රජයට අයවිය යුතු රුපියල් 1,035,473,988ක (රුපියල් කෝටි 103කට අධික) වැට් බදු මුදලක් ගෙවීම පැහැර හැරීමේ චෝදනාව යටතේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් සහ ඇන්තනි රන්දෙව්, ජිනේන්ද්‍ර ජෝන් යන දෙදෙනාට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එම සැකකරුවන් දෙදෙනාට ලබන ඔක්තෝබර් 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය ඊයේ (30දා) නියෝග කළාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
රුපියල් මිලියන 355කට ආසන්න වැට් බදු මුදලක් නොගෙවීමේ වරදට වරදකරුවන් කරනු ලැබූ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර මාස හය බැගින් වූ සිරදඬුවම් නියම කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක