ධීවර සංස්ථාවේ සිදුවී ඇතැයි කියන මහ පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඊයේ (02දා) අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටීමට නොහැකි බව කියමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා එම කොමිසමට දැනුම්දීමක් කර ඇත.
රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි සමයේ මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් ධීවර සංස්ථාවේ හිටපු සභාපති මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනීසිටින ලෙස හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට දැනුම් දී තිබිණි.
එහෙත් තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් වෙනත් දිනයකදී අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදීමට ඉදිරිපත් වන බව රාජිත සේනාරත්න මහතා දැනුම් දී ඇත.
හේමන්ත රන්දුණු