ඩයලොග් පාසල් රග්බි ලීග් තරගාවලියේ 2 කොටසේ ් කාණ්ඩයේ තරගයක් පසුගියදා (ජුනි 27දා) කොළඹ නාලන්දා විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර රාජගිරිය ආනන්ද විද්‍යාලයීය රග්බි පිටියේදී පැවැත්විණි.
මෙම තරගයෙන් ලකුණු 22-27 ක් ලෙස අති තියුණු ජයක් ලැබීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සමත් විය.
මෙහිදී පළමු අර්ධය අවසන් වනවිට නාලන්ද විද්‍යාලය ලකුණු 12ක් සහ ජනාධිපති විද්‍යාලය ලකුණු 10ක් ලබා සිටිය ද දෙවන අර්ධයේදී පිටියට පිවිසි ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයින් එය ජයග්‍රාහී ලකුණු 27 ක් දක්වා රැගෙන යන ලදී.
එහිදී කණ්ඩායම වෙනුවෙන් රහීම් නූර් ගෝල 2 ක් ද , තෙව්මික මුදුන්කොටුව ගෝල 01 ක් ද, ෂාබිර් ෂිආබ් ගෝල 01 ක් ද වශයෙන් සහ ඉඳුවර පෙරේරා උත්සාහක පහර 02 ක් ද, දඬුවම් පහර 01ක් වශයෙන් කණ්ඩායමට තම දායකත්වය ලබාදී තිබිණි.
මෙම තරගාවලියේ මින් පෙර පැවති පළමු තරගය වූ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති තරගය ද 33-19 ක් ලෙස ජනාධිපති විද්‍යාලයීය රග්බි කණ්ඩායම ජයග්‍රහණය කර අතර ඒ අනුව මෙතෙක් පැවති කණ්ඩායම් තරග දෙකම ජය ලබා ජනාධිපති විද්‍යාලයේ රග්බි කණ්ඩායම මීළඟ කුසලාන ශූරතා වටයට ද සුදුසුකම් ලබාගෙන ඇත.