චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලෝරන්ස් වොන්ග් මහතා හමුවෙයි. පසුගියදා බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී මෙම හමුව සිදු විය. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ධුරයට යළි තේරී පත්වූ ලෝරන්ස් වොන්ග් මහතා වෙත ෂී ජින් පිං මහතා එහිදී සිය සුභපැතුම් පිරිනැමීය.
මෙම වසර චීන – සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 35 වැනි සංවත්සරය සනිටුහන් කරයි. දෙපාර්ශ්වය සෑම විටම අන්‍යොන්‍ය අවබෝධය හා ගෞරවය අනුගමනය කර ඇති අතර, එය දෙරටේ සබඳතාවන් හි ස්ථාවර හා විධිමත් සංවර්ධනය සඳහා ස්ථිර සහතික වීමක් ලබා දී ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. චීන – සිංගප්පූරු සහයෝගිතාවයෙන් ශුශෝ කාර්මික උද්‍යානය වැනි සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇති අතර එමගින් දෙරටෙහි නවීකරණය සඳහා වැදගත් සහයක් ලබා දී තිබෙන බව ද ෂී ජින් පිං මහතා කියා සිටියේය. “දෙපාර්ශ්වය එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැඟීම ගැඹුරින් ප්‍රවර්ධනය කළ යුතු අතර ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය සහ කෘත්‍රිම බුද්ධිය වැනි විවිධ ක්ෂේත්‍රයන් හි සහයෝගිතා ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. සමාන හා ක්‍රමවත් ගෝලීය බහු ධ්‍රැවීකරණය සහ විශ්වීය ප්‍රතිලාභයෙන් හා සහභාගිත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් දෙපාර්ශ්වයම පොදුවේ පෙනී සිටිය යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.