Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ථේරි ගී සරණිය…..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ථේරි ගී සරණිය…..
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
අතිරේකවිශේෂාංග

ථේරි ගී සරණිය…..

July 3, 2025
159 Views

(මෙහි මුල් කොටස ගිය සතියේ පළවිය)

ඇතමෙක් විමුක්ති සුවයෙන් කල්ගෙවන අතරතුර උදාන ගී ගායනා කළ බව විශාඛා ථෙරි ගාථාවෙන් පෙනේ.

‘අනුව යම් ඔවදනන්
නොදේ නම් සිත් තැවුල්
හිමි දෙසූ මඟ එයයි
යනු මැනවි ඒ මඟෙහි
පසක හිඳ ගනු මැනව
පා දොවා ගෙන වහා
ලබනු වස් අමා සුව
සියලු කෙලෙසුන් නසා

ව්‍යවහාර බසින් නිර්මිත අර්ථ පූර්ණ හා භාව පූර්ණ රචනයකි. සරල පද සංඝටනය රමණීය අරුත් ජනනයට තුඩු දෙයි. ක්ෂත්‍රිය වංශික උත්තරාද ප්‍රජාපතී ගෝතමිය වෙත ගොස් පැවිදි වී පසුව බුදුන් වහන්සේ දේශිත ගාථාව අසා සිත් පැහැද පසුව විදසුන් වඩා රහත් වූ තැනැත්තියකි. බුදුන් දේශිත ගාථාව ඇගේ උදාන ගීය විය. සියලු සැප සම්පත් විඳිමින් සිටි ඇය ගිහි ජීවිතය ගැන කලකිරී තෘෂ්ණාව සිඳ බිඳ නිවන අවබෝධ කර ගත්තාය.

‘කයින් වදනින් සිතින්
සංවර බවට පත් මම
තණ්හාව මුල් සිඳලා
සිහිල් වූයෙමි නිවුනෙමි’

සරල සුගම පද භාවිතය ඉස්මතුවී පෙනෙන ගුණාංගයකි. ශරීර දුබලතාවලින් ජීවිතය හඳුනාගෙන කෙලෙසුන් මිදෙන්නට වෙර දැරූ ධම්මා තෙරණියගේ උදාන ගීය ද මෙයට තවත් නිදසුනකි.

‘සැරයටියෙ පිහිටෙන්
පිඬුසිඟා වැඩියෙමි මම
සිරුර අවසඟ හෙයින්
දුබලව ඇද වැටුණෙමි
දුටිමි ආදීනව සිරුරේ
සිත මිදුණි කෙලෙසුන්ගෙන්’

මහලු වියේදී සිය ශරීර අවයවවල දුබලතා හඳුනාගෙන ජීවිතය ගැන කලකිරුණු ධම්මා තෙරණිය පිළිබඳ පුවත මේ පද්‍යයෙන් සරල සුගම බස් වහරකින් නිරූපිතය.

මේ ථෙරි ගාථාවල යම් ව්‍යුහයක විශේෂත්වයක් දැකිය හැකිය. එම විශේෂත්වය කිවිඳිය පෙළගැස්ම යටතේ දක්වා ඇත. එනම් එක් ගී නිපාතය තෙරණියෝ 18 දෙනෙක් සම්බන්ධය. එහි ගාථා 18ක් ඇතුළත්ය. එසේම දෙගී නිපාතය තෙරණියෝ 10 දෙනෙකි. ගාථා 20ක් ඇතුළත්ය. තුන් ගී නිපාතයට තෙරණියන් 08 දෙනෙකි. ගාථා 24 කි. සිව් ගී නිපාතය තෙරණියන් 01ක ගාථා 04කි. පස් ගී නිපාතය තෙරණියන් 12කි. ගාථා 60කි.9 (9 ථෙරි ගී ස සං පිට)

මෙලෙස නිපාත 16ක් ඇති අතර එයට තෙරණියන් 73ක් සම්බන්ධය. චරිත කතා 13කි. ගාථා 521ක් ඇතුළත්ය. ගේය පද කරණයට පරිබාහිරව භාෂාවෙහිද ගීතයක් පවත්නා බව මාර්ටින් වික්‍රමසිංහ පවසයි. එය සාමාන්‍ය වහරෙහි තාලය යනුවෙන් හැඳින්වේ එය

ඉංගිරිසියෙන් රයහඑයප නම් වේ. එම ගීතය සිය අදහස් හා හැඟීම් රසිකයනට හඟවනු පිණිස ප්‍රයත්න දරන කවියාට මහත් උපකාරයක් වේ. ථෙරි ගී සරණියේ ඇතුළත් එකිනෙක ගී කිසියම් විරිතකට අනුව ගායනා කළ හැකි වුවද ඒ ‘එළු සඳැස් ලකුණේ ඇතුළත් විරිත් අනුගමනය කළ නිර්මාණකරණයක් නොවේ. එකී විරිත් සම්මතය ඉක්මවා ගිය නොවිරිත්ය. ථෙරි ගාථා පිළිබඳව විමංසනාත්මක විවරණයක යෙදෙන මාර්ටින් වික්‍රමසිංහ ථෙරි ගාථා සිංහල ජනකවි සමග තුලනය කිරීමට පෙලඹෙයි. වික්‍රමසිංහගේ අදහස වන්නේ සිංහල ජනකවි හා ථෙරි ගාථා අතර සමානත්වයක් දැකිය හැකි බවය. එයට එක් හේතුවක් නම් අලංකාරවද හා බැඳුණු නීතිරීති නොසැලකීමය. ඒ හැරුණුවිට මේ පද්‍ය විශේෂ දෙකෙන් ම එක හා සමාන දෘෂ්ටියක් ප්‍රකට වීමය. “සිංහල ජනකවීන්ගේ දෘෂ්ටිය කර්මවාදය හා අනිත්‍ය ධර්මය විසින් හික්මවනු ලැබූවකි. ථෙරීන්ගේ ජීවිතය අනිත්‍ය ධර්මයෙන් අපගේ ජීවිතයෙන් ලත් සොම්නසත් විසින් හික්මවනු ලැබූවකි. ථෙරීන් පැවිදි වී පසුව රහත් බවද නිවන ද උදාකර ගත්තේ ගිහි ජීවිතයේ විඳිය යුතු සියලු සැප සම්පත් විඳීමෙන් පසුවය. කාමභෝගී ජීවිතය උපරිම වශයෙන් ගතකිරීමෙන් පසුවය.

සම්මානිත මහාචාර්ය
කුලතිලක කුමාරසිංහ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විශේෂාංග

ට්‍රම්ප්ගේ 30% බද්ද තවත් අඩු වෙයි ද?

අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

විශේෂාංග

බදු ආඥාව සහ අපේ යාඥාව!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok