Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

July 3, 2025
102 Views

කෘතිය : ෂොන් පෝල් සාර්ත්‍රේගේ – පවුර – ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා
පරිවර්තක : ටියුඩර් අමරසේන
ප්‍රකාශනය : සරසවි ප්‍රකාශකයෝ

විදේශීය සාහිත්‍ය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කිරීම මගින් විවිධ සංස්කෘතීන් පිළිබඳ පාඨක අවබෝධය වර්ධනය වීමත්, ලොව වෙනත් සාහිත්‍යයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම පුළුල් වීමත්, පුළුල් පාඨක පිරිසකට විවිධ අත්දැකීම්වලට සහ විවිධ දෘෂ්ටිකෝණයන්ට ප්‍රවේශ වීමේ හැකියාව වැඩිදියුණු වීමත් සිදුවේ.

එය එසේ සාර්ථකව සිදුවන්නට නම් පරිවර්තකයා පළමුව එහි මුල් සාහිත්‍ය කෘතිය තමන්ගේ බවට පත්කර ගත යුතු ය. එය එම කෘතිය කියවීමෙන් පමණක් සිදු නොකළ හැකි කාර්යයකි. ඒ සඳහා ඔහුට එම කෘතියේ සමාජ හා සංස්කෘතික පසුබිම පිළිබඳ අවබෝධයක් ලබාගැනීම බෙහෙවින් වැදගත්වනු ඇත.

එවන් අවබෝධයකින් යුතුව විදෙස් සාහිත්‍යය පරිවර්තනයේ යෙදෙන ටියුඩර් අමරසේන ලේඛකයාගේ ‘ෂොන් පෝල් සාර්ත්‍රේගේ – පවුර- ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා’ නම් පරිවර්තිත කෙටිකතා සංග්‍රහය පසුගිය දා අපට කියවන්නට ලැබිණි. ‘ගී ද මෝපසාංගේ – සංතෘප්තිය – සහ වෙනත් කෙටිකතා’ යනුවෙන් 2020 වසරේ දී සිය පළමු විදෙස් කෙටිකතා පරිවර්තනය එළිදක්වන ටියුඩර්, ඊට පෙර කාව්‍ය සංග්‍රහ හතරක්, ළමා සාහිත්‍ය කෘති තුනක් සහ කාව්‍ය විචාර සංග්‍රහයක් පළකර ඇති කෘතහස්ථ ලේඛකයෙකි. ඔස්ටේ්‍රලියාවේ ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට සිංහල භාෂාව ඉගැන්වීමේ ද නිරතව සිටින ඔහු විසින් 2024 වසරේ පළකරන ලද ‘සරල සිංහල උක්තාඛ්‍යාත පද සම්බන්ධය’ ඔහු සතු සිංහල භාෂා දැනුම හෙළිකරන මාහැඟි ග්‍රන්ථයකි.

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන ලේඛක ලේඛිකාවන් පහළොස් දෙනකුගේ අපූරු කෙටිකතා පහළොවක පරිවර්තන මෙවර ඔහු සංග්‍රහ කොට දක්වයි. ඒ, ඔස්ටේ්‍රලියානු ලේඛක හෙන්රි ලෝසන්ගේ ‘ගොපලු බිරිය’ ප්‍රංශ ලේඛක ගී ද මෝපසාංගේ ‘අදිසි හස්තය’ ස්වීඩන් ලේඛිකා සෙල්මා ලෝගර්ලෙෆ්ගේ ‘මී උගුල’ ප්‍රංශ ලේඛක ෂොන් පෝල් සාස්ත්‍රගේ ‘පවුර’ රුසියානු ලේඛක ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ‘අවමංගල අධ්‍යක්ෂක’ ඇමෙරිකානු ලේඛිකා එමා ලාර්කින්ගේ ‘මකර දමනය’ ජපන් ලේඛක රියුනොසුකෙ අකුතගවගේ ‘වන අරණකදී’ මැක්සිකානු ලේඛක ජුවාන් රුල්ෆෝගේ ‘අප බොහෝ දුප්පත් හෙයින්’ පෘතුගීසි ලේඛක රාවුල් බ්‍රැන්දාඕගේ ‘චෞරයා සහ සිඟිති දියණිය’ මෙක්සිකානු ලේඛක ග්‍රෙගරියෝ ලෝපෙස් ෆුඑන්තෙස් ‘දෙවිඳුන්ට යැවූ හසුන’ සිංගප්පූරු ලේඛිකා කැතරින් ලිම් පෝගේ ‘දිවි නසා ගත් සිසුවිය’ ඉන්දීය ලේඛක රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘මහද දිනූ ලාලනිය’ කිනියානු ජාතික න්ගුගි වා තියංග් ඕගේ ‘මංගාරා සහ කළු කුරුල්ලා’ ජර්මන් ලේඛක හෙයින්රිච් බෙල්ගේ ‘මැක්සිකානු ධීවරයා’ සහ කොළොම්බියානු ලේඛක හර්නැන්ඩෝ තෙලෙස්ගේ ‘පෙණ’ යන කෙටිකතා ය. එසේම, ඒ සෑම කෙටිකතාවකටම පෙර අදාළ ලේඛකයා හෝ ලේඛිකාව ගැනත්, කෙටිකතාවේ අන්තර්ගතය ගැනත් තබා ඇති සටහන් නිසා කෙටිකතාවක් කියවන්නට පෙර එමගින් නිර්මිත පරිසරය ගැන මෙන්ම, එහි අන්තර්ගතය ගැනත් යම් පමණක අවබෝධයක් ලබාගන්නට පාඨකයාට හැකිවන නිසා කෙටිකතාව නිසියාකාරව රසවිඳින්නට එය ඔහුට මහත් පිටුබලයක් සපයයි.

ඒ අනුව, මෙහි පළ වන ‘ගොපලු බිරිය’ කෙටිකතාව හෙන්රි ලෝසන්ගේ ‘The Droverzs Wife’ කෙටිකතාවේ පරිවර්තනයක් වන අතර, එය ඔස්ටේ්‍රලියාවේ ලියැවුණු විශිෂ්ටතම කෙටිකතාවක් ලෙස පාඨක විචාරක ඇගයුමට ලක්ව තිබේ. එමගින් වනගතව ජීවත් වන එඬේරෙකුගේ බිරිඳක් හුදෙකලාව සිය දරු කැල සමග ගත කරන කටුක දිවිය මැනවින් විවරණය කෙරේ.

‘අදිසි හස්තය’ ගී ද මෝපසාංගේ ‘The Invisible Hand’ කෙටිකතාවේ පරිවර්තනයයි. එමගින් දෙදෙනකු අතර ඇතිවන අමානුෂික පළිගැනීමක් කුතුහලය දනවන අයුරින් විවරණය වේ.

මෙහි ඇතුළත් ‘මී උගුල’ සෙල්මා ලෝගර්ලෙෆ්ගේ The Rat Trap කෙටිකතාවේ පර්වර්තනයයි. එම කෙටිකතාව මගින් යහපත්භාවය තුළින් මිනිස් සන්තානයෙහි පවත්නා වැරදි මග හරවා ප්‍රේමය අවදි කළ හැකි බව පෙන්වා දෙයි.

‘පවුර’ නමින් පරිවර්තනය වී ඇති ‘The Wall’ සාර්ත්‍රගේ විශිෂ්ටතම කෙටිකතාවක් වන අතර, එමගින් ප්‍රකට කෙරෙන්නේ ආගමික, සදාචාරාත්මක හෝ සමාජමය වශයෙන් හෝ කිසිදු පිටිවහලක් නොමැතිව වුව, ස්වකීය ලෝකය නිර්මාණය කරගැනීම සඳහා ආධිපත්‍යයට හා බලයට එරෙහිව නිරන්තර අරගලයක යෙදෙන මිනිස් ජීවිත පිළිබඳවය. මෙහි දී මරණයට කැප වූ මිනිසුන් තිදෙනකුගේ හැසිරීම, මානසික ක්‍රියාකාරීත්වය මෙන්ම, ඔවුන්ගේ ශාරීරික වෙනස්වීම් ඉතා සංවේදී ලෙස ඉදිරිපත් කිරීමට සාර්ත්‍ර කුසලතා පූර්ණව සමත් වී තිබේ.

‘අවමංගල අධ්‍යක්ෂක’ ඇලෙක්සැන්ඩර් පුෂ්කින් විසින් රචිත ‘The Undertaker’ කෙටිකතාවේ පරිවර්තනයයි. කූඨ ලෙස අවමංගල කටයුතු කරන්නකු මෙමගින් දැඩි උත්ප්‍රාසයට ලක් කෙරේ.

මෙහි එන ‘මකර දමනය’ බුරුම ජන කතාවක් ඇසුරින් එමා ලාර්කින් සිය ‘Secret Histories (Finding George Orwell in Burmese Tea Shop) නම් කෘතියෙහි ඇතුළත් කරන ලද්දකි. ඉතා සරල කතාවක් වුව ද, එය මෙම නිර්මාණ සංග්‍රහයට එකතුකර ඇත්තේ, පුළුල් අරුත් මතු කරන සර්වභෞමික වූත්, සර්වකාලීන වූත් අගයකින් යුක්ත වන හෙයින් බව ටියුඩර් මෙහි සඳහන් කර තිබේ.

මෙහි එන ‘වන අරණකදී’ කෙටිකතාව 1922 දී රියුනොසුකෙ අකුතගව ‘Yabu No Naka’ නමින් ජපන් බසින් එළිදක්වන ලදුව පසුව ‘In a Grove’ ලෙසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය වී විශ්ව සාහිත්‍යය ආලෝකමත් කරන පහන් ටැඹක් බවට පත් වී ය. එකම සිදුවීම චරිත කිහිපයක් ලවා, විවිධ කෝණයන්ගෙන් ඉදිරිපත් කිරීම අකුතගව මෙහිදී අනුගමනය කළ අපූර්ව ශිල්ප ක්‍රමයකි. එම කෙටිකතාව ඇසුරින් අකිර කුරසොවා නිර්මාණය කළි‘රෂෝමොන්’ සිනමා සිත්තම, ලොව බිහි වූ ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් බවට පත් වූයේ අකුතගව අනුගමනය කළ එම ශිල්ප ක්‍රමය හේතුවෙනි.

ජුවාන් රුල්ෆෝගේ ‘Because We Are so Poor’ (අප බොහෝ දුප්පත් හෙයින්..) කෙටිකතාව කුඩා දරුවකු සිය පවුලේ දරිද්‍රතාව විවරණය කරමින් මෙක්සිකානු පරිසරය මෙන් ම, සමාජය ද සිය නෙතින් විමසා බලන අයුරු සංවේදීව ඉදිරිපත් කරන්නකි.

මෙහි එන රාවුල් බ්‍රැන්දාඕගේ ‘The Thief and His Daughter’ (චෞරයා සහ සිගිති දියණිය) කෙටිකතාව තුළින් කෙතරම් දැඩි සිතැත්තකු තුළ වුව ද, දාරක ප්‍රේමය උද්දීපනය වන ආකාරය විදහා දැක්වේ.

ග්‍රෙගරියෝ ලෝපෙස් ෆුඑන්තෙස්ගේ ‘The Letter to God’ (දෙවිඳුන්ට යැවූ හසුන) සරල උත්ප්‍රාසාත්මක කෙටිකතාවකි.

කැතරින් ලිම් පෝග ‘Adeline Ng Ai Choo’ (දිවි නසා ගත් සිසුවිය) කෙටි කතාව ශ්‍රී ලංකාවට ද පොදු සමාජ – අධ්‍යාපනික ගැටලුවක් විවරණය කරයි.

ලාංකික සාහිත්‍ය කලාවන් කෙරෙහි ද ඉමහත් බලපෑමක් කරන ලද රවීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ‘My Fair Neighbour’ (හද දිනූ ලාලනිය) කෙටිකතාව මගින් භාරතයේ පවතින අමානුෂික වූත්, අසාධාරණ වූත් සමාජ ගැටලුවක් විවරණය කරයි.

මෙහි එන න්ගුගි වා තියංග්ගේ මංගාරා සහ කළු කුරුල්ලා. (The Black Bird) ඔහුගේ ගම පසුබිම් කරගනිමින් ලියූ කෙටිකතාවකි.

හෙයින්රිච් බෙල්ගේ ‘The Mexican Fisherman’ (මැක්සිකානු ධීවරයා) ඉතා සරල කෙටිකතාවක් වුව ද, එහි ඇති ජීවිතය විනිවිද යන ගැඹුර අපගේ මානසික විරේකය සඳහා කදිම පිටුවහලක් වනු ඇත.

මෙහි අවසන් කෙටිකතාව වන හර්නැන්ඩෝ තෙලෙස්ගේ ‘Lather and nothing else’ (පෙණ) එහි මුල සිට අග දක්වා ම කුතුහලයෙන් පාඨකයා මුසපත් කරන අනපේක්ෂිත අවසානයක් සනිටුහන් කරන කෙටිකතාවකි.

එවන් අපූරු කෙටිකතා රැසනින් සමන්විත මෙම කෘතියට පසුවදන සපයමින් ප්‍රවීණ ලේඛිකා සුනිලා විජේසිංහ මෙසේ සඳහන් කර තිබේ.

‘යමෙකු අපගේ මව්බස නොවන එහෙත්’ අපට අවබෝධ කරගත හැකි වෙනත් භාෂාවකින් කතා කරන විටෙක අප ඊට සවන් දෙන්නේ මනසින් ය. එහෙත්, එය අපේ මව් භාෂාවෙන් කතා කරන්නේ නම් අප ඊට සවන් දෙන්නේ හදවතින්ය..

භාෂා පරිවර්තනය පිළිබඳව එබඳු නිර්වචනයක් දෙන්නේ නෙල්සන් මැන්ඩෙලා ය. ටියුඩර්ගේ ‘පවුර ඇතුළු ශ්‍රේෂ්ඨ කෙටිකතා, පරිවර්තිත ග්‍රන්ථය තුළින් හේ විවිධ සංස්කෘතික කලාපයන්හි විවිධාකාර වූ අනුභූතීන් රැසක් ඔස්සේ අප ලෝකයේ නන් දෙස කැඳවාගෙන යයි. සැබවින්ම ඒ කතාවලට අපට හදවතින්ම සවන් දිය හැකි ය.

මෙම කෙටිකතා පරිවර්තනයේ දී හැකිතාක් දුරට සරල, සුගම වදන් සහ කෙටිවැකි භාවිත කරන්නට ටියුඩර් උත්සාහ දරා තිබේ. තමා මේ කියවමින් සිටින්නේ පරිවර්තිත කෙටිකතාවක් නොව, ස්වතන්ත්‍රයක් යැයි දැනෙන හැඟෙන තරමට පාඨකයාට සමීප කරන්නට එය උපස්ථම්භක වී තිබේ.

කෙතරම් කෘතහස්ථ ලේඛකයකුට වුව ද, නිවැරැදි අක්ෂර වින්‍යාස, පද බෙදීම්, පද සංවිධානය සහ වියරණයෙන් යුත් කෘතියක් පළකර ගැනීමට තවමත් නොහැකිවීම අභාග්‍යයකි. ලේඛකයා නිවැරැදිව ලියාදෙන ආඛ්‍යානය යතුරුලියනය කිරීමේ දී වෙනස්වන අවස්ථා අපි බොහෝවිට දැක ඇත්තෙමු. ටියුඩර් අමරසේන ලේඛකයාට ද ඉන් විනිර්මුක්ත වීමට නොහැකි වී තිබේ.

කිසියම් ග්‍රන්ථයක් මෙවන් අඩුපාඩුවලින් තොරව පාඨකයා වෙත ගෙන යන්නට නම් කෘතහස්ථ සංස්කාරකවරයකු ග්‍රන්ථ ප්‍රනාශකයා ළඟ සිටිය යුතුම බව අප මීට පෙර ද පෙන්වා දී ඇත්තෙමු. එහෙත්, එවැන්නකු තබා සමහර පොත් ප්‍රකාශකයන් වෙත හරිහමන් සෝදුපත් බලන්නකු පවා නොමැති වීම මෙවන් අඩුපාඩුකම්වලින් යුත් පොත්පත් සමාජගත වීමට හේතු වී තිබේ.

සිංහල භාෂාව පිළිබඳ පෘථුල දැනුමක් ඇති ටියුඩර්ගේ මෙම කෙටිකතා සංග්‍රහයේ ද ඇති එවැනි සදොස් තැන් කිහිපයක් උපුටා දක්වන්නේ ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමුකිරීම වැදගත් වන හෙයිනි.

මුලින්ම මෙහි ඇති සාවද්‍ය පද බෙදීම් කිහිපයක් පමණක් උපුටා දක්වන්නට කැමැත්තෙමු. මෙහි ‘නිමවා’ යන්න ‘නිම වා’ යනුවෙන් ද, ‘බියසුල්ලියක’ යන්න ‘බිය සුල්ලියක’ යනුවෙන් ද සඳහන් වී ඇත. එම පද බෙදීම් සාවද්‍ය වෙන්නේ ‘වා’ සහ ‘සුල්ලියක’ යන වදන් භාෂා ව්‍යවහාරයේ දී යෙදෙන්නේ තවත් වචනයක් හා ඒකාබද්ධව හෙයිනි.

මීළඟට මෙහි 82 වන පිටුවේ පළමු ඡේදයේ සඳහන් සාවද්‍ය පද සංවිධානයක් වෙත යොමුවෙමු. එහි මෙසේ සඳහන් වේ.

‘ෂේක්ස්පියර් සහ වෝල්ටර් ස්කොට් වැනි වියත් ලේඛකයින් මිනී වළවල් හාරන්නන් ඇතුළු අවමංගල කටයුතුවල යෙදෙන්නන් ප්‍රීතියෙන් සිටින, නොමනා විහිළු තහළුවලට කැමති පුද්ගලයන් ලෙස හඳුන්වා දී ඇති බව අපගේ බහුශ්‍රැත පාඨකයන්ට වෙසෙසින් කිවයුතු නොවේ..

එහෙත්, එහි නිවැරැදි පද සංවිධානය මෙසේ වියයුතු නොවේ ද?

‘මිනී වළවල් හාරන්නන් ඇතුළු අවමංගල කටයුතුවල යෙදෙන්නන් ප්‍රීතියෙන් සිටින, නොමනා විහිළු තහළුවලට කැමැති පුද්ගලයන් ලෙස ෂේක්ස්පියර් සහ වෝල්ටර් ස්කොට් වැනි වියත් ලේඛකයන් හඳුන්වා දී ඇති බව අපගේ බහුශ්‍රැත පාඨකයන්ට වෙසෙසින් කිවයුතු නොවේ..

මෙවන් භාෂාමය අඩුපාඩු කිහිපයක් දක්නට ලැබුණ ද, ටියුඩර් අමරසේන ලේඛකයාගේ මෙම පරිවර්තන ව්‍යයාමය ඉතා උසස් මට්ටමක තිබෙන බව සඳහන් කරන්නේ අනාගතයේ දී ද මෙවන් විශිෂ්ට සාහිත්‍යාංග වැඩි වැඩියෙන් සිංහල පාඨකයන්ට සමීප කරන්නට ඔහුට හැකිවේවා යි ප්‍රාර්ථනා කරමිනි.

අනුර බී. සෙනෙවිරත්න

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විශේෂාංග

වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය

අතිරේක විශේෂාංග

භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි

අතිරේක විශේෂාංග

බොලපැන් පූජාවෙන් පිදුම් ලබන සුමන සමන් දෙවියෝ

අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය…..

විශේෂාංග

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok