ඓතිහාසික රාවණා පුරාවෘත්තය ඇසුරෙන් නිර්මාණය වන අතිදැවැන්ත සිනමා නිර්මාණයක නිෂ්පාදන කටයුතු පසුගියදා ආරම්භ කරන ලදී. නව පරපුරේ නැගී එන රංගන ශිල්පියෙකු වන මේඝ සූරියආරච්චිගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන මෙම සිනමා නිර්මාණය උරුමක්කාරයින්ගේ නැඟී සිටීම ‘රාවණ’ ලෙස නම් කර තිබේ.



රාවණ සිනමා නිර්මාණයට අජිත් වීරසිංහ, චමීර ලියනගේ, චතුර රාජපක්ෂ, සෞම්‍ය ලියනගේ, සනත් විමලවීර, අමන්දා සිල්වා ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.



රාවණ අධ්‍යක්ෂණය සිදුකරනු ලබන්නේ තුෂාර තෙන්නකෝන් විසිනි. නිෂ්පාදනය ශාන්ත ගීතදේවගෙනි. ‘රාවණ’ සිනමා නිර්මාණයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින් දිස්වේ.
ඡායාරූප – සඳමාලි විමලසේන