Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි

July 3, 2025
184 Views

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා
රටක භාෂාවට තැනක් ලැබෙන්නේ ඒ රටේ ආර්ථිකයෙන්
භාෂාව සමාජ, සංස්කෘතික බලයක් ගැබ් වී ඇති ශක්ති ප්‍රවාහයක්’

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා නූතන සිංහල භාෂා ව්‍යවහාරය, සිංහල භාෂාවේ සමාජ ඉතිහාසය සහ භාෂා සැලසුම්කරණය පිළිබඳව උනන්දුවක් දක්වන පර්යේෂකයෙකි. ඔහු සිංහල භාෂාව, ව්‍යාකරණය, සන්නිවේදනය යන විෂයන්ට අදාළව ග්‍රන්ථ හා ලිපි රැසක් රචනා කොට ඇත. සිංහල භාෂාව පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය කෝපරහේවා සිංහල හාෂා භාවිතය සහ භාෂා ප්‍රතිපත්ති සැලසුම්කරණය සම්බන්ධයෙන් රජයේ ආයතනවලට උපදේශකයකු ලෙස ද කටයුතු කරයි. ‘දිවයින’ වටමඬල සමග මෙවර ඔහු එක් වෙයි.

ප්‍රශ්නය – භාෂාවක් කියන්නේ කුමක් ද?

පිළිතුර – භාෂාවක් යනු රටා සමුදායකින් යුත් සමාජ, සංස්කෘතික බලයක් ගැබ් වී පවතින සන්නිවේදන පද්ධතියක්. එසේ ම භාෂාව කියන්නේ මානවයා සතු ශක්‍යතාවක්. භාෂා ශක්‍යතාව ජීව විද්‍යාත්මක පදනමක් ඇති ශක්ති ප්‍රවාහයක්. එහි දී සිංහල ද දෙමළ ද ඉංග්‍රීසි ද කියලා තීරණය වෙන්නේ අප ජීවත් වන පරිසරය අනුව. භාෂාව මූලික වශයෙන් භාෂණය හා ලේඛනය වශයෙන් දෙවැදෑරුම්. එසේ ම භාෂාව මානව සමාජයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එය මිනිසුන්ට එකිනෙකා සමග සම්බන්ධ වීමට, සබඳතා ගොඩනඟා ගැනීමට සහ ස්වකීය ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කිරීමට ඉඩ සලසනවා. ඒ නිසා භාෂාවක් කියන්නේ හුදු සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොවෙයි. සමාජ, සංස්කෘතික බලයක් ගැබ් වී ඇති ශක්ති ප්‍රවාහයක්.

ප්‍රශ්නය – භාෂාවක් ඉගෙනීම අවශ්‍ය වන්නේ පාසල් ගුරුවරුන්ට සහ දරුවන්ට පමණක් ද ?

පිළිතුර – භාෂාවකින් සිදුවන වැදගත්ම දේ තමයි තොරතුරු සන්නිවේදන කාර්යය. එනිසා භාෂාව විෂයක් ලෙස හදාරන ගුරුවරුන්ට හා ළමයින්ට පමණක් නෙවෙයි වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට ආදී සෑම වෘත්තිකයෙකුට ම අවශ්‍ය දෙයක්. භාෂාව ඉගෙනීම පුද්ගලයකුගේ සන්නිවේදනය වැඩිදියුණු කරනවා. කියවීම, මතකය, අවබෝධය වැනි සංජානන කුසලතා වැඩි කරනවා. එසේ ම නව වෘත්තීය අවස්ථා සඳහා අවස්ථා ලබාදෙනවා. සංස්කෘතික අවබෝධය දියුණු කරනවා.

