95 පෙට්‍රල් හා සුපර් ඩීසල් මිල වෙනසක් නෑ
ඉන්ධන හා භූමිතෙල් මිල පෙරේදා (30දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 289කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 305කි.
ලංකා භූමිතෙල් මිල ද රුපියල් 7කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 185කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල වෙනසක් නැත.
මෙම මිල ගණන්වලට සමගාමීව ඉන්දියන් ඔයිල් සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණයත් සමග දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
ඉන්ධන මිල වැඩිකිරීම පිළිබඳව ඇතැම් වාහන රියැදුරෝ දැඩි අප්‍රසාදය පළ කළහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්