ඉකුත් ජුනි 12 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් නගරයේදී කඩා වැටුණු එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් ඩී්‍රම්ලයිනර් මගී ගුවන් යානය කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් එම අනතුරට මුහුණ පෑවේද යන්න පිළිබඳව ද විමර්ශනය කෙරෙන බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා පවසා තිබේ. සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති මර්ලිධර් මොහොල්ට අනුව අදාළ ගුවන් යානා අනතුර පිළිබඳව විමර්ශනය සිදුකරන ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් කඩාකප්පල්කාරී ක්‍රියාවක් ඇතුළු එම අනතුර සිදුවිය හැකි බවට අනුමාන කෙරෙන සෑම කෝණයකින්ම විමර්ශනය සිදු කෙරෙමින් පවතී.
කඩා වැටුණු යානයේ තිබී සොයාගත් කළු පෙට්ටි දෙක විමර්ශන සඳහා විදෙස් රටකට නොයවන අතර එම විමර්ශනයන් ඉන්දියාව තුළම සිදුකෙරෙනු ඇත. ඇතැයි ඔහු පවසයි. මේ අතර ඉන්දීය ගුවන් යානා අනතුර කුරුල්ලන් හා ගැටීමෙන් සිදු වූවක්ද යන්න පිළිබඳව මුලින් සිදුකර තිබූ අනුමානය මේ වන විට විමර්ශකයන් විසින් සම්පූර්ණයෙන් බැහැර කර ඇති බව වාර්තා වේ.
මේ අතර එයාර් ඉන්ඩියා ගුවන් යානයේ අනතුරෙන් මියගොස් ඇති මුළු සංඛ්‍යාව 260ක් බවත් මියගිය අයගේ මළසිරුරු සියල්ල මේ වන විට හඳුනාගෙන ඔවුන්ගේ ඥාතීන් වෙත මුදාහැර අවසන් බව ඉන්දීය බලධාරීහු පවසති.
සංස්කරණය – ඒමන්ති මාරඹේ