Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

July 1, 2025
264 Views

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නි. කථානායක මැති සබයට දැනුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) නමැති පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එම වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධනය කරන්නේ නම් පටහැනි භාවයන් මගහැරී යන බවත් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඊයේ (30දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත්, මෙම කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.

එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව කථානායකවරයා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. එකී තීන්දුව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පහත පරිදි සාරාංශගත කර ඇත.

8(2) වගන්තියේ සඳහන් ‘කමිටුවේ සාමාජිකයන් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ පත්විය යුතු බවය’ සංශෝධනය කළ යුතුය. 13(1)(ඇ) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතුය. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශය පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

13(1) (අ) වගන්තියේ විවිධාංගීකරණයේ දෙවන අදියරේ සේවකයන් මාරු කිරීම සහ සේවකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවන බැවින් අපැහැදිලි සහ අත්තනෝමතික වේ. එබැවින් මෙම වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමග කිවයුතු 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතුය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශය සටහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

13(2) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වේ. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශය සටහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok