Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බෙහෙත් නෑ: දොස්තරලා නෑ: මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 30 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බෙහෙත් නෑ: දොස්තරලා නෑ: මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

බෙහෙත් නෑ: දොස්තරලා නෑ: මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ

June 30, 2025
268 Views

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
වෛද්‍ය දිපිකා පටබැඳිගේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කියයි
බෙහෙත් පිටින් ගන්න කිව්වත් ප්‍රමාණවත් මුදලක් අපිට නෑ
ඉල්ලන ප්‍රමාණය නොලැබීම තමයි ලොකුම ගැටලුව
ඒ මදිවට ජීවිත තර්ජනත්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල්වලට ප්‍රමාණවත් බෙහෙත් නෑ දොස්තරලා නෑ. ඒ නිසා මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වෙලා. ජිවිත තර්ජන පවා එල්ලවෙන තැනට පත්වෙලා. කඩිනමින් මේ ගැටලුව විසඳා දෙන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිපිකා පටබැඳිගේ මහත්මිය පැවසුවාය.

පසුගිය දින හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවාය. එහිදී වැඩිදුරටත් මේ පිළිබදව අදහස් දැක් වූ ඇය මෙසේද පැවසුවාය.

මේ වෙන කොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන රෝහලවලට ප්‍රමාණවත් ඖෂධ නෑ. උදාහරණයක් විදියට ප්‍රතිජීවක ඖෂධ කියමුකෝ. අපි ඒවා ලක්ෂ 02ක් ඉල්ලු‍වොත් අපිට ලැබෙන්නේ එකෙනුත් 20,000ක් වගේ පොඩි ප්‍රමාණයක්. අනිත් ඖෂධත් එහෙම තමා අපිට ලැබෙන්නේ. ඉතින් ඒ ලැබෙන පොඩි ප්‍රමාණය තමයි අපි ප්‍රමුඛතාකරණය කරලා දිස්ත්‍රික්කයේ රෝහල්වලට බෙදාහැරීම සිදුකරන්නේ. ඒකෙනුත් දිස්ත්‍රික්කය තුළ තියෙන මූලික රෝහල් තුනට අනිවාර්යෙන්ම ලැබෙන බෙහෙත් ටිකෙන් යම් ප්‍රමාණයක් දිය යුතුව තියෙනවා. අපේ වගකීම තමයි රෝහල්වලට අවශ්‍ය බෙහෙත් පිළිබඳව ඉල්ලු‍ම් කරලා වෛද්‍ය සැපයුම් අංශයෙන් ඒවා ලබාගැනීම. ඉතින් අපි ඒ ඉල්ලීම් නිසි වෙලාවට සිදුකරනවා වගේම ලොරි රථත් ඒ සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා. නමුත් අපි සිදුකරන ඉල්ලිම්වලට ප්‍රමාණවත් සැපයුම් සිදුවෙන්නේ නැති එක තමයි ලොකුම ගැටළුව බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රාදේශීයව බෙහෙත් යම් ප්‍රමාණයක් ගන්න අපිට අවසර දීලා තිබුණත් එම බෙහෙත් මිලදී ගන්න ප්‍රමාණවත් මුදලක් අපිට නෑ. අනික ලොකු ප්‍රමාණවලින් මිලදී ගන්න හැකියාවක් අපට ඇත්තෙත් නෑ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ වෛද්‍ය සැපයුම් අංශය හරහාම ලංකාවට අවශ්‍ය බෙහෙත් බෙදාහැරීම සිදුකරන්න කටයුතු කරන්න කියලයි. අපිට මේ අවුරුද්දට රුපියල් ලක්ෂ 61ක් දීලා තිබුණා. මේ වෙනකොට ඉතිරි වෙලා තියෙන්නේ රුපියල් 1013000/=යි. පසුගිය දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඖෂධ හා චිකිත්සක කමිටු රැස්වීම තිබ්බා. එහිදී ආයතන ප්‍රධානීන් හැමෝම මේ ඖෂධ හිඟය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා වගේම ඖෂධ ඉල්ලිම් කළා. ඉතින් මේ සිදුකරන ඖෂධ ඉල්ලීම් ඉටුකරන්න හැකියාවක් අපිට නෑ තියෙන මුදලත් එක්ක. අපි ප්‍රතිපාදන ඉල්ලීම කරනවා. නමුත් ප්‍රාදේශීය මට්ටමෙන් මේ තරම් ඖෂධ ප්‍රමාණයක් මිලදී ගැනිමට කිසිසේත් හැකියාවක් නෑ. බෙහෙත් මිලදී ගන්න කියලා කිවුවත් අපිට එහෙම ගන්න අවසර දෙන්නෙත් නෑ. අනික තමා මේ දිනවල අපි රූපවාහිනි හරහා දකින පුවත් දිහා බැලුවමත් මේ විදියේ ලොකු ප්‍රමාණයක් ඖෂධ මිලදී ගන්න අපි කටයුතු කරන එකෙත් අපිට ලොකු අවධානමක් තියෙනවා. ඖෂධ හ`ිගය රෝහල් අධිකාරීවරුන් පිට පැටවීම නම් සුදුසු නෑ. ඒ කරන චෝදනා පවා මම ප්‍රතික්ෂේප කරනවා. මේක ලොකු බරපතළ තත්ත්වක්. මේ ඖෂධ හිඟය නිසා බෙහෙත් ටිකක් ගන්න එන රෝගීන්ට රෝහලෙන් බෙහෙත් නෑ පිටින් ගන්න කියලා කිවුවම රෝගින් කලබල වෙනවා විතරක් නෙමේ වෛද්‍යවරු සොයාගෙන ගිහින් ගැටළු ඇති වෙන තැනට පත් වෙලා. වෛද්‍ය වරුන්ගේ මෙන්ම රෝහල් කාර්ය මංඩලවල පවා ජීවිත අනතුරකට වැටීගෙන එනවා මේ නිසා. මේ නිසා මේ තත්ත්වය කඩිනමින් විසඳිය යුතුව තියෙනවා.

ඒ විතරක් නෙමේ සේවකයන් හා වෛද්‍යවරු සේවා සපයන්නේ පවා ලොකු සේවක හිඟයක් තිබියදීයි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මේ වෙන කොට වෛද්‍යවරු 34 දෙනෙකු ගේ හිඟයක් තියෙනවා. ඒ අතරින් මූලික රෝහලවලට වෛද්‍යවරු 25ක් අඩුයි. ඒ අතරිනුත් තිස්සමහාරාම මූලික රෝහලට තමා වෛද්‍යවරු 21ක්ම අඩු. වලස්මුල්ල රෝහලට වෛද්‍යවරු 04ක්, ප්‍රාදේශීය රෝහල්වලට වෛද්‍යවරු 01ක් හා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවලට වෛද්‍යවරු 07ක් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහා වෛද්‍යවරු 02ක් හිඟයි. ඒවිතරක් නෙමේ රෝහල්වලට ඖෂධ සංයෝජකලා ප්‍රාදේශීය රෝහල්වලට 08ක් හා ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකවලට 03ක් ලෙස 11ක් පුරප්පාඩු තියෙනවා. කණිෂ්ඨ හා සාමාන්‍ය කම්කරු සේවක පුරප්පාඩු 41ක් තියෙනවා. මේ විදියට අනෙකුත් තනතුරු සදහාත් පුරප්පාඩු තියෙනවා. මේ තත්ත්වය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑම ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය කඩිනමින් සම්පූර්ණ කළ යුතුයි. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පවතින ඖෂධ හිඟය හේතුවෙන්

රෝගීන්ද මේ වසන විට දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. සායනවලට ගියාම රෝහල්වලින් ඖෂධ සීමිත ප්‍රමාණයක් ලබා දී අනෙකුත් බෙහෙත් පිටතින් ගන්න කියා තුන්ඩු දෙන බවයි රෝගීන් පවසන්නේ. ඖෂධ හිඟය පිළිබදව වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා ඇතුළු වෛද්‍යවරුන් පවා පසුගිය කාලයේදී කරුණු අනාවරණය කර තිබියදී වගකිවයුත්තන් ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම මේ තත්ත්වය ඇතිවීමට හේතුව වී ඇති බවයි රෝහල් අධිකාරීවරුන්ද පවසන්නේ.
මත්තල – දිලීප් එන්. ජයසේකර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

අද දැයෙන් සමුගන්නා පාපැදියට පෙම්බැඳි සුමනවීර

ප්‍රාදේශීය පුවත්

ජලය පිරුණු වගා ළිඳට වැටුණු වන අලියා අවාසනාවන්ත ලෙස මරුට

ප්‍රාදේශීය පුවත්

කොළඹ සරසවි සිසුවාගේ ශෝකාන්තය

ප්‍රාදේශීය පුවත්

ඊශ්‍රායලයේ සිට නැවත දිවයිනට පැමිණි අයගේ Re – entry වීසා කාලය දික් කරයි

ප්‍රාදේශීය පුවත්

මිහින්තලේ මහ කනදරා වැවේ වැව් බැම්ම අනතුරේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok