ශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලිය
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (02දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. එම එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය මේ වනවිටත් නම් කර තිබේ.
ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් සංචිතය සුපුරුදු ලෙස නායකත්වය හිමි වී තිබෙන්නේ චරිත් අසලංකටය. නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, තරිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, ඒශාන් මාලිංග
තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය හෙට (02දා) සහ දෙවන තරගය 05 වැනියා පැවැත්වේ. මුල් තරග දෙක පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. තුන් වැනි තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී 08 වැනිදා ආරම්භ වීමට නියමිතය.