Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට

July 4, 2025
527 Views

ඩුබායි පැන්න කුඩු කල්ලියක වැඩක්

කුලී ඝාතකයන් දෙදෙනකු ඇවිල්ලා

කඳාන නගර මධ්‍යයේ දෙනෝදාහක් බලා සිටියදී හිටපු ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට වෙඩි තබා බරපතළ තුවාල කර ඔහුගේ මස්සිනා ඝාතනය කර ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කඳානේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක් විසින් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ඊයේ (03 වැනිදා) කඳාන නගර මධ්‍යයේ පිහිටි පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිටදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි හිටපු ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම් සමීර මනහර හෙවත් වැලි සමීර සහ ඔහුගේ මස්සිනා වූ උපාලි කුලවර්ධන නමැත්තා පාතාල කුලී ඝාතකයන්ගේ ප්‍රහාරයට ලක් වූහ.

ටී 56 අවියක් රැගෙන යතුරුපැදියකින් පැමිණි කුලී ඝාතකයන් දෙදෙනකු විසින් වැලි සමීර ගමන්ගත් වෙසල් වර්ගයේ ජීප් රථයට හතර පැත්තටම වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.

සිද්ධිය වන අවස්ථාවේ කඳාන නගර මධ්‍යයේදී දෙනෝදාහක් දෙනා බලා සිට ඇති අතර ඔවුහු දැඩි ලෙස භීතියට පත්ව සිටියහ.

වැලි සමීර සහ ඔහුගේ මස්සිනා කඳාන ප්‍රදේශයේ පිහිටි කා වර්ධන මධ්‍යස්ථානයක් වෙත ගොස් ආපසු සිය නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්විය.

ඝාතකයන් කායවර්ධන මධ්‍යස්ථානය ආසන්නයේ සිට ම ජීප් රථය ලුහුබැඳ පැමිණ ඇති අතර කඳාන වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වැලි සමීර සහ ඔහුගේ මස්සිනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මස්සිනා මියගොස් ඇත.

මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ප්‍රහාරය එල්ල කළ කඳානේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කල්ලියක ප්‍රධානින් තිදෙනකු ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට තොරතුරු පොලිසිය වෙත ලැබී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාල කුලී ඝාතකයන් දෙදෙනකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

ප්‍රහාරය එල්ල කර පලාගිය කුලී ඝාතකයන් සොයා කඳාන පොලිසිය පෑලියගොඩ අපරාධ කොට්ඨාසය ඇතුළු පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන පවත්වාගෙන යයි.

ප්‍රහාරයට හේතුව මත්ද්‍රව්‍ය ආරවුලක් ද එසේත් නැත්නම් පෞද්ගලික ආරවුලක් ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

දිවංගත ඇමැති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස වැලි සමීර දීර්ඝ කාලයක් කටයුතු කර ඇත. විවහ වීමෙන් පසු මංගල සමරවීරගේ ලේකම් ධුරයෙන් ඉවත් වූ වැලි සමීර ව්‍යාපාර කීපයක් කරමින් ජීවත් වී තිබේ.

පෝට් සිටියට ගල්, වැලි සැපයීම ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර කීපයක් කරගෙන ගොස් ඇති වැලි සමීරට ඒ සඳහා උදව් උපකාර කර ඇත්තේ එවකට ඇමැතිවරයකුව සිටි මංගල සමරවීර මහතාය.

හේමන්ත රන්දුණු

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක

ප්‍රධාන පුවත්

අයවැයෙන් වෙන්වූ මුදලින් පොලිසියේ පහසුකම් වැඩි කරන්න – මහජන ආරක්ෂක ඇමැතිගෙන් උපදෙස්

ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

ප්‍රධාන පුවත්

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ මිල වැඩි වෙනවා – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok