සැකකරු අනියම් බිරිඳගේ විවාහක සැමියා
තිස්සමහරාම උඩුවිල ප්‍රදේශයේ දී මන්නා පිහියකින් පහරදී කපා කොටා හතලිස් හතර හැවිරිදි එක්දරු පියකු පෙරේදා (25 දා) සවස ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇතතේ වීරවිල, උඩුවිල, මැදගිරිපුර ප්‍රදේශයෙහි පදිංචිව සිටි රත්නායක කංකානම්ගේ ඉන්ද්‍රකුමාර නමැති අයෙකි. තම බිරිඳ විදේශ ගත වීමෙන් පසු මියගය අය අනියම් බිරිඳක් නිවසට කැඳවා ගෙන විත් ඇය සමග පවුල් ජීවිතය ගතකර ඇත. මෙම ඝාතනයේ සැකකරු අනියම් බිරිඳගේ විවාහක සැමියාය. එම සැකකරු ද කැපුම් තුවාල සහිතව මැදගිරිපුර ප්‍රදේශයේ ඉඩමක වැටී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිස්සමහරාම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. දැනට එම සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඝාතනය ලක්වූ අයගේ 09 හැවිරිදි දියණිය ඉදිරිපිට දී සැකකරු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වෙයි.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි