Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් ජයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ටෙස්ට් ජයක්

June 30, 2025
151 Views

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එස්. එස්. සී. පිටියේදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 78ක සුපිරි ජයක් ලබන්නට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණි.

තුන්වැනි දිනයේ විනාඩි 28ක් ඇතුළතදී බංග්ලාදේශ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවා ගැනීමට සමත්වූ ශ්‍රී ලංකාවට තරගයේ දිනයක් ද ඉතිරිව තිබියදී ටෙස්ට් තරගාවලිය ජය ගන්නට හැකිවීමම සුවිශේෂී කාරණයක් විය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව ඉනිමක ජයග්‍රහණය ලැබුවේ නවවැනි වතාවටයි.

බංග්ලාදේශ ඉනිමේ කඩුලු 5ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය තම ටෙස්ට් තරග දිවියේ කඩුලු 05ක් හෝ ඊට වැඩියෙන් දවාගත් 12 වැනි අවස්ථාව ද මෙය විය.

View Post

කඩුලු 06කට ලකුණු 115ක් ලෙස බංග්ලාදේශ ලකුණු පුවරුව සිව්වැනි දිනයේ සටහන් වෙද්දී තරගය ඇරඹූ අතර, විටන් දාස් සිව්වැනි දිනයේ පළමු කඩුල්ල ලෙස ප්‍රභාත් ජයසූරිය විසින් දවාගත්තේය.

ඉන්පසු ක්‍රියාත්මක වූ කුසල් මෙන්ඩිස් නහීම් හසන්ගේ කඩුල්ල ස්ටම්ප් කිරීමකට හසුකර ගනිමින් ප්‍රභාත් ජයසූරියට සිව්වැනි කඩුල්ලත් හිමිකර දුන්නේය.

ඉන්පසු නයිජුල් ඉස්ලාම් දැවී ගිය අතර අවසන් කඩුල්ල ලෙස එබදොන් හොසේන්ගේ කඩුල්ල තරිඳු රත්නායක දවාගනිද්දී සිව්වැනි දිනයේ තරගය පන්දු 34කට සීමා විය. දෙවැනි ටෙස්ට් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා මෙන්ම පළමු ඉනිමේදී ලකුණු 158ක් ලබාගත් පැතුම් නිස්සංක සම්මාන දිනාගත්තේය.

දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය මුලින්ම තීරණය කළේ පන්දුවට පහරදීමටය. බංග්ලාදේශයේ පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 247කට සීමා විය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට සියල්ල දැවී ලකුණු 458ක් ලබාගත් අතර ඉන්පසු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 211ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ක්‍රියාත්මක කළ බංග්ලාදේශය දෙවැනි ඉනිම ලකුණු 133කට සීමාවිය. ඒ අනුව පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 78කින් ශ්‍රී ලංකාව ජයගත්තේය.

බංග්ලාදේශය පළමු ඉනිම පන්දුවාර 79.3 කදී සියලු දෙනා දැවී ලකුණු 247 යි – (ශද්මන් ඉස්ලාම් 46, අනමුල් හක් 00, මොමිනුල් හක් 21, නජ්මුල් හොසේන් ෂොන්ටෝ 08, මුෂ්ෆිකර් රහීම් 35, ලිටන් දාස් 34, මෙහෙදි හසන් මිරාස් 31, නයීම් හසන් 25, තයිජුල් ඉස්ලාම් 33, එබාදොත් හොසේන් 08, නහීද් රානා 00, අසිත ප්‍රනාන්දු 51/3, විශ්ව ප්‍රනාන්දු 45/2, සොනාල් දිනූෂ 22/3, ධනංජය ද සිල්වා 15/1, තරිඳු රත්නායක 72/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 116.5 කදී සියලු දෙනා දැවී ලකුණු 458 යි – (පැතුම් නිශ්ශංක 158, ළහිරු උදාර 40, දිනේෂ් චන්දිමාල් 93, ප්‍රභාත් ජයසූරිය 10, ධනංජය ද සිල්වා 07, කමිදු මෙන්ඩිස් 33, කුසල් මෙන්ඩිස් 84, සොනාල් දිනූෂ 11, තරිඳු රත්නායක 10, විශ්ව ප්‍රනාන්දු 00, තයිජුල් ඉස්ලාම් 131/5, නයීම් හසන් 87/3, නහිද් රානා 94/1)

බංග්ලාදේශය දෙවැනි ඉනිම පන්දුවාර 38.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 133 යි – (ශද්මන් ඉස්ලාම් 12, එනමුල් හක් 19, මොමිනුල් හක් 15, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 19, මුෂ්ෆිකර් රහීම් 26, ලිටන් දාස් 14, මෙහෙදි හසන් මිරාස් 11, නයීම් හසන් 05, තයිජුල් ඉස්ලාම් 06, එබදොත් හොසේන් 06, නහීද් රානා 00, ධනංජය ද සිල්වා 13/2, ප්‍රභාත් ජයසූරිය 56/5, අසිත ප්‍රනාන්දු 22/1, තරිඳු රත්නායක 19/2

සුසිල් ජයකොඩි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ක්‍රී​ඩා

පළමුවරට හිරුණ සහ මීදුම් රන් පදක්කම් දිනති

ක්‍රී​ඩා

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ක්‍රී​ඩා

ජවසම්පන්න පහරකට විශේෂඥ පුහුණුවක්

ක්‍රී​ඩා

විම්බල්ඩන් ටෙනිස් ශූරතාව ඊගා ශ්වියොන් ටෙක්ට

ක්‍රී​ඩා

ගාල්ලේ මහා ක්‍රිකට් සංග්‍රාමය 18 – 19

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok