Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වතුර මැවූ අදීන ඉන්දියානුවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වතුර මැවූ අදීන ඉන්දියානුවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකඉරිදා සංග්‍රහය විශේෂාංග

වතුර මැවූ අදීන ඉන්දියානුවා

June 29, 2025
86 Views

වතුර කියන්නේ ජීවයේ උල්පත. වතුර නැත්නම් මිහිමත ජීවයත් නැහැ. ඒ වුණත් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මිහිතලයේ පැවැත්ම අභියෝගයට ලක්වෙලා. ජල සම්පත්වල පැවැත්මත් අභියෝගයට ලක් වෙලා. අනෙක් අතට සීමා සහිත ජල සම්පත් බෙදා හදා ගැනීම සඳහා රටවල් අතර යුද ගැටුම් පවා නිර්මාණය වෙමින් තිබෙනවා. වර්තමානයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වී තිබෙන යුද උණුසුමටත් ජලය මූලාශ්‍ර වී අවසන්. චීනය බ්‍රහ්ම පුත්‍ර ගංගාව ඇසුරේ නිර්මාණය කරන ජලාශයක් නිසා චීනය සහ ඉන්දියාව අතරත් ජලය පාදක කරගත් දේශපාලන උණුසුමක් ඇති වෙමින් තිබෙනවා.

මේ සියලු දේ අතරේ ජල උල්පත් රකිමින්, ජලාශ, වාරිමාර්ග ඉදිකරමින් ඒවා යහපත් විධියට බෙදාහදා ගන්න මිනිස්සුත් හමුවෙනවා. අද මම කියන්න හදන්නේ එහෙම කෙනෙක් ගැන. මාධ්‍යවල මොහු හඳුන්වන්නේ ජාර්කාන්ඩ් හි ජල මිනිසා ලෙසයි (Waterman of Jharkhand). ගැමියන් අතර ඔහු ගෞරවයට පාත්‍රව තිබෙන්නේ සයිමන් බාබා ( Simon Baba) නමිනුයි. ඔහුගේ නම සයිමන් ඔරාඕන් මින්ජ් ( Simon Oraon Minj). ජීවත්වෙන්නේ නැඟෙනහිර ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ (Jharkhand State).

ඔහු වඩා ජනප්‍රසාදයට පත්ව තිබෙන්නේ නියඟයට එරෙහිව සටන් කිරීම නිසා. ගම්මාන 51ක් ආවරණය වන පරිදි රාන්චි (Ranchi) නගරය අසල බෙරෝ බ්ලොක්හි දිස්ත්‍රික්කයේ (Bero Block) මහා පරිමාණයෙන් රුක් රෝපණ කටයුතු සිදු කිරීම, ළිං සහ පොකුණු කැණීම ආදිය වගේම වාරිමාර්ග ජලාශ පහක් ඉදිකිරීම පිටුපස ඔහුගේ දායකත්වයන් වාර්තා වී තිබෙනවා.

“වැස්සට පස්සේ සේරම වතුර ගංගාවට ගලාගෙන ගියා. බිම ඉක්මණින් වියළී ගියා. මම හිතුවා වේල්ලක් බැඳලා වතුර රඳවා ගැනීම තමයි පිළියම කියලා. මට අවුරුදු 3ක් ගියා වේල්ලක් බැඳීමට ගම්මු කැමැති කරවා ගන්න. හැම වෙලාවෙම ඔවුන් තමන්ගේ ඉඩම් ලබාදීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් හිතුවේ මේක කිසිම තේරුමක් නැති වැඩක් විධියටයි. නීතිමය ගැටලුත් බොහොමයක් ඇති වුණා. නමුත් මම තනිවම වැඩේ පටන් ගත්තා”. තමන්ගේ ආරම්භය ගැන සයිමන් කියන්නේ එහෙමයි අපි මීට කලිනුත් වනසතුන්, වනාන්තර සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් කැප වූ ගැහැනුන් සහ මිනිසුන් ගැන කතා කර තිබෙනවා. ඔවුන් බොහෝ දෙනා අප දන්නා උගත්, නාමධාරී ප්‍රධාන ධාරාවේ සංරක්ෂණවේදීන් නොවෙයි. සංරක්ෂණවේදීන් වෙන්න පුළුවන් උපාධි තිබෙන, ඉංග්‍රීසි කතා කරන, බහු භාණ්ඩික විලාසිතා කරන අයට විතරයි කියා හිතන අපේ රටේ ඇතැම් පසුගාමී අදහස්වලට සයිමන්ගේ ජීවිතය කියන්නේ සංරක්ෂණවේදය ඉගෙන ගන්න තිබෙන අත්පොතක්. මේ වගේ අපේ සමාජයේ මුල්බැසගත් මිත්‍යාවක් දුරු කිරීමෙන් විතරයි සයිමන්ලාට අපේ රටේ උපදින්න ඉඩක් විවර කරගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම සංරක්ෂණවේදියකුට තියෙන්න ඕන තමන් කරන දේ ගැන නිවැරදි දැක්මක්, නොපසුබට උත්සාහයක් සහ අවංක කැපවීමක්. අනෙක් හැම දේම අවශේෂ කාරණා. මේ බලන්න සයිමන්ගේ සමාජ පසුබිම දිහා.

සයිමන් ඔරාඕන්, රාන්චි නගරයේ සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි කුඩා ගම්මානයක් වන කාක්සි ටෝලි (ණය්නිස ඔදකස) ගම්මානයේ කතෝලික ගොවි පවුලක උපත ලබනවා. ඔහු අධ්‍යාපනය ලැබුවේ සිව්වන පන්තිය දක්වා පමණයි. ඔහුගේ ගමේ වැසියන් තම කෘෂිකර්මාන්තය සඳහා වැසි ජලය මත දැඩි ලෙස විශ්වාසය තැබූ පිරිසක් වුණා. නමුත් ජල හිඟය නිසා සෑම වසරකම සීමිත කාලයක් පමණයි ඔවුන්ට ගොවිතැන් කරන්න පුළුවන් වුණේ. මේ අත්දැකීම 1961 දී අසල කඳුකරයේ ජලාශයක් නිර්මාණය කර ජලය රැස් කරන්නට ඔහු පෙළඹවු බව කියවෙනවා. නමුත් එය එකවර සාර්ථක වුණේ නෑ. එය අවස්ථා කීපයකදීම අසාර්ථක වුණා. නමුත් රජයේ ආයතන සහ ගම්වැසියන් ඔහු සමග අත්වැල් බැඳගත් නිසා අවසානයේ ඔහු සාර්ථක වුණා. අද දක්වාම මේ වාරිමාර්ග ගම්මුන්ගේ පැවැත්මට මූලාශ්‍ර වී තිබෙනවා. මේ සාර්ථක උත්සාහයෙන් පසුව සයිමන් අවට ගම්මානවලටත් ජලය සැපයිය හැකි වේලි සහ පොකුණු ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙනවා. “ජලය තමයි මිහිමත තිබෙන ශ්‍රේෂ්ඨතම දොවොල” ඔරාඔන් මෙහෙම කියන්නේ උතුරායන ගෞරවයෙන්.

1964 දී ගම්වැසියන් ඔහුව පර්හ රාජා (Parha Raja) (ගෝත්‍රයේ ප්‍රධානියා) ලෙස තෝරාපත් කරගත් අතර ඔහු තම පාරම්පරික දේපළෙහි ප්‍රජාවගේ සක්‍රීය සහභාගීත්වය ඇතිව වනවගා වැඩසටහන ආරම්භ කළ අතර එය ඔහු දිගටම කරගෙන යනවා. මේ යටතේ පාංශු ඛාදනය සහ ජල සම්පත් ක්ෂය වීම වැළැක්වීම සඳහා සෑම වසරකම ගස් 1000ක් සිටුවනවා. ඔහු වනවගා මෙහෙයුම පරිපාලනය කරන අවට ගම්මාන නියෝජනය කරමින් සාමාජිකයන් 25 දෙනකුගෙන් යුත් ගම් කමිටුවක් පිහිටුවා ගෙන තිබෙන්නේ මේ ක්‍රියාකාරකම් වඩා හොඳින් ක්‍රියාවට නැංවීම සඳහා සහ මිනිසුන් දැනුවත් කිරීම හරහා පරිසර සංරක්ෂණයට දායක කර ගැනීමටයි. සයිමන් වන විනාශයට සහ නීති විරෝධී ලෙස ගස් කැපීමට එරෙහිව සටන් කරන ජනතා ව්‍යාපාරයට ද නායකත්වය දෙනවා. මේ ක්‍රියාකාරකම් නිසා ඔහු සිරගතවෙලත් තිබෙනවා.

ඔහු ජීවත් වන ප්‍රාන්තයේ නම ජාර්කාන්ඩ් එහි අරුත නම් “වනාන්තර භූමිය” යන්නයි. නමුත් විවිධ කර්මාන්ත සහ කැණීම් නිසා තමන්ගේ පාරම්පරික භූමිය වසාගෙන තිබූ වනාන්තර අතුරුදන්වීම ගැන ඔහුට තිබෙන්නේ කනගාටුවක්. ඔහුගේ ප්‍රජාව මේනිසා අවතැන් වූ බව ඔහු කියනවා. ඒනිසා ඔහුගේ උත්සාහය වී තිබෙන්නේ තමන්ගේ පරිසරයත්, ප්‍රජාවත් රැක ගැනීම. ඔහුගේ උත්සාහයන් අක්කර 2000කට අධික භූමි ප්‍රමාණයක් වගා කිරීමට හැකි වී ඇති බවත්, වසරකට බෝග තුනක් වගා කිරීමට හැකි වී තිබෙන බවත්, වාර්ෂිකව එළවළු මෙට්්‍රක් ටොන් 20,000 ක් ලබාදෙන බවත් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. මේ දායකත්වයන් නිසාම 2012-14 කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ග්‍රාමීය සංවර්ධන සාමාජිකයා (Prime Ministerzs Rural Development Fellow) ලෙස ද ඔහු සේවය කර තිබෙනවා. ඉන්දියානු රජය 2016 දී පද්ම ශ්‍රී සම්මානයෙන් ඔහුට ගෞරව කළේ ඉන්දීය භූමියේ පරිසරය, මිනිසුන් රැකගැනීම වෙනුවෙන් ඔහු කරපු දායකත්වය වෙනුවෙන්.

කෙසේ වුවත් ඉන්දියාවේ අප්‍රධාන ගෝත්‍රික ජන කොටස්වලට කරන නොසැලකීම්වලට මොවුන්ගේ ප්‍රජාවත්, සයිමනුත් ගොදුරු වී තිබෙනවා. ඔවුන් තවමත් දිළිඳුකමින්, නිලධාරීවාදයෙන් සහ නොසලකා හැරීම්වලින් බැට කනවා. ජීවත්වීම සඳහා ඔහු අදත් මිනිසුන්ට ප්‍රතිකාර කරනවා.

“මිනිස්සු මා ළඟට එන්නේ ප්‍රතිකාර ගන්න. මම ඖෂධ පැළෑටි භාවිතයෙන් ඔවුන්ගේ වේදනාව සුව කරගැනීමට උදව් වෙනවා. ඔවුන් කැමති විදිහට ගෙවනවා. මම ඒක ඉල්ලන්නේ නැහැ. මම පද්ම ශ්‍රී සම්මානයක් ඉල්ලුවේ නැහැ. මම විශ්‍රාම වැටුපක් ඉල්ලන්නේ නැහැ. අවශ්‍ය යැයි ඔවුන් සිතන්නේ නම් ඔවුන් මට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුයි”, යනුවෙන් ඔරාඕන් කියන්නේ අදීන අරගලකරුවකු ලෙසයි.

“පද්ම ශ්‍රී සම්මානය ප්‍රදානය කිරීමෙන් රජය මට කරදරයක් ඇති කළා. “ඒක මට ගොඩක් කරදර කරනවා. පද්ම ශ්‍රී සම්මානය හිස් බඩක් පුරවන්නේ නැහැ.” වරෙක ඔහු තම පීඩනය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

කොහොම වුණත් මේ වනවිට ඉන්දීය රජය මේ අවනඩුව විසඳීමට මැදිහත් වී තිබෙන බව වාර්තා වෙනවා.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
රුහුණ විශ්වවිද්‍යාලය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

උරුමය

අතිරේක විශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ජයතිලක සාහිත්‍ය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok