ගිනි අවියකුත් මතුවෙයි
පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට ඊයේ (03දා) දහවල් මීගමුව දුන්ගාල්පිටියේදී පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියේ ගමන් කළ එක් අයකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
දුන්ගාල්පිටිය පොලිස් මාර්ග බාධකයේදී එම යතුරුපැදිය නතර කරන ලෙසට පොලිසිය අණකර ඇතත් එම අණ නොතකා යතුරුපැදිය ධාවනය කිරීමේදී පොලිසිය ලුහුබැඳ මෝරවල ප්‍රදේශයේදී වෙඩි තබා යතුරුපැදිය නතර කරගෙන ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුද්ගලයා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ගමන් කළ 44 හැවිරිදි පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව අක්කර 50 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇත්තේ කුමන අරමුණකින් ද යන්න දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති කාංචනා සමරකෝන් මහත්මියගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කරයි.
චමින්ද සිල්වා, ජූඩ් හෙට්ටිආරච්චි – දුන්ගාල්පිටිය