කනිෂ්ඨ ලෝක රෝල් බෝල් තරගාවලිය
කෙන්යාවේ පැවති වයස අවුරුදු 17 න් පහළ, කනිෂ්ඨ ලෝක රෝල් බෝල් (ඍදකක ඊ්කක) ශූරතා තරගාවලියේදී, එහි තුන්වන ස්ථානය දිනා ගනිමින් ලෝකඩ පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16ක සහභාගීත්වයෙන් කෙන්යාවේ නයිරෝබි නුවර ඉකුත් ජුනි 22 සිට 29 දක්වා පවත්වා තිබුණි.
මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් අතරින් වැඩි පිරිසක් උතුරු පළාත නියෝජනය කරන ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි. මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රෝල් බෝල් ෆෙඩරේෂණයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල