Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කූට ලේඛන උසාවියට ඉදිරිපත් කළ බැංකු සාමාන්‍යාධිකාරිට එරෙහි නඩුව යළි අරඹයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 5 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කූට ලේඛන උසාවියට ඉදිරිපත් කළ බැංකු සාමාන්‍යාධිකාරිට එරෙහි නඩුව යළි අරඹයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

කූට ලේඛන උසාවියට ඉදිරිපත් කළ බැංකු සාමාන්‍යාධිකාරිට එරෙහි නඩුව යළි අරඹයි

July 2, 2025
1068 Views

යසෝධා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් විසින් ලියා අත්සන් කර සිය බැංකු මූලස්ථාන ශාඛාව වෙත ඉදිරිපත් කළ බවට හැඟෙන පරිදි තමන් විසින් සකස් කළ රුපියල් මිලියන 2000 අදාළ පුද්ගලික සුරැකුම් පතක් කූට ලේඛනයක් බව දනිමින්ම සත්‍ය ලේඛනයක් ලෙස මහාධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ එක්තරා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ විතානගේ දොන් දයානන්ද නමැත්තාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් 30 වැනිදා යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (01දා) නියෝග කළාය.

එම නඩුව ඊයේ (01දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය හා පැමිණිල්ලේ පළමු වැනි සාක්ෂිකාර යසසිරි කස්තුරිආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය කළාය.

2016.06.01 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ විභාග වූ අංක 122/2004 දරන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වී එකී කූට ලේඛනය නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 459 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් 2019 වසරේදී නීතිපතිවරයා එම විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබිණි. එම නඩුවේ පැමිණිල්ලේ පළමු වැනි සාක්ෂිකාර යසසිරි කස්තුරිආරච්චි මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. සිය සේවාදායකයා රෝග තත්ත්වයකට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටියදී අධිකරණයට පැමිණ ඇති බව යසසිරි කස්තුරිආරච්චි මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. ඊයේ (01දා) දිනයේ කොළඹ වෙනත් මහාධිකරණයක් හමුවේ පැවැත්වෙන සුවිශේෂ නඩු කටයුත්තක් මෙහෙයවීමට ඇති බැවින් හා පැමිණිල්ලේ පළමු වැනි සාක්ෂිකරුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සලකා එම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තබන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

සුරැකුම් පත් නොමැතිව ණය ලබාගැනීමේ චෝදනාව යටතේ යසසිරි කස්තුරිආරච්චි මහතාට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී ඔහු ලබාගත් සියලු ණය ඒ වනවිටත් ගෙවා අවසන් කර ඇති බව අදාළ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින්ම විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා නැඟූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කොට තිබිණි. එම කරුණු සලකා බැලූ එවකට මහාධිකරණ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අයි. එම්. ඉමාම් මහතා එකී චෝදනාවලින් යසසිරි කස්තුරිආරච්චි මහතාව නිදොස් කොට නිදහස් කර තිබිණි. ඒ අනුව සිදුකළ වැඩිදුර පරීක්ෂණවලට මෙම විත්තිකරු එකී මහාධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ කූට ලෙස සකස් කරන ලද සුරැකුම් පතක් අනුව බව අනාවරණය වීම නිසා විතානගේ දොන් දයානන්ද නමැත්තාට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

ගෙල බැඳි රන් මාලයත් පැහැරගෙන පාපතරයකුට බිල්ලක්වූ කුරුවිට මධුෂානි

ප්‍රාදේශීය පුවත්

මරණ දඬුවම හිමි කුඩු තමිල් ලෙඩ වී මියයයි

ප්‍රාදේශීය පුවත්

හලාවත දී බසයක් ගසක හැපී රියැදුරු ඇතුළු 21 කට තුවාල

ප්‍රාදේශීය පුවත්

ඇල්ලෙන් ත්‍රි’මලේට ගිය අධ්‍යාපන චාරිකාව: බීමත් රියැදුරුට මාස 2 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ

ප්‍රාදේශීය පුවත්

අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නෑ: සැත්කම් කරන්න ක්‍රමයක් නෑ: ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok