Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලක්ෂ්මන් යාපාට හා BOI හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට අධිචෝදනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලක්ෂ්මන් යාපාට හා BOI හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට අධිචෝදනා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ලක්ෂ්මන් යාපාට හා BOI හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට අධිචෝදනා

July 1, 2025
185 Views

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තියේ හතර වැනි වසර සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ මුදලින් රුපියල් දාහත් ලක්ෂ හතළිස් ලක්ෂයක් වැයකර පුවත්පත් දැන්වීම් පළකිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන මහත්වරුන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේදී ඊයේ (30දා) අධිචෝදනා පත්‍ර භාරදෙනු ලැබීය.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට දින නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළේය. විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කිරීමට ද විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කෙරිණි.

සිය සේවාදායකයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් හා අධිචෝදනා විභාග කිරීමට අධිකරණයට ඇති බලය සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී මූලික විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් හා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න යන මහත්වරු කියා සිටියහ. අධිකරණය නිකුත් කළ සිතාසි නියෝග අනුව එම විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2014.10.01 සහ 2014.12.12 කාලය අතරතුරදී ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රජයට පාඩුවක් සිදුවන බව දනිමින්ම එලෙස දැන්වීම් පළ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ මුදල් භාවිත කිරීම මගින් අල්ලස් හෝ දූෂණ විමර්ශන පනතේ දූෂණය නමැති වරද සිදු කළැයි විත්තිකරුවන්ට චෝදනා නඟා තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සුසිල් ප්‍රේම් ජයන්ත්, නාමල් රාජපක්ෂ, හේමන්ත වික්‍රමසිංහ, එමාල් ගුණසේකර, අචින්ත ද සිල්වා, ඊ. එස්. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න හා ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් යන මහත්වරු පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

කේබල් එකෙන් බෙල්ල හිරකර සම්පත් මරා රත්‍රං බඩුයි සල්ලියි කොල්ල කෑවා

ප්‍රධාන පුවත්

විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ප්‍රධාන පුවත්

මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පොලිස් ලොක්කෝ 9ක්, ඕ.අයි.සී.ලා 5ක් වහාම මාරු

ප්‍රධාන පුවත්

පරීක්ෂා කිරීමට බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි බහාලු‍ම් නිදහස් කර තිබෙන්නේ

ප්‍රධාන පුවත්

කෝටි 103ක වැට් බදු ගෙවීම පැහැර හැරියැයි මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන් 2කට නඩු පවරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok