Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ මිල වැඩි වෙනවා – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ මිල වැඩි වෙනවා – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ මිල වැඩි වෙනවා – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

July 4, 2025
133 Views

රාජපක්‍ෂ සමයේ තාක්‍ෂණික හේතු මත ඉවත්කළ නඩු නැවත කැඳවීම කඩිනම් කරන්න

යහපාලන ආණ්ඩුව සමයේ ගොනුකළ නඩුවල ලිපිගොනු තවමත් නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙන බවත්, ඒවා රාජපක්ෂ පාලන සමයේදී තාක්ෂණික හේතුන් මත ඉවත් කරගනු ලැබූ බැවින් එම නඩු නැවත කැඳවීම කඩිනම් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මහ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද වනවිට රටේ ජනතාවට ජිවත් වීම ඉතා අසීරු වී තිබෙනවා. ඒ වගේම රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන අතරවාරයේ ඉන්ධන මිලත් වැඩි කරන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ වගේම පසුගිය සතියේ තමයි වැඩිම මුදලකින් ඉන්ධන මිල වැඩි කළේ. පෙට්‍රල් රුපියල් 12කින් සහ ඩීසල් රුපියල් 15කින් වැඩි කරන්න රජය කටයුතු කර තිබෙනවා. ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවැඩි වන ආකාරයට මිල සූත්‍රයකට අනුව තමයි ලංකාවේ ඉන්ධන මිල අඩු වැඩි කරන්න පසුගිය ආණ්ඩු කටයුතු කළේ. ඒ වගේම මේ වසරේ ජනවාරි මාසයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 79.27ක්, ඒ වගේම මේ වසරේ අප්‍රේල් මාසයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 68.13 ක්, ඒ වගේම අද වනවිට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 66.36ක් වෙනවා. කෙසේ නමුත් ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ ඉන්ධන මිල වැඩි වෙනවා.

විදුලිබල මණ්ඩලය තුළ සහ විදුලිබල අමාත්‍යාංශය තුළ මහා පරිමාණ දූෂණ වංචා සිදුවන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. ඒ සියලු දූෂණ නැතිකර විදුලි බිලෙන් තුනෙන් එකක් අඩු කරන බව ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළා. කෙසේ නමුත් බලය ලබාගත් ජාතික ජනබලවේගය සියයට 15 කින් විදුලි බිල වැඩි කරන්න කටයුතු කරලා තිබෙනවා. ජලය හිඟ කාලවලදී ඩීසල් විදුලි බලාගාරවලින් සහ පුනර්ජනනීය ක්‍රම හරහා විදුලිය නිෂ්පාදනය කරනවා. කෙසේ නමුත් තාප විදුලිය නිෂ්පාදනය කරන ඉන්ධන මිල ලෝක වෙළඳපොළේ අඩු වී තිබෙනවා.

අකිත පෙරේරා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට

ප්‍රධාන පුවත්

ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක

ප්‍රධාන පුවත්

අයවැයෙන් වෙන්වූ මුදලින් පොලිසියේ පහසුකම් වැඩි කරන්න – මහජන ආරක්ෂක ඇමැතිගෙන් උපදෙස්

ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok