Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැලිගම ප්‍රා. සභාව ඇවිස්සී කල් යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැලිගම ප්‍රා. සභාව ඇවිස්සී කල් යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

වැලිගම ප්‍රා. සභාව ඇවිස්සී කල් යයි

June 28, 2025
88 Views

රැස්වීමට එමින් සිටි මාලිමාවේ දෙදෙනකු අතුරුදන්ලු

අතුරුදන් දෙදෙනා ආපසු ඇවිත්

නගර සභා රැස්වීමටත් දැඩි රැකවල්

දොරවල් කඩා ගෙන පිරිසක් ඇතුළට එති

වැලිගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරුන් කැඳවා තිබෙන්නේ මුදල් අරගෙනයි – ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක චින්තක හේවාපතිරණ

විපක්ෂයේ මන්ත්‍රීවරුන් නම්මගන්න බැරිවූ නිසා මාලිමාව කඩාකප්පල්කාරී වැඩක් කළා – වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ

වැලිගම ප්‍රාදේශීය සභාව පිහිටුවීම සඳහා දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය වන උමන්දා මෙන්ඩිස් මහත්මිය ඊයේ දින එම ප්‍රාදේශීය සභාවට පැමිණියාය. එහිදී වැලිගම ප්‍රාදේශීය සභාවට තරග කළ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසි දෙදෙනාගෙන් විසි දෙනෙක්ද විපක්ෂ නියෝජනය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විසි තුන් දෙනෙක් ද සභා ගර්භයේ රැඳී සිටියහ. පළාත් පාලන කොමසාරිස්වරියගේ තීරණය වූයේ සභාවේ ගණ පූර්ණය ඇති බැවින් විවෘත ඡන්ද විමසීමකින් හෝ නම් කීපයක් යෝජනා වුවහොත් රහස් ඡන්දයකින් සභාපතිවරයා තෝරා පත් කර ගත හැකි බවයි. එහිදී වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන විපක්ෂයේ මන්ත්‍රී ධුරයක් හිමි පුෂ්ප කුමාර බැට්ටගේ මහතා නැගිට සමගි ජන බලවේගය නියෝජනය කරන ලසන්ත වික්‍රමසේකර මහතා සභාපති ධුරයට සුදුසු යැයි යෝජනා කළ අතර එම යෝජනාව විපක්ෂයේ සමගි ජන බලවේගය නියෝජනය කළ නලින් නමැති මන්ත්‍රීවරයා විසින් ස්ථිර කළ ද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම එම යෝජනාවට විරුද්ධව ප්‍රකාශ කළේ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් දෙදෙනකු දැනට අතුරුදන් වී ඇති බවත් ඔවුන් දෙදෙනා පිළිබඳව කිසිදු ආරංචියක් නොමැති බවත් ඒ පිළිබඳව කනංකෙ පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බැවින් සභාවේ කටයුතු කල් දමන ලෙසත් ය.

