Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පරීක්ෂා කිරීමට බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි බහාලු‍ම් නිදහස් කර තිබෙන්නේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පරීක්ෂා කිරීමට බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි බහාලු‍ම් නිදහස් කර තිබෙන්නේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පරීක්ෂා කිරීමට බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි බහාලු‍ම් නිදහස් කර තිබෙන්නේ

July 1, 2025
274 Views

බහාලු‍ම් 323 ගැන ජනාධිපති කමිටුව වාර්තාව සභාගත කරමින් මුජිබර් කියයි

නිසි පරීක්ෂාවක් සිදු නොකර බහාලු‍ම් 323ක් නිදහස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති පත් කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව විපක්ෂ මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

ඒ අනුව රතු ලේබලය යටතේ තිබූ බහාලුම් 309ක් මෙන්ම කහ ලේබලය යටතේ තිබූ බහාලුම් 158කුත් නිසි පරීක්ෂාවකින් තොරව වංචා සහගත ලෙස නිදහස් කර ඇතැයිද කම්ටු වාර්තාවෙන් කියා ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. එහිදී මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් මෙසේද කීය.

සෑම ආණ්ඩු කාලයකදී රේගුව සම්බන්ධයෙන් සිදුවීම් රැසක් සිදුවී තිබෙනවා. මේ ආණ්ඩුව බලයට ආපසු ජනවාරි මස බහාලුම් තදබදයක් මතුවෙලා කන්ටේනර් තුන්සිය විසිතුනක් කිසිම පරීක්ෂාවකින් තොරව නිදහස් කළා කියලා. එය විශාල ආන්දෝලනයට තුඩු දුන් සිදුවීමක් වුණා. ඒ ගැන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වුණා. මේ ගැන පරීක්ෂා කරන්න ජනාධිපති ජනවාරි මාසයේ 30දා කමිටුවක් පත් කළා. එහි සභාපති ලෙස භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න, කළමනාකාරණ හා විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ.පී. කුරුම්බලපිටිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.බී. ජයසුන්දර, වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී. කුමාර, රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ එස්.පී. ජයවර්ධන යන මහත්වරුන් සහ එහි කැඳවුම්කරු ලෙස ආචාර්ය විශාකා විජයරත්න ඇලපාත මහත්මියත් පත්කළා. මේ කමිටුව ජුනි මාසයේ 12දා සිය වාර්තාව ජනාධිපතිට භාරදී තිබෙනවා. දැන් සති දෙකක් පමණ වෙනවා. තවම මෙය එළියට ආවේ නෑ. පාර්ලිමේන්තුවට ආවෙත් නෑ. අපි මේ සිදුවීම ගැන ඇසූ විට මේ ඇමැතිවරු විවිධ දේවල් කිව්වා. ඒ නිසා අපිට මේ ගැන හොයාගෙන ඇවිත් තොරතුරු කියන්න වුණා.

මේ වාර්තාවට රේගු නිෂ්කාෂනවලදී කන්ටේනර් සඳහා රතු, කහ සහ කොළ ලේබල් කියලා වර්ගයන් තිබෙනවා. රතු ලේබලය ඇති කන්ටේනර් භෞතික පරීක්ෂාවක් කර පසුව ස්කෑන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. කහ ලේබල් කියන වර්ගයට අනුව සාම්පල්, ස්කෑන් ආදී ලෙස පරීක්ෂා කළ යුතුයි. කොළ ලේබල් වර්ගයේදී ඒ ලිපිගොනු පමණක් පරීක්ෂා කර යැවිය හැකියි. මේ ගැන පරීක්ෂා කළ ඒ පරීක්ෂණ වාර්තාවට අනුව 16 වැනි පිටුවේ මේ ලේබල් ගැන සඳහන් කර තිබෙනවා, ඒ අනුව මෙම නිදහස් කළ කන්ටේනර් රතු ලේබලය යටතේ තිබෙන ඒවා නිවැරදි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම නිවැරදි තීරණයක් නොවන්නේය කියලා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මෙම වාර්තාවේ පිටු අංක 10 සඳහන් කර තිබෙනවා රේගු පරිශ්‍රය තුළ උද්ගතවූ බහාලුම් තදබදය සමනය කිරීම සඳහා කමිටුවක් පත් කළා කියා තිබෙනවා. මේ කන්ටේනර් පරීක්ෂා කර නිදහස් කරන්න කියලා. එහිදී ජනාධිපති පරීක්ෂණ කමිටුව කියනවා තදබදය වැළැක්වීම සඳහා මෙම කන්ටේනර් නිදහස් කළද ඒ ගත් ක්‍රියාමාර්ග මගින් අපගමනයක් සිදුව ඇති බව.

රේගුවේ ඇති අවධානම් කළමනාකරණ පද්ධතිය මගින් තෝරා ගැනෙන ඉහළ අවධානමක් ඇති රතු ලේබල් සහිත කන්ටේනර් මෙලෙස නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂකවරයාට කිසිඳු බලයක් නොමැති අතර මේවා නිදහස් කිරීම මගින් ඔහු බලය අනිසි ලෙස භාවිතා කර තිබෙනවා කියලා. ඔහු බලය අවභාවිතා කර තිබෙනවා. ඒ වගේම රේගුව විසින් පත් කළ කම්ටුවක් මගින් තත්ත්වය සමනය කිරීම සඳහා බහාලුම් නිදහස් කර ඇති ප්‍රමාණය මාධ්‍ය මගින් 323ක් ලෙස සඳහන් වුවද නිදහස් කර තිබෙන්නේ බහාලුම් 309යි. ඒ වගේම මෙම රේගු කමිටුව සඳහා තුන්දෙනෙක්ගේ කමිටුවක් පත් කළ ද මෙම බහාලුම් 309 නිදහස් කිරීම සඳහා පත් කළ රේගු කමිටුවේ එක් කමිටු සාමාජිකයකු පමණයි සහභාගි වී තිබෙන්නේ. එනම් කමිටු සාමාජික සුරවීර මහතා පමණයි. මේ කමිටුව අධීක්ෂණය කිරීම සඳහා පත් කළ අරුක්ගොඩ නමැති මහතාත් මේ නිදහස් කිරීමේ කටයුතුවලට සහභාගි වෙලා තිබෙනවා. ඒත් එය නීති විරෝධී බව පරීක්ෂණ කමිටුව කියනවා.

ඒ වගේම රේගුවේ මෙම කමිටුවට බලය තිබුනේ රතු ලේබල් සහිත බහාලුම් නිදහස් කරන්න පමණයි. එහෙත් මේ අය කහ ලේබලය සහිත බහාලුම් 158කුත් නිදහස් කරලා. ඒක ඒ අයට අයිති නැති දෙයක්. ඒ වගේම මෙම කන්ටේනර් නිදහස් කරන්න කලින් ජනවාරි 19දා තීරණය කරන්නේ නමුත් කන්ටේනර් 02ක් ඒ තීන්දුව ගන්න කලින් එළියට ගිහින්. ඒක අර්චුනා කියන කන්ටේනර් දෙකද දන්නෙත් නෑ. මේක මාර අවුලක්. මේක දූෂණයක්. වංචාවක්. මේ බහාලුම් පරීක්ෂා කරන්න කියලා බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි නිදහස් කර තිබෙන්නේ. මේක විශාල දූෂණයක්. නමුත් මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් මණ්ත්‍රීවරුන් මේක වහන්න උත්සාහ කරනවා. ඇයි ඒ? අපිට සැකයක් තිබෙනවා ආණ්ඩුවට ඡන්දෙදි උදව් කළ ව්‍යාපාරිකයන්ගේ බහාලුම්ද මේ විදිහට අනීතිකව නිදහස් කළේ කියන ප්‍රශ්නය අපට තිබෙනවා. එදා ගෝඨාභය බද්ද අඩු කළා වගේ මේ අය ඇවිත් කළේ කන්ටේනර් නිදහස් කිරීමයි. අද ඇයි මේ ගැන සීඅයිඩී එක පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි? මහ බැංකු සිද්ධියේදී ඒ චෝදනාව එල්ල වුනේ රනිල් වික්‍රමසිංහටයි. ඒ ඔහු යටතේ ඒ ආයතනය තිබුණු නිසායි. දැන් රේගුව තිබෙන්නේ වත්මන් ජනාධිපති යටතේයි. ඒ නිසා මේ චෝදනාවෙන් අනුර කුමාර ජනාධිපතිට වගකීම දරන්න වෙනවා.
ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා- මේ ගැන මටත් කියන්න දේවල් තිබෙනවා. නමුත් කියන්න භයයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

කේබල් එකෙන් බෙල්ල හිරකර සම්පත් මරා රත්‍රං බඩුයි සල්ලියි කොල්ල කෑවා

ප්‍රධාන පුවත්

විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ප්‍රධාන පුවත්

මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පොලිස් ලොක්කෝ 9ක්, ඕ.අයි.සී.ලා 5ක් වහාම මාරු

ප්‍රධාන පුවත්

කෝටි 103ක වැට් බදු ගෙවීම පැහැර හැරියැයි මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන් 2කට නඩු පවරයි

ප්‍රධාන පුවත්

ලක්ෂ්මන් යාපාට හා BOI හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට අධිචෝදනා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok