කළුතර දිස්ත්‍රික් ඩෙංගු රෝගීන් 1004
248ක්ම පානදුරෙන්
ඩෙංගු කීටයන් වැඩියෙන්ම හමුවී ඇත්තේ ආගමික ස්ථානවලින්
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත වෛද්‍ය අංශය සඳහන් කරයි.
2025 පළමු මාස හයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 13කින් ඩෙංගු රෝගීන් 1004 දෙනකු වාර්තා වී ඇති බවත්, ඉන් රෝගීන් 248ක්ම පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම අංශය සඳහන් කරයි.
ඒ අනුව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් රෝගීන් 141ක් සහ බණ්ඩාරගමින් 115ක් වශයෙන් වාර්තා වන බවද එතුමිය පැවසීය.
පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කාලයක සිටම කළුතර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් හඳුනා ගන්නා බල ප්‍රදේශය බවට හඳුනාගෙන ඇති බවද සඳහන් වේ. ඒ අනුව ඩෙංගු සහායකයන් සිදුකරන ක්ෂේත්‍ර පරීක්ෂාවලදී ආගමික ස්ථානවලින් ඩෙංගු කීටයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවත් එතුමිය සඳහන් කළාය.
වාද්දුව – සුමිත් පොතුපිටිය