එහෙත් කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ මෙම සභාව සුළු සභාවක් නොවන බැවින් එවැනි යෝජනා ගෙන ආ යුතු නොවන බවයි. සභාවේ ගණපූර්ණය සඳහා අවශ්‍යව ඇත්තේ සභිකයන් විසි තුන්දෙනකු බවත් මේ මොහොත වන විටදී මන්ත්‍රීවරුන් හතළිස් තුන්දෙනකු සභාව නියෝජනය කරන නිසා සභාපතිවරයකු පත්කර ගත හැකි බවත් ඇය කීවාය. එහෙත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය නිසා කොමසාරිස්වරියට සිදු වූයේ සභාවේ කටයුතු පැය භාගයකට පමණ කල් දැමීමටය. කොමසාරිස්වරිය සභා ගර්භයෙන් පිටවී ගොස් මොහොතකට පසු ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් පිරිසක් පොලිස් නිලධාරීන්ගේ අණ ද නොතකා සභා ගර්භය පිහිටි ගොඩනැඟිල්ලට ඇතුළු වූයේ එහි දොර ද කඩා දමමිනි. පසුව සභාගර්භය ට ඇතුළු වූ පාක්ෂිකයෝ පැයකට ආසන්න කාලයක් එහේ සටන් පාඨ කියමින් රැඳී සිටියහ. ඔවුන් වඩාත් මෙහි දී ප්‍රකාශ කළේ රාජ්‍ය නිලධාරීන් මේ සඳහා අවශ්‍ය නැති බවත් සභාව පිහිටුවීම සිදු කරන බවත් ය. පසුව ආරක්ෂක අංශ නිලධාරීන් සමග මූලාසනය වෙත ගිය කොමසාරිස්වරිය පැමිණ සිටින මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ නැවතත් සභාව පැවැත්වීම සඳහා ඔවුන්ට සභාගර්භයෙන් පිටවී යන ලෙසයි. එහෙත් ජනතාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එහෙම රැඳී සිටීම හේතුවෙන් කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ දිගින් දිගටම ජනතාවගෙන් බාධා එල්ල වෙන බැවින් ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා අයකු නම් කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවයි. එබැවින් එම සභාව දින නියමයක් නොමැතිව කල් දමන බවත් නැවත සභාව රැස් කරන දිනය පත් වූ මන්ත්‍රීවරුන් සඳහා ලිඛිතව දැනුම් දෙන බවත් ඇය ප්‍රකාශ කළාය. රැස්ව සිටි ජාතික ජන බලවේගයේ සභිකයන් සහ ජනතාව විසින් ප්‍රීති ඝෝෂා නැගූ අතර එහිදී පාතාලය විසින් පැහැර ගත් බව කියන ඔවුන්ගේ සාමාජිකයන් දෙදෙනා ඉල්ලා විරෝධතාවයක් ද සිදු කළහ.

පසුව ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක චින්තක හේවාපතිරණ මහතා සඳහන් කළේ “අපේ මන්ත්‍රීවරුන් දෙපළක් අද අතුරුදන් වෙලා තියෙනවා. මෙය කනගාටුදායක තත්ත්වයක්. ඔවුන් අද රැස්වීමට පැමිණෙමින් සිටියදී මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ. වැලිගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරුන් කැඳවා තිබෙන්නේ මුදල් අරගෙනයි. මෙය වංචනිකව කරනු ලබන රැස්වීමක්. ඊයේ මේ මන්ත්‍රීවරුන් හෝටලයක නතර කර ගෙන කෑම දීලා තියෙනවා. අප ප්‍රාදේශීය මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ පුත්‍රයාටත් තර්ජනය කර තිබෙනවා. මේ තත්ත්වය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සිට දකින්නට ලැබුණා.

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ – මෙය ලැජ්ජා සහගත වැඩක්. අප විපක්ෂය කණ්ඩායමක් විදියට කටයුතු කළා. මේ දින කිහිපය තුළදී විපක්ෂයේ මන්ත්‍රීවරු එකතු කර ගන්නට උත්සාහ කළා. නමුත් ඔවුන්ට එවැනි හැකියාවක් නැති නිසා මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදි නොවන දෙයක් සිදු වුණා. අප බොහෝ දෙනෙකුට මරණ තර්ජන තිබෙනවා. පොලිසිය කැඳවා පිරිස ඉවත්කර ඡන්දය පවත්වන්නට පළාත් පාලන කොමසාරිස් තුමියට අවස්ථාව තිබුණා. එවැනි දෙයක් කළේ නැහැ.

ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන අන්දමින් මෙම රැස්වීමට නොපැමිණි මන්ත්‍රීවරුන් වන්නේ කනංක ප්‍රදේශය නියෝජනය කරමින් වැලිගම ප්‍රාදේශීය සභාවට පත් වූ කමනී අල්විස් සහ අජිත් ප්‍රියන්ත යන දෙදෙනායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කනංකෙ පොලිසිය වෙත පැමිණිල්ලක් ද ලැබී ඇත. එමෙන්ම සවස් වන විට ආරංචි වූයේ ඔවුන් දෙදෙනා නිරුපද්‍රිතව කනංකෙ පොලිසිය වෙත රැගෙන ආ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් කනංකෙ පොලිසිය විමර්ශන අරඹා ඇත.

තත්ත්වය මෙසේ තිබියදී සවස් වරුවේ වැලිගම නගර සභාව වෙනුවෙන් සභාපතිවරයකු පත්කර ගැනීම ද දකුණු පළාත් කොමසාරිස්වරියගේ මූලිකත්වයෙන් සිදුවිය. එහිදී වැලිගම නගර සභාව අවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ අතර ජනතාව නියෝජනය කරමින් කිසිවෙකුටත් නගර සභා පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලැබුණේ නැත. කොමසාරිස්වරිය විසින් සභාපතිවරයා පත්කර ගැනීමේ නීතිමය තත්ත්වයන් පැහැදිලි කර සභිකයන්ගෙන් ඉල්ලා සිටියේ සභාපතිවරයා තෝරාගනු ලබන්නේ රහස් ඡන්දයකින් ද එසේ නොමැති නම් විවෘත ඡන්දයකින් ද යන්නයි. සභිකයන්ගේ ඒකමතික තීරණය වූයේ විවෘත ඡන්දයකින් සභාපතිවරයා තෝරා පත් කර ගත යුතු බවයි. ඒ අනුව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ මොහොමඩ් අෆ්රාස් මහතා සුදුසුයයි ස්වාධීන කණ්ඩායම් 01 නියෝජනය කරමින් පත්වූ අරින්ද්‍ර සනත් කුමාර මහතා විසින් කරන ලද යෝජනාව ජාතික ජනබලවේගයේ ශානික මහතා විසින් ස්ථීර කරන ලදී. විපක්ෂ නියෝජනය කළ හුසෙයින් මොහොමඩ් හාජ්ජියාර් මහතා විසින් සමගි ජන බලවේගයේ චමිල ලොරෙන්සුහේවා මහතාගේ නම යෝජනා කළ බැවින් දෙපාර්ශ්වයේම කැමැත්ත මත විවෘත ඡන්දයක් මගින් සභාපතිවරයා තෝරා ගැනීම සිදු කෙරිණි.

එහිදී ජාතික ජනබලවේගයට ඡන්ද 11 ක් සහ විපක්ෂයට ඡන්ද 08 ක් ලැබිණි. වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කළ මොහොමඩ් අෆ්රාස් මහතා වැලිගම නගර සභාවේ සභාපති ලෙසින් තේරී පත් විය. පසුව එළැඹියේ උප සභාපති කෙනෙකු පත් කර ගැනීමයි. ඒ සඳහා ද ඡන්ද විමසීමක් සිදු වූයේ දෙපාර්ශ්වයෙන්ම නම් දෙකක් ඒ සඳහා යෝජනා වූ බැවිනි. ජාතික ජනබලවේගය ඔවුන්ට සහය ලබා දුන් ස්වාධීන කණ්ඩායමේ අරින්ද්‍ර සනත් කුමාර මහතාගේ නම යෝජනා කළ අතර විපක්ෂ කණ්ඩායම විසින් නාලක ශ්‍රීමාල් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කරන ලදී. එහිදී වැඩි ඡන්ද දෙකක් ලබා ගනිමින් සභාපතිවරයා පත් කළ ආකාරයටම ස්වාධීන කණ්ඩායමේ අරින්ද්‍ර සනත් කුමාර මහතා උප සභාපති ලෙස පත් විය.

මාතර ලලිත් පත්මසිරි

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

කුරුණෑගලින් පිටත් වූ අධ්‍යාපන චාරිකාවේ බසය කන්තලේදී අනතුරක රියදුරු ජීවිතක්ෂයට

ප්‍රාදේශීය පුවත්

කොළඹ වරාය වෙරළේ පිහිනන්න ගිහින් අතුරුදන් වූ වෛද්‍ය පීඨ සිසුවාගේ සිරුර හමුවෙයි

ප්‍රාදේශීය පුවත්

කොණ්ඩ අජිත් සහ ජුන්ඩාගේ කෝටි 16ක දේපළ පවරා ගැනේ

ප්‍රාදේශීය පුවත්

රැස්වීම උණුසුම්: මස්කෙළියේ සභාපති පුටුව ස්වාධීන කණ්ඩායමට

ප්‍රාදේශීය පුවත්

ලෝක සාමය පතා ඥානසාර හිමිගෙන් ආශිර්වාද පූජාව අද අනුරපුරයේදී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok