Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය

July 3, 2025
198 Views

කොළඹ වරාය නගරය වූ කලී ආරම්භයේ සිටම මෙරට ආර්ථික හා මූල්‍ය අංශවලත් එසේම දේශපාලන ලෝකයේත් බොහෝ කතාබහට ලක් වූ මාතෘකාවකි. ඇතැමුන් ශ්‍රී ලංකාව චීන කොලනියක් වනු ඇති බව ද කියමින් මෙම ව්‍යාපෘතිය බරපතල ලෙස විවේචනය කළ බවද අපට මතකය. සමාජයේ විවිධ කතාබහ ඇති වුවද කොළඹ වරාය නගරය පසුගිය වසර දෙක තුළ සැලකිය යුතු වර්ධනයක් ඇති කරගෙන ඇත. මෙයට හේතුව ආයෝජනය ආකර්ෂණය කිරීමේ වටපිටාවක් ගොඩ නැගීම නිසාය.

කොළඹ වරාය නගරයේ දීර්ඝකාලීන දැක්ම වන්නේ, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට දායක වීම වෙනුවෙන්, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආයතනික සබඳතා, ව්‍යාපාර සහ ආයෝජන සඳහා වන උපායමාර්ග කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමයි. කොළඹ වරාය නගරය යනු දැනට පවතින කොළඹ ව්‍යාපාරික දිස්ත්‍රික්කයේම අමතර කොටසක් ලෙස ගොඩ නැගෙන නගරයකි. මෙය කොළඹ වරායට යාබදව ඉදිකර ඇත. එය හෙක්ටයාර 269 ක ගොඩකළ භූමියක් සහිත, ප්‍රධාන සැලැස්මක් සහිත නගරයක් ලෙස ද සඳහන් කළ හැකිය. කොළඹ වරාය නගරය ශ්‍රී ලංකාවේ ප්‍රථම, විදේශ මුදල් භාවිතා කළ හැකි විශේෂ ආර්ථික කලාපය (Special Economic Zone) වීම ද විශේෂත්වයකි.

මේ වන විට කොළඹ වරාය නගරය පහත සඳහන් උපායමාර්ගික අංශවල වාණිජ ක්‍රියාකාරකම් මෙහෙයවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

● ජාත්‍යන්තර වෙළඳාම සහ වාණිජ්‍යය,

● නාවික අංශයේ සේවා,

● අක්වෙරළ බැංකු සහ මූල්‍ය සේවා,

● ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (BPO)

● සමාගම් මූලස්ථාන මෙහෙයුම්,

● කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථාන,

● සංචාරක ව්‍යාපාරය තුළ ඇති අනෙකුත් අනුබද්ධ සේවා

මෙම විශේෂ ආර්ථික කලාපය සම්පූර්ණ වීමෙන් පසු අවම වශයෙන් සෘජු රැකියා අවස්ථා 143,000 ක් සැපයෙනු ඇති අතර, ඉදිකිරීම් අදියර පුරා රැකියා අවස්ථා 440,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කෙරෙනු ඇතැයි ද අපේක්ෂිතය. ශ්‍රී ලංකා රජයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා සෘජු මූල්‍ය ආයෝජනයක් කර නොමැත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජනය සහ මෙතෙක් සිදු කරන ලද වඩාත්ම ප්‍රමුඛ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියයි. කොළඹ වරාය නගරයේ හෙක්ටයාර 269 ක මුළු භූමි ප්‍රමාණයම ශ්‍රී ලංකා රජය සතු වන අතර, එය ව්‍යාපෘති සමාගම වන කොළඹ චෙක් පෝට් සිටි (CHEC Port City Colombo) සමාගම විසින් සිදු කරන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක (එනම් සියයට 100 ක) සෘජු විදේශ ආයෝජනයකි. මින් සංවර්ධන කටයුතු සඳහා හෙක්ටයාර 178 ක් වෙන් කර ඇත. රටට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ මූලික අරමුණින් මේ ව්‍යාපෘතිය සහ එහි අනෙකුත් හවුල්කරුවන් ක්‍රියා කරනු ලබයි.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සහ ඊට අදාළ ප්‍රධාන රෙගුලාසි ගැන ද යම් පැහැදිලි කිරීමක් කර ගැනීම වැදගත්ය. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ වර්ෂ 2021 දීය. මෙම 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත තුළින්, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ සිදු වන සියලුම ව්‍යාපාරික සහ මෙහෙයුම් කටයුතු සඳහා ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සපයන්නා සහ නියාමන අධිකාරිය ලෙස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම විධිමත් කරන ලදී. මෙම ප්‍රතිපත්ති රාමුව පහත සඳහන් අංශ මෙහෙයවීමට සහාය වනු ලබයි.

1) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීම (Ease of Doing Business)

2) දේශසීමා ආයෝජන පහසුකම් වැඩි දියුණු කිරීම,

3) සෘජු විදේශ ආයෝජන ප්‍රවාහය ප්‍රවර්ධනය කිරීම.

මෙකී පනතට සමගාමීව බොහෝ රෙගුලාසි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නිසි පරිදි සම්මත කර තිබේ. එවැනි රෙගුලාසි කිහිපයක් මෙසේය.

● ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා වන රෙගුලාසි (Businesses of strategic Importance/BS¸) කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ භූමි සංවර්ධන ආයෝජකයින් වෙත අවුරුදු 25 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා බදු සහන ඇතුළු විශේෂ ප්‍රතිලාභ මෙන්ම, සමාගම් ආයෝජකයින්ට ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර (BSI) රෙගුලාසි ක්‍රියාත්මක වූ දිනයේ සිට සුවිශේෂී ප්‍රතිලාභ හිමි වෙනු ඇත.

● තීරු බදු රෙගුලාසි: මෙය කොළඹ වරාය නගර සුපිරි සාප්පු සංකීර්ණය තුළ අනුමත කරන ලද තීරු බදු රහිත ව්‍යාපාරික ක්‍රියාකාරිත්වය නියාමනය කරයි.

● අක්වෙරළ බැංකු රෙගුලාසි: 2025 සැප්තැම්බර් 4 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතර, වාණිජ බැංකුවලට කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය තුළ අක්වෙරළ බැංකු මෙහෙයුම්වල නිරත වීමට හැකියාව ලබා දෙයි.

වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රගතිය

කොළඹ වරාය නගරය වෙත තවදුරටත් ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීම ඉතාමත් අවශ්‍ය දෙයකි. ඒ සඳහා මෙතෙක් ප්‍රගතිය සලකා බැලීම ද වැදගත් වේ. බලධාරීන් පවසන පරිදි කොළඹ වරාය නගරය සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇත. 2025 ජුනි මස අවසන් වන විට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව බලයලත් තැනැත්තන් 129 ක් අනුමත කර ඇති අතර, තවත් සමාගම් 50 කට අධික ප්‍රමාණයක් විශේෂ ආර්ථික කලාප පරිසර පද්ධතියේ කොටසක් වීමට අයදුම්පත් ඉදිරිපත් කර ඇත. මෙම සමාගම් තොරතුරු තාක්ෂණය, මූල්‍ය, වෘත්තීය සේවා, නැව්ගත කිරීම, සැපයුම්, සංචාරක, සෞඛ්‍ය සේවා, දේපළ සංවර්ධනය සහ ගෝලීය හැකියාවන් මධ්‍යස්ථාන ඇතුළු විවිධ අංශ නියෝජනය කරයි. මෙම සමාගම් අතරින්, සමාගම් විසිහතරක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස (BSI) නම් කර ඇත.

මෙම බොහෝ ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූයේ 2023 අගෝස්තු 04 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් හරහා බදු දිරිගැන්වීම් නිසි පරිදි ව්‍යවස්ථාගත කිරීම නිසා බව කොළඹ වරාය නගරය ව්‍යාපෘතියේ ව්‍යාපෘති සමාගම වන කොළඹ චෙක් පෝට් සිටි සමාගම පවසයි. මෙය උපාය මාර්ගික ආරම්භක අදියරක් ලෙස ක්‍රියාත්මක වී, වරාය නගරය හරහා ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුල් ආයෝජන හවුල්කරුවන් ආකර්ෂණය කර ගැනීමට නිර්මාණය කළ, කාල සීමාසහිත ප්‍රතිපත්ති කවුළුවක් තුළ සුදුසුකම් ලත් ආයෝජකයින් සඳහා මූල්‍ය දිරිගැන්වීම් ලබාදීම සඳහා යොදා ගන්නා ලද අභිප්‍රේරකයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් රටේ ක්‍රියාත්මක වෙමින් තිබියදීත්, මේ සඳහා බදු දිරිගැන්වීම් ලබා දීමේ තීරණයට හේතු වූයේ රටේ පවතින සමස්ත ආර්ථික තත්ත්වය, එසේම ඉදිරි අභියෝගාත්මක වාතාවරණය, 2022 ආර්ථික අර්බුදයෙන් පසුව අපේ ආර්ථිකයේ අයිඑම්එෆ් සහාය ඇතිව සිදුවන අඛණ්ඩ යථා තත්ත්වයට පත්වීම සහ වැඩි දියුණු වී ඇති උප ආයෝජන ශ්‍රේණියේ ණය ශ්‍රේණිගත කිරීමයි. අනෙකුත් බලයලත් තැනැත්තන් සඳහා ද ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර තත්ත්වය ලබාදීමට, වරාය නගර ආර්ථික කොමිසම (CPCEC) විසින් මුදල් අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ සහ කැබිනට් මණ්ඩලයේ එකඟතාව තවදුරටත් අවශ්‍ය වනු ඇත.

කොළඹ වරාය නගරයේ සුපිරි සාප්පු සංකීර්ණය වර්ග මීටර් 7,000 ක ඉඩක් සහිතව, ඇමරිකානු ඩොලර් මිලියන 7 ක සෘජු විදේශ ආයෝජනයකින් තීරුබදු රහිතව භාණ්ඩ මිල දී ගැනීමේ පහසුකම් සහිතව නිර්මාණය කර ඇත. මෙය දකුණු ආසියාවේ මෙවැනි ප්‍රථම සුපිරි සාප්පු සංකීර්ණය ද වේ. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ජාත්‍යන්තර මට්ටමේ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙයි. එය කොළඹ වරාය නගරය වෙත ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින විදේශ ආයෝජකයින් දිරිමත් කරන්නකි. කොළඹ වරාය නගර වෙළඳ සංකීර්ණය තුළ ක්‍රියාත්මක වීමට මේ වන විට තීරු බදු රහිත සිල්ලර වෙළඳ ක්‍රියාකරුවන් දෙදෙනකු අනුමත කර සිටී. ඒ චයිනා ඩියුටි ෆ්‍රී (චීනය) සහ වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී (සිංගප්පූරුව) යන ආයතනයි. චයිනා ඩියුටි ෆ්‍රී සහ වන් වර්ල්ඩ් ඩියුටි ෆ්‍රී, ඇමරිකානු ඩොලර් මිලියන 15 කට අධික ඒකාබද්ධ සෘජු විදේශ ආයෝජන සහිත උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස අනුමත කර තිබේ.

කොළඹ වරාය නගරයේ ව්‍යාපාරික මධ්‍යස්ථානය (Port City Business Centre) තවත් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක සෘජු විදේශ ආයෝජනයකි. එය බලයලත් තැනැත්තන්ට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු කිරීමට හැකියාව ලබා දෙයි. තොරතුරු තාක්ෂණය, බැංකු, මූල්‍ය සේවා, වෘත්තීය සේවා, වෙළඳාම, සැපයුම් සහ ලොව පුරා විවිධ කර්මාන්ත වැනි ව්‍යාපාරවල නිරත වීමට ඔවුන්ට හැකි වේ. මෙවැනි ව්‍යාපාර ආකර්ෂණය කර

ගැනීමෙන් ශ්‍රී ලංකාවට උසස් තාක්ෂණික අංග ගෙන එනු ඇත. ඒ හරහා රැකියා අවස්ථා ද නිර්මාණය කරනු ඇත. එසේම කලාපයේ දක්ෂතා සංවර්ධනය පෝෂණය කරනු ඇත. එය කොළඹ වරාය නගරයේ තාක්ෂණික හා ආර්ථික ප්‍රගතියට සැලකිය යුතු දායකත්වයක් ද ලබා දෙනු ඇත. එබැවින් මේ ව්‍යාපාරික මධ්‍යස්ථානය, කොළඹ වරාය නගරය තවදුරටත් සංවර්ධනයට ප්‍රවර්ධනයක් වනු ඇත.

යෝජිත මරීනා පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 121 ක ආයෝජනයක් සහිතව උපාය මාර්ගික වැදගත්කමකින් යුතු ව්‍යාපාර තත්ත්වය

ලබා දී ඇත. එය විවිධ විනෝදාස්වාද, සාප්පු සවාරි සහ නාගරික පහසුකම් ලබා දෙනු ඇති අතරම ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක අත්දැකීම සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය සංචාරක වියදම් වැඩි කිරීමට හේතු වනු ඇත. එය රටේ විදේශ විනිමය ඉපැයීම් තවත් වර්ධනයට හේතුවකි. මේ සුඛෝපභෝගී මරීනා සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2025 ජනවාරි 10 වැනිදාය. එය ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී යාත්‍රාවල ජීවන අත්දැකීමක් ඇති කිරීම සඳහා ස්ථාපිත කෙරේ. වර්ග මීටර් 33776 ක මුළු භූමි ප්‍රමාණයකින් යුත් මරීනා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා සන්සෙට් බාර්, මුහුදු වෙරළ තීරයේ ඇති ආපනශාලා, සිල්ලර වෙළඳසල් සහ විනෝදාස්වාද ස්ථාන ඇතුළු අති නවීන පහසුකම් රැසක් ඇතුළත්ය. එය අමුත්තන් සඳහා සජීවී සහ නවීන පරිසරයක් නිර්මාණය කරනු ඇත. විදේශ පාරිභෝගිකයින් සඳහා සේවය කිරීමට සැලසුම් කර ඇති මෙය මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ යාත්‍රා

200-250 ක් සඳහා නැංගුරම් දැමීමේ ඉඩකඩ ලබා දෙනු ඇත. මෙය මෙවැනි දකුණු ආසියාවේ තීරණාත්මක යටිතල පහසුකම් හිඩැසක් ද සපුරනු ඇත.

කොළඹ වරාය නගරයේ මරීනා කෘත්‍රිම වෙරළ, වරාය නගර ප්‍රදේශය, විනෝදාස්වාද ප්‍රදේශ, ජල තීරයේ ආකර්ෂණ ස්ථාන සහ විනෝදාස්වාද ස්ථාන මහජනතාවට විවෘතව ඇත. එය කොළඹ වරාය නගරය වෙත පැමිණෙන මහජනතාව සහ සංචාරකයින් සඳහා ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව ඇත. 2023 දී මහජනතාවට විවෘත කිරීමෙන් පසු, මෙම ස්ථානවලට මිලියන 2 ක පමණ අමුත්තන් පැමිණ ඇත. එය කොළඹ වරාය නගරය ඉදිකිරීමේ අදියරේ සිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අදියර වෙත පිය මනිමින් පවතින බව පෙන්වන්නකි. මේ අනුව මෙහි විදේශ ආයෝජකයින් ආකර්ෂණයට සූදානම් පරිසරයක් නිර්මාණය වී ඇත

කොළඹ වරාය නගරයට අදාළව තවත් විශේෂ කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. එනම් කොළඹ වරාය නගරය සියයට 100ක සෘජු විදේශ ආයෝජන අරමුදල් සහිත මුලපිරීමකි. ඒ නිසා මෙහි රටේ බදු ගෙවන්නන්ට බරක් නොවන ආර්ථික ක්‍රියාකාරකම් උත්ප්‍රෙරණය කිරීමට සහ අනාගත බදු ආදායමට දායක වීමට හැකියාව ඇති දුර්ලභ හරිත ක්ෂේත්‍ර සංවර්ධනයක් ලෙස සඳහන් කළ හැකි වේ. අපේක්ෂිත ආයෝජකයන් සඳහා ආකර්ෂණීය මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් විධිමත් කිරීමෙන් පසු, කොළඹ වරාය නගරය සඳහා ආයෝජන සහ සංවර්ධන අතින් සැලකිය යුතු ප්‍රගතියක් සිදුව තිබේ. බලධාරීන් පවසන පරිදි සංවර්ධනය සඳහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ සෘජු විදේශ ආයෝජන ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක වීම සඳහා සූදානම්ව පවතී. ඒ සඳහා අවශ්‍ය අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කළහොත් එම ආයෝජන දිරිමත් කිරීමක් සිදු කළ හැකි වනු ඇත.

2022 වසරේ වැටුණු ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. එහෙත් ආර්ථිකය තවමත් මුළුමනින්ම යථා තත්ත්වයට පත්ව නැත. මේ පසුබිම තුළ කොළඹ වරාය නගරය ඵලදායී ලෙස උපයෝගී කර ගැනීමෙන් රටේ සමස්ත ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය විය හැකිය. එසේම වරාය නගරයට ලැබෙන ආයෝජන, 2028 වසරේ මෙරට ණය ගෙවීමේ හැකියාව වර්ධනයට ද හේතුවක් වනු ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් තවදුරටත් ප්‍රගතියක් ලබා ගැනීමට සහ ඒ සමග ශ්‍රී ලංකාවට වැඩි වටිනාකමක් ලබා දීමට නම්, රටේ ශක්තිමත් සහ වඩාත් හිතකර ආයෝජන වාතාවරණයක් තිබීම අවශ්‍ය වේ. එවැන්නක් ඇති කිරීම සඳහා රජය පැත්තෙන් ලෝකයට, විදේශ ආයෝජකයන්ට කිව හැකි ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් තිබිය යුතුය. සමෘද්ධිමත් මූල්‍ය හා ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමේදී රටේ රාජ්‍ය නායකත්වයේ සහ පොදුවේ රජයේ සහාය අඛණ්ඩව ලබා දීම ද ඉතා වැදගත් බව අපට අවසාන වශයෙන් සටහන් කළ හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
අතිරේක විශේෂාංග

භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි

අතිරේක විශේෂාංග

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

අතිරේක විශේෂාංග

බොලපැන් පූජාවෙන් පිදුම් ලබන සුමන සමන් දෙවියෝ

අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය…..

විශේෂාංග

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok