
මේෂ –
තරමක් ගමන් බිමන් බහුල දිනකි. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියා කිරීමට සිදුවෙයි. පොදු සේවා, සමාජ සද්කාරක ක්‍රියා ද යෙදේ. හදිසි තීරණ මත ක්‍රියා සුදුසු නොවේ. සිරසගත රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 07
වෘෂභ –
ක්‍රියාකාරකම් බහුලයි. රාජකාරිවලදී තරමක් ගැටලුසහගත තත්ත්ව උදාකරයි. ඉවසීමෙන් ක්‍රියාකළ යුතු දිනකි. තරමක් විවේචනයට ලක්වීමට ද ඉඩ තිබේ. වැයපස ද ඉහළ යයි. සන්ධි වාත රෝග ද මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 03
මිථුන –
රාජකාරිවලදී තරමක් ඉවසීමෙන් ක්‍රියාකළ යුතුය. අතපසුවීම්වලදී විවේචනාත්මක කටයුතු යෙදේ. තම නමට කැළැල් ඇතිවීමට ඉඩ තිබේ. තරමක් වැයපස ද ඉහළ මට්ටමක පවතී. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06
කටක –
ක්‍රියාශීලි දිනකි. ප්‍රීති උත්සව වැනි දේවල් ද යෙදේ. ගමන් බිමන් යෙදේ. රාජකාරිවලදී ප්‍රවේශම මැනවි. අතපසුවීම්වලට හේතුයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. දුර ගමන් යෙදේ. සෙම් කෝප රෝග, උෂ්ණ රෝග මතුකරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 04
සිංහ –
නව නිර්මාණකරණයට හේතුයි. දහමට අනුකූලව ක්‍රියාකරයි. ලිපි ලේඛන කලාවෙන් ජය දෙයි. නවක මිතුදම් ඇතිවෙයි. ව්‍යාපාරවල දියුණුවට හේතුයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. සෙම් රෝග, උගුර ආශ්‍රිත රෝග මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01
කන්‍යා –
රැකියා ස්ථානවල ප්‍රසාදය දිනයි. සතුරු බලපෑම් ධමනය වෙයි. තත්ත්වයේ උසස්වීමකට හේතුයි. විදෙස්ගත රැකියා ලාභ ද ලබයි. විනෝද ගමන් වැනි දේවලට හේතු වන දිනකි. ප්‍රමේහ රෝග, නහර වේදනා මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 02
තුලා –
ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකී බව මත තරමක් ආවේග මතු කරයි. ඉවසීම ප්‍රගුණ කළ යුතු දිනකි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. අමතර ලාභ ලැබීම් ගෙන දෙයි. බඩවැල් ආශ්‍රිත රෝග මතු වෙයි. ශුභ වර්ණය – අළු පැහැය, ජය අංකය – 09
වෘශ්චික –
තම වෙළෙඳ ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තමන් පසුපස ලුහුබැඳි සතුරු බලපෑම් දමනය වෙයි. රාජකාරි ස්ථානවල ප්‍රධාන වෙයි. දහමට ද ළැදිව ක්‍රියාකරයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08
ධනු –
තරමක් අවිවේකි දිනකි. පොදු සේවා කටයුතුවල නිරත වෙයි. ප්‍රීති සාද උත්සව වැනි දේවලට ද හේතුයි. විනෝදජනක ක්‍රියාවන්හි යෙදේ. වැයපස ද ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. ඉදිමුම් රෝග, සන්ධි රෝග මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 01
මකර –
අවිවේකී බව ගෙන දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. මිල මුදල් ද බලාපොