
මේෂ
ශුභාශුභ මිශ්‍ර පලදෙයි. රාජකාරි ස්ථානවලද මත වාද පැන නඟී. ඉක්මන් තීරණ ශුභවාදී නොවේ. දුර දිග බලා ක්‍රියා කළ යුතුයි. සතුරු බලපෑම් දමනය වෙයි. හදිසි ලාභ ලබයි. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග දෙයි.
ශුභ වර්ණය- රතු ජය අංකය- 05
වෘෂභ
තරමක් ගමන් බිමන් බහුලයි. දුර ගමන් වැනි දේ සංවිධානයට හේතුයි. උත්සව සාද යෙදේ. ආගමික උත්සව සංවිධානයට හේතුයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවේ. සන්ධි ප්‍රදාහ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – කහ – ජය අංකය – 03
මිථුන
ක්‍රියාකාරකම් බහුල දිනකි. රාජකාරි ද බහුල වෙයි. අවිවේකී බවක් ගෙන දෙයි. වැයපස ඉහළ යන කරුණු කාරණා යෙදේ. ප්‍රීති සාද උත්සව යෙදෙන අතර විනෝදජනක ක්‍රියා යෙදේ. ස්වාස රෝග, උෂ්ණ රෝග මතුවේ.
ශුභ වර්ණය-කොළ ජය අංකය-08
කටක
ගමන් බිමන් බහුල වෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කිරීමට සිදුවෙයි. තරමක් වැයපස ඉහළ යන දිනකි. අමතර ලාභ ද ලබයි. උත්සව සාද ආගමික උත්සව වැනි දේ යෙදේ. සිරස රෝග, පාද ආබාධ මතු කරයි. ශුභ වර්ණය- රෝස ජය අංකය- 04
සිංහ
ශුභාශුභ මිශ්‍ර ඵලදෙයි. ආගමික උත්සව ප්‍රීති උත්සව සාද වැනි දේට හේතුයි. විහාරා රාම ආශ්‍රිතව කාලය තරමක් ගෙවයි. වැයපස ද ඉහළ යයි. හදිසි ලාභ ලබයි. බඩවැල් ආශ්‍රිත රෝග මතුවේ. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය-01
කන්‍යා
ගමන් බිමන් බහුල දිනකි. ආගමික උත්සව පුද පූජා වැනි දේවල්වලට යොමු වෙයි. තම ඥාති මිත්‍රාදීන් ද ඒ සඳහා යොමු කරවයි. මිල මුදල් තරමක් වැය වෙයි. කාස, ස්වාස රෝග මතු කරයි. ශුභ වර්ණය – රන්වන් ජය අංකය- 06
තුලා
දාන ශීලාදී ගුණධර්මවල යෙදෙන අතර ආගමික උත්සවවල ද යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ගමන් බිමන්වල යෙදේ. ඔවුන් වෙනුවෙන් වියපැහැදම් කිරීමට සිදුවෙයි. කොන්දේ අමාරු වාත රෝග මතු කරයි. ශුභ වර්ණය -සුදු ජය අංකය – 02
වෘශ්චික
තම ඥාති මිත්‍රාදීන් ඒක රාශීව ක්‍රියා කරන අතර ඔවුන් අතර ප්‍රධාන වෙයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. වන්දනා ගමන් විනෝද ගමන් වැනි දේවල්වලට හේතුයි. උගුර ආශ්‍රිත රෝග, සන්ධි රෝග මතුවේ. ශුභ වර්ණය – දුඹුරු ජය අංකය – 04
ධනු
රාජකාරි බහුලයි. පැවති බාධා ඉවත් වෙයි. තම අරමුණ බාධා කරයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අතර නවක මිතුදම් වර්ධනය වෙයි. දුරගමන් බිමන් ද යෙදේ. සෙම් ආසාදන රෝග මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම් ජය අංකය – 01
මකර
ක්‍රියාකාරී දිනකි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වීමෙන් සිත් චංචලවෙයි. ප්‍රේම සබඳතා ඇති වෙයි. යටපත්ව තිබූ බැඳීම් ඉස්මතු වෙයි. හදිසි ධන සම්පත් ලාභ ලබයි. කොන්දේ අමාරු මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු ජය අංකය – 06
කුම්භ
ගමන්බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල පැවති ගැටලු නිරාකරණය වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් මතු කරයි. ප්‍රීති සාදවලට සහභාගි වීමේ අවස්ථා මතු කරයි. වැය ඉහළයි. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – නිල් ජය අංකය – 09
මීන
අවිවේකී දිනකි. රාජකාරි බහුලයි. ගමන් බිමන් ද යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදෙන අතර දහමට ද අවතිර්ණව ක්‍රියා කරයි. සිත චංචල කරවන ක්‍රියා ද යෙදෙන හදිසි ලාභ ලබන දිනකි. අම්ල වාත රෝග, බඩවැල් රෝග මතු කරයි.
ශුභ වර්ණය – දම් – ජය අංකය- 07