ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නිල නොවන එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග දෙකකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාව බලා ඊයේ පිටත්ව ගියේය.
ඔස්ට්‍රේලියාව බලාගිය කණ්ඩායම් දෙකේ නායකත්වය ළහිරු උදාරට සහ පසිඳු සූරියබණ්ඩාරට හිමි වී තිබේ.
ශ්‍රී ලංකා ඒ එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු උදාර දරන අතර පසුගියදා ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.
තව ද ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ටෙස්ට් නායකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර නම් කර තිබේ. නිල නොවන එක්දින තරග 3 ජූලි මස 6 සහ 9 වන දින පැවැත්වේ. ජූලි 13 වැනිදා සිට ආරම්භ වන ටෙස්ට් තරගය ජූලි 23 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග සියල්ල ඔස්ට්‍රේලියාව ඩර්බන් නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ඒ – එක්දින සංචිතය
ළහිරු උදාර – නායක, කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, නුවනිදු ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මධුෂාන්, මොහොමඩ් ශිරාස්, හේමන්ත සහ වනූජ සහන්
ශ්‍රී ලංකා ඒ – නිල නොවන
ටෙස්ට් සංචිතය
පසිඳු සූරියබණ්ඩාර – නායක, ළහිරු උදාර, කමිල් මිෂාර, රවිඳු රසන්ත, නුවනිදු ප්‍රනාන්දු, පවන් රත්නායක, විශාද් රන්දික, සොහාන් ද ලිවේරා, සොනාල් දිනූෂ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, අසංක මනෝජ්, මොහොමඩ් ශිරාස්, ප්‍රමෝද් මධුෂාන්, වනූජ සහන් සහ නිශාන් පීරිස්.