මේෂ
ප්‍රබෝධමත්ව ක්‍රියාවේ යෙදෙන දිනකි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. උත්සව සාද වැනි දේවල් ද යෙදෙන බලාපොරොත්තු නොවන ලෙස මිල මුදල් ඉහළ යන දිනකි. සිරස ගත රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05
වෘෂභ
ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. රාජකාරි ස්ථානවල මතවාද ඇතිකරයි. දුරගමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යන දිනකි. ඉඩකඩම් ආරවුලක් යහපත් ලෙස විසඳා ගැනීමට හැකි වේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 02
මිථුන
තරමක් ගමන් බිමන් වැනි දේ යෙදේ. විදෙස් ගමන් සඳහා යොමුවීමට ශුභයි. රැකියාවේ පැවැති බාධක ඉවත් වෙයි. තම නිර්දෝෂී බව මතු කරයි. හදිසි ධන ලාභද ගෙනදෙයි. ස්නායුගත රෝග, වාත රෝග මතුවේ. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 08
කටක
තරමක් ක්‍රියාකාරකම් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල්හි සහභාගිවීමේ අවස්ථා යෙදේ. තරමක් මිල මුදල් ඉහළ යෑමේ ප්‍රවණතාවක් ඇති වෙයි. හදිසි ධන සම්පත් ලාභදෙයි. මුත්‍රා රෝග මේහ රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
සිංහ
රාජකාරි ක්‍රියාවන් උනන්දුවෙන් සිදුකරයි. බාධා බලපෑම් සිතට නොගෙන ක්‍රියාකරයි. අලංකාර ක්‍රියා, විනෝද ජනක ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාති වර්ගයා අතර ප්‍රසාදයට පත්වන දිනකි. ස්නායුගත රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා
ක්‍රියාශීලී දිනකි. තරග තුරගවලින් ජයගනී. එල්ල වන බාධා සිතට නොගෙන ඍජුව ක්‍රියාකරයි. ප්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. අතපය හිරිවැටීම්, වේදනා ඇතිවේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06
තුලා
ශුභා ශුභඵල දෙයි. ප්‍රබෝධමත්ව රැකියාවන්හි යෙදේ. ව්‍යාපාරවල උනන්දුවෙන් ක්‍රියාකරයි. යහපත් ප්‍රතිඵල ලබයි. ඉඩකඩම් පිළිබඳ ගැටලු යහපත් ලෙස විසඳේ. අමතර ලාභද ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි. ශුභ වර්ණය – ළා නිල්, ජය අංකය – 07
වෘශ්චික
ගමන් බිමන් තරමක් යෙදේ. විදෙස් ගමන් සඳහා උනන්දුවීම මැනවි. පෙනෙන මෙන් නොපෙනෙ සතුරු බලපෑම් හේතුවෙන් සිත් චංචල වෙයි. ඥාතීන් සමීප වෙයි. හදිසි ධන ලාභ දෙයි. හදිසි රෝග, කැපුම් කෙටුම් ඇති වෙයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 09
ධනු
ශුභා ශුභ මිශ්‍රඵල ගෙනදෙයි. ක්‍රියාශීලී දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. අමතර රාජකාරිවල යෙදේ. අවිවේකී වෙයි. තරමක් ආගමික පසුබිමක ක්‍රියාකරයි. සන්ධි රෝග, අස්ථි අමාරු දෙයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 03
මකර
ක්‍රියාකාරකම් බහුලයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. විනෝද ජනක ක්‍රියාවන් ද යෙදේ. තරමක් දහමට ළැදිව ක්‍රියාකරයි. මිල මුදල් වැය ඉහළ යයි. ස්නායු රෝග, මුත්‍රා රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 07
කුම්භ
අවිවේකී දිනකි. තරමක් ගමන් බිමන් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් එක්ව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. වැය පස ඉහළයි. ප්‍රසාදයට පත්වෙයි. මේහ රෝග මතු කරයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 01
මීන
ගමන් බිමන් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියාකරයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. හදිසි ධනලාභද ගෙනදෙයි. සෙම් කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 09