගැන ඒ දෙන්න නිහතමානීව සන්තෝස වෙනව කියල මම දන්නව.

මල්ලි ලංකාවෙ නැද්ද?

මල්ලි ලංකවේ නැහැ. දැන් එයාට දරුවෙකුත් ඉන්නව. පුතාගෙ නම ගෙවින් වික්‍රමගේ. මල්ලි වගේම හැන්ඩ්සම් කොල්ලෙක්.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප : අනූ ඩී. ලියනගේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
අතිරේක විශේෂාංග

ප්‍රජනන පද්ධතිය සහ පියයුරු ආශ්‍රිත පිළිකා සම්පූර්ණයෙන්ම සුවකළ හැකිද?

අතිරේක විශේෂාංග

විදර්ශනා සංවාද භාවනාව: අන්තර් – පුද්ගල දහම් පුහුණු පිළිවෙත්වල වැදගත්කම

අතිරේක විශේෂාංග

සුළු රෝගයක් ලෙස නොසලකා හරින සැලකිල්ලක් දැක්විය යුතු අම්ලපිත්ත රෝගය

අකුරු දි​ගේ අතිරේක

වේදිකාවේ සහ සිනමාවේ ස්වර්ණමය යුගයක හෙන්රි ජයසේන භූමිකා

අකුරු දි​ගේ අතිරේක

කැමරාව හා පරිකල්පනය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok