නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ASP වුඩ්ලර්
මනතුංග පොලොන්නරුවට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 09 දෙනකු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.
මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පොළොන්නරුව කොට්ඨාසය භාරව පත්කර ඇති අතර නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. කේ. වුට්ලර් මහතා පත් කර තිබේ.
මෙසේ මාරුකර යවා ඇති සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙසේය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්. එච්. එන්. ද සිල්වා පොළොන්නරුව කොට්ඨාසයේ සිට පානදුර කොට්ඨාසය භාරවත්, සී. කේ. රත්නායක මහතා පානදුර සිට සීතාවකපුර කොට්ඨාසය භාරවත් මාරු කර යවා ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී. ගුණරත්න මහතා පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය තනතුරේ රාජකාරි ආවරණයට අමතරව පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ද පත්කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ මහතා ගල්කිස්ස සිට කැබිතිගොල්ලෑව කොට්ඨාසය භාරවත්, ඒ. ජේ. ගුණසේකර මහතා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ සිට ගල්කිස්ස කොට්ඨාසය භාරවත් පත්කර ඇත.
කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්. අයි. එස්. මුතුමාල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ලෙසත්, කේ. සී. ආරියවංශ ගම්පොළ කොට්ඨාසයේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ලෙසත් පත්කර තිබේ.
මාරුකර යැවූ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්දෙනා මෙසේය.
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. සී. ජී. ද සිල්වා වැලිපැන්න ස්ථානාධිපති සිට සාමාන්‍ය රාජකාරි ඇල්පිටිය ලෙසත්, අයි. බී. ඒකනායක පුත්තලම කොට්ඨාසයේ සිට නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ලෙසත් පත්කර ඇත.
පොලිස් පරීක්‍ෂක එස්. කේ. අනුරජිත් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ලෙසත්, ජී. ආර්. ටී. හේමචන්ද්‍ර කරදියනාරු ස්ථානාධිපති සිට ආදුරුප්පුවීදිය ස්ථානාධිපති ලෙසත්, ටී. සී. පැතුම් කුමාර නවගත්තේගම පොලිස් ස්ථානාධිපති සිට කරදියනාරු ස්ථානාධිපති ලෙසත් මාරුකර යවා තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම මාරුවීම් ක්‍රියාත්මක කර ඇත.
හේමන්ත රන්දුණු