Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මදුරු මර්දන සතියක් ලබන 30 දා ඇරැඹෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මදුරු මර්දන සතියක් ලබන 30 දා ඇරැඹෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

මදුරු මර්දන සතියක් ලබන 30 දා ඇරැඹෙයි

June 27, 2025
85 Views

ලබන 30 දා සිට අදියර දෙකක් යටතේ මදුරු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු කණ්ඩායම් 1100ක් යොදවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.

මෙම මදුරු මර්දන විශේෂ සතිය ලබන 30 දා සිට ජූලි මස 05 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය, මාතලේ, බදුල්ල, මොනරාගල, ගාල්ල, කල්මුනෙයි, කළුතර යන ප්‍රදේශවල ප්‍රථම අදියර යටතේත් නුවර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, කොළඹ මහ නගර සභාව, යාපනය, මඩකළපුව සහ මාතර යන දිස්ත්‍රික්කවල දෙවන අදියර යටතේත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඊයේ (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරිය සඳහන් කළාය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,932ක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් මරණ 16ක් සිදුවෙලා. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේ. ඩෙංගු රෝගීන් 5166ක් එලෙස වාර්තා වී තිබෙනවා. ඒ වගේම මැයි මස රෝගීන් 6034ක් සහ ජුනි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 4372ක් වාර්තා වී තිබෙනවා. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිරීම වැඩිවෙලා. මේ විශේෂ මදුරු මර්දන සතිය ප්‍රකාශයට පත්කිරීම මෙම තත්ත්වය පාලනයට එක් පියවරක්.

මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය,

“මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කළත් එම රෝගය නැවත රටට ඇතුළුවීමේ විශාල අවදානමක් පවතිනවා. අප්‍රිකාව, ඉන්දියාව වැනි මැලේරියාව බහුල රටවල සංචාරය කරන ජනතාව මගින් මෙම රෝගය රටට ඇතුළු විය හැකියි. වසරකට මැලේරියාව වැලඳුණු රෝගීන් 50ක් පමණ මෙරටට පැමිණෙනවා. ගිය වසරේ රෝගීන් 38ක් වාර්තා වුණා. ඉන් 75%ක්ම ශ්‍රී ලාංකිකයන්.

මේ වසරේදී මැලේරියාව වැලඳී පැමිණි රෝගීන් 15ක් හඳුනාගෙන තිබෙනවා. උතුර පළාතෙන් වාර්තා වූ රෝගීන් අතරින් කිහිපදෙනකුම නීත්‍යනුකූළ නොවන ආකාරයෙන් විදෙස්ගත වූවන්. මැලේරියාව වළක්වා ගැනීම සඳහා රටින් පිටවීමට පෙර ඒ සඳහා ලබාගත යුතු ඖෂධ ලබාගැනීම වැදගත්. මැලේරියා මර්දන මූලස්ථානයෙන් සහ රට පුරා ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකක මගින් මෙම ඖෂධය ලබාගත හැකියි.”

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට

ප්‍රධාන පුවත්

ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක

ප්‍රධාන පුවත්

අයවැයෙන් වෙන්වූ මුදලින් පොලිසියේ පහසුකම් වැඩි කරන්න – මහජන ආරක්ෂක ඇමැතිගෙන් උපදෙස්

ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok