මේ වසරේ (2025) පළමු මාස පහේදී පෞද්ගලික රථවාහන ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 233.6ක් දක්වා සියයට 919.5කින් වර්ධනය වී ඇත.
ගිය වසරේ (2024) මුල් මාස පහේදී මෙරට පෞද්ගලික රථවාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 22.9ක් පමණක් විය.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
එසේම වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ආනයන වියදමත් සමග මුළු රථවාහන ආනයන වියදම මේ වසරේ (2025) මුල් මාස පහේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 312ක් දක්වා ද ඉහළ ගොස් ඇත.
මේ කාලයේදී රටේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම් සියයට 11.6කින් වර්ධනය වීමට ද මේ රථවාහන ආනයන වියදම වර්ධනයට හේතු වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත