මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවල නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුළත්වීමේ වීසා (Re – entry visa)සහිතව මෙරටට පැමිණ සිටින අයගේ Re – entry visa වීසා හි වලංගු කාලය 2025. 07. 31 දින දක්වා දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) තීරණය කර ඇත.
ඒ අනුව, ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වනවිට ආරම්භ කර ඇති බැවින් Re – entry වීසා මත මෙරටට පැමිණි අයවලුන්ට Re – entry වීසා කාලය අවසන් වුව ද 2025.07.31 දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වීමට හැකියාව ඇත.