භාෂා ආබාධයෙන් තොර ඕනෑම කෙනෙක්ට භාෂාව මැනවින් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. භාෂාවක් ඉගෙනීම ආරම්භ වන්නේ අපට කුඩා කාලයේ දී දෙමව්පියන් ඇසුරෙන් ලැබෙන මවු බස මගින්. සිංහලයන්ට සිංහල භාෂාව, දෙමළ ජනයාට දෙමළ භාෂාව. නමුත් අවශ්‍යතාව අනුව විදේශ භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් තමන්ගේ රැකියා අවශ්‍යතා අනුව භාෂාවක් ඉගෙන ගන්නවා. ආගමික අවශ්‍යතා මත භාෂා ඉගෙන ගන්නවා. ලේඛනය කියන දේ අප වෙන ම ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ නිසා තමයි අප සිංහල විෂයක් ලෙස පාසල්වල උගන්වන්නේ. ඒ ඉගැන්වීම සිංහල ගුරුවරුන්ට සහ සිංහල විෂය හදාරන අයට විතරක් නෙවෙයි. ලිඛිත ව්‍යවහාරය ඉගෙන ගැනීම මූලික වශයෙන් අප සතු සන්නිවේදන හැකියාව දියුණු කර ගැනීමක්. ඒනිසා භාෂාව සෑම අංශයකට ම සෑම පුද්ගලයකුට ම අවශ්‍ය කුසලතාවක්.

ප්‍රශ්නය – රටක සංවර්ධනය හා භාෂාව අතර සම්බන්ධයක් තියෙනවද?

පිළිතුර – භාෂාව රටක ඇති ඉතා වැදගත් ම සමාජීය සම්පතක්. එම සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම වැදගත්. රටක සංවර්ධනය සඳහා භාෂාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. රටේ සංස්කෘතිය, ආර්ථිකය සහ සමාජ ඒකාබද්ධතාව කෙරේ එහි විශාල බලපෑමක් තියෙනවා. රටක දියුණුවට මූලික දේ වන්නේ තොරතුරු, දැනුම හා සන්නිවේදනය. දැනුම සහ තොරතුරු ගබඩා වෙන්නේ භාෂාවෙන්. මේ රටේ නම් එම තොරතුරු සන්නිවේදනය සිදු වන්නේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින්. රටේ ජනතාවගේ තොරතුරු අදහස්, සිතුම් පැතුම් දැන ගන්න නම් මේ රටේ ජනතාවගේ භාෂාව දැන ගන්න අවශ්‍යයි. දැන් මේ රටේ සිංහල හා දෙමළ රාජ්‍ය භාෂා වෙන්න කලින් තිබුණු ප්‍රශ්නයක් තමයි ජනතාවට පාලකයන්ගේ භාෂා දැනුම නැති නිසා පාලන කටයුතුවලට සම්බන්ධ වීමට නොහැකි වුණ එක. ඒ අනුව රටේ සංවර්ධනයට ජනතාවගේ සහභාගිත්වය නොමැති වුණා. 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම වැරැද්දක් නෙවෙයි. දැන් ඔබ ඇතුළු මේ රටේ වැඩි දෙනෙකුට අද අධ්‍යාපනයෙන් ඉහළ අවස්ථාවලට එන්න ලැබුණේ සිංහල රාජ්‍ය භාෂාවක් සහ මවු බසින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව තිබුණු නිසා. එසේ නොවුණා නම් මේ රටේ සාමාන්‍ය පුරවැසියකුට උසස් අධ්‍යාපනයක් ලැබීමට තිබුණු අවස්ථා නැති වෙනවා.

ප්‍රශ්නය – ආර්ථිකය සහ භාෂාව අතර සම්බන්ධයක් තියෙනව ද ?

පිළිතුර – ඔව්. භාෂාව සහ ආර්ථිකය ගැඹුරින් බැඳී පවතිනවා. වෙළඳාම, ව්‍යාපාර සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වන සන්නිවේදනය සඳහා භාෂාව පහසුකම් සපයනවා. එසේ ම භාෂා ප්‍රවීණතාව ජාතියක ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කරනවා. කිසියම් රටක භාෂාවට තැනක් ලැබෙන්නේ ඒ රටේ ආර්ථිකයෙන්. චීන භාෂාවට ඒ තැන ලැබුණේ එම භාෂාවේ තිබුණු ශක්තියක් නිසා නෙවෙයි. චීන ආර්ථිකය එම භාෂාවත් සමග ගොඩනැගුණු නිසයි. ඉංග්‍රීසි භාෂාවේ ශක්තිය ගොඩ නැගුණේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය නිසා. ඒ නිසා ඉංග්‍රීසි භාෂාව ලොව පුරා පැතිරුණා. කිසියම් රටක අධිපති භාෂාවෙන් වැඩ කරන්නේ නෑ කියලා ඒ භාෂාවෙන් ආර්ථික සංවර්ධනය ඇති වෙන්නේ නෑ කියන එක සම්පූර්ණ මිථ්‍යාවක්. රටක් සංවර්ධනය කරන්න භාෂාව විවිධාකාරයෙන් යොදා ගන්න ඕන. රටක සංවර්ධනය කියන්නේ ආර්ථිකය සංවර්ධනය පමණක් නොවෙයි. රටක ආර්ථික මට්ටමක ඉහළට ළං වෙද්දී සමාජ සංස්කෘතික වර්ධනයත් අවශ්‍ය යි. ඒ සඳහා භාෂා සාක්ෂරතාව ඉතාමත් වැදගත්. අද ලෝකය ගත්තාම ප්‍රංශය, චීනය, කොරියාව දියුණු වුණේ ඔවුන්ගේ ස්වභාෂාවෙන් කටයුතු කිරීමෙන්. බස දියුණු නොකොට රට දියුණු කරගත නොහැකියි.

ප්‍රශ්නය – ‘භාෂාවේ බලය’ යන්න ඔබතුමා පැහැදිලි කරන්නේ කොහොමද ?

පිළිතුර – භාෂාව බලය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතිනවා. භාෂාවේ බලය තීරණය වන්නේ යම්කිසි භාෂාවක් කතා කරන අයට දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන් ඒ භාෂා භාවිත කරන අයට ලැබෙන අවස්ථා අනුව. 1956 සිංහල රාජ්‍ය භාෂාව වුණු නිසා සිංහල කතා කළ ග්‍රාමීය ජනතාවට… අධ්‍යාපන අවස්ථා ලැබූ විශාල පිරිසකට බලයක් ලැබුණා. 1956 පෙරළිය මාර්ටින් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ “බමුණු කුලයේ බිඳ වැටීමක්” කියලා. බමුණු කුලයේ බිඳ වැටීම යනු ඉංග්‍රීසි කතා කළ පිරිසට තිබුණු බලය නැතිවීමක්. භාෂාවේ බලය අපට හොඳ විදියට භාවිත කරන්නත් පුළුවන්. එයින් තව ජන කොට්ඨාසයකට අහිතකර විදියට භාවිත වෙන්නත් පුළුවන්. ඒනිසා භාෂාවේ බලය සමාජයේ සෑම මට්ටමක දී ම හඳුනාගත හැකියි.

භාෂාව පිළිබඳ කරන අධ්‍යයනවල දී භාෂාවේ ගැබ් වී ඇති බලය ගැන හැදෑරීමක් කරනවා. රජයක් හෝ කිසියම් ආයතනයක් විසින් ගනු ලබන භාෂා ප්‍රතිපත්ති (language policy) තීරණ සමාජයක් තුළ බලය බෙදාහැරීමට සැලකිය යුතු ලෙස බලපෑ හැකියි. භාෂා වෙනස්කම් එදිනෙදා අන්තර්ක්‍රියාවල බල අසමතුලිතතා ඇති කරනවා. රටක ප්‍රමුඛ භාෂාව හෝ අධිපති භාෂාවක් චතුර ලෙස හසුරුවන අයට බොහෝ විට වාසියක් ලැබෙනවා. එසේ ම කෙනෙකුගෙ කතාබහ තුළ එනම් සංකථන තුළ යම්කිසි බලයක් ගැබ්වෙලා තියෙනවා. දේශපාලන කතාවක් හෝ කිසියම් ලේඛනයක් පරීක්ෂා කිරීමේ දී ඒවායේ වචනවලින් ඔබ්බට ගොස් ඒවායෙහි ගැබ් වී ඇති මතවාද පරීක්ෂා කළ හැකියි. භාෂාවේ ගැබ් වී ඇති බලය සමාජ දේශපාලනිකව ඉතා වැදගත් වෙනවා. දේශපාලනඥයෙකු තමන්ගේ රටවැසියන්ගේ භාෂාවෙන් දේශපාලනය කරන්න ඕන. අපට උතුරු නැගෙනහිර ජනතාවගේ තොරතුරු අදහස් දැන ගන්න නම් ඒ ජනතාවගේ භාෂාව දැන ගන්න ඕන. එම නිසා ජාතික නායකත්වයට පත්වන දේශපාලනඥයෙකුට සිංහල මෙන්ම දෙමළ භාෂාවෙනුත් අදහස් හුවමාරු කර ගත හැකි විය යුතුයි. උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් කර ගත හැකි වුණේ ජෝන් ඩොයිලි සතුව තිබූ සිංහල භාෂා ඥානය නිසයි. මා කලින් සඳහන් කළ පරිදි තොරතුරු හා සන්නිවේදනය සඳහා පාදක වන්නේ භාෂාව යි.

ප්‍රශ්නය – භාෂා ගුරුවරුන් හා භාෂා ප්‍රවීණයන් කළ යුත්තේ කුමක් ද ?

පිළිතුර – වෘත්තීය වශයෙන් භාෂා ගුරුවරයාට විශාල වගකීමක් තියෙනවා පාසල් මට්ටමේ දී භාෂා දැනුම ලබාදීමට. මා කියන්නේ ව්‍යාකරණ දැනුම විතරක් නෙවෙයි. නිවැරදිව සම්මතව ඇති භාෂා රීතීන්ට අනුකූලව ලිවීමට තිබෙන හැකියාව මූලික සන්නිවේදන කුසලතාව දියුණු කරන්න ඕන. එමෙන්ම භාෂාව නිවැරදිව භාවිත කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ප්‍රායෝගික භාෂා අත්පොත් සුලබ කිරීම භාෂා ප්‍රවීණයන්ගේ වගකීමක්. භාෂා ගුරුවරුන් මෙන්ම භාෂා ප්‍රවීණයන් ද අවධානය යොමු කළ යුත්තේ භාෂා ව්‍යවහාරය පරීක්ෂා කිරීම කෙරෙහිය. ව්‍යාකරණ පාඩම් ඉගැන්වීමෙන් පමණක් නිවැරදිව භාෂාව භාවිත කිරීමේ හැකියාව ලැබෙන්නේ නෑ. භාෂාවේ සම්මත ව්‍යවහාරය පරීක්ෂා කිරීමට සිංහල භාෂා ගුරුවරුන් මෙන්ම සිංහල භාෂා ප්‍රවීණයන් ද අවධානය යොමු කළ යුතු බවයි මගේ හැඟීම. එසේ ම භාෂා ගුරුවරයාගේ කාර්යභාරය හුදෙක් ව්‍යාකරණ තොරතුරු ලබාදීමෙන් ඔබ්බට යායුතු යි.

ප්‍රශ්නය – සාහිත්‍ය කෘති විවිධ භාෂවලට පරිවර්තනය වෙනවා. එවැනි පරිවර්තනවලදී සංස්කෘතිය හා බැඳුණු සැබෑම හැඟීම් නිවැරදිව සන්නිවේදනය වෙනවද ?

පිළිතුර – සාහිත්‍ය පරිවර්තනය ජන වර්ග අතර සංස්කෘතික හුවමාරුවේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සාහිත්‍ය නිර්මාණයක වචන පරිවර්තනය කිරීම පමණක් නොව, මුල් පිටපතේ සංස්කෘතික සූක්ෂ්මතා සහ වාග් සම්ප්‍රදාය ද ප්‍රකාශ කිරීම වැදගත්. මෙම ක්‍රියාවලිය නිසා සාහිත්‍ය පරිවර්තන මාර්ගයෙන් සංස්කෘතික අවබෝධය සහ අගය කිරීම ඇති කළ හැකි යි. භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මක කටයුත්තක්. කිසියම් සංස්කෘතියක ඉතිහාසය, විශ්වාස සහ වටිනාකම් තුළ ගැඹුරින් මුල් බැසගත් ප්‍රකාශන සඳහා බොහෝ විට වෙනත් භාෂාවල ඊට සමාන යෙදුම් නොමැති බැවින් නිවැරදි හා අර්ථවත් පරිවර්තනය දුෂ්කර වෙනවා. ඒ නිසා පරිවර්තකයා එම මුල් කෘතියේ භාෂාව හා බැඳුණු සංස්කෘතිය මුලින් ම අධ්‍යයනය කළ යුතු යි.

සාකච්ඡා කළේ – සුධර්මා සමරසේකර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විශේෂාංග

වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය

අතිරේක විශේෂාංග

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

අතිරේක විශේෂාංග

බොලපැන් පූජාවෙන් පිදුම් ලබන සුමන සමන් දෙවියෝ

අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය…..

විශේෂාංග

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok