කාත්තන්කුඩි පොලිස් වසමට අයත් මඩකලපුවේ ආරයම්පති හි පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික ඇඟලුම් කම්හලකට අයත් බස් රථයක පිටුපස රෝදයට යටවී තුන් හැවිරිදි පිරිමි ළමයකු ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
30 වැනිදා සවස අනතර සිදුව ඇත. එම ඇඟලුම් කම්හල ඉදිරිපිට නවතා තිබූ බස් රථය එකවරම පසුපසට ගැනීමේ දී පිටුපස රෝදයට පිරිමි ළමයා යටවී මිය ගොස් තිබේ. දරුවාගේ මව එම ඇඟලුම් කම්හලේ සේවය කරයි. දරුවා මව සමග එම ඇඟලුම් කම්හල දැක ගැනීමට පැමිණ තිබේ.
පසුව මව කම්හල ඇතුළට ගොස් ඇත. ඒ අවස්ථාවේ දී නතර කර තිබූ බසය එකවර ම පසුපසට ගෙන ඇත. ඊට දරුවා යට වී තිබේ. එම අනතුරෙන් පිරිමි ළමයා එම ස්ථානයේදීම මිය ගිය බව වාර්තා වෙයි. කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. පිරිමි ළමයාගේ දේහය ආරයන්පති දිස්ත්‍රික් රෝහලේ තබා ඇත. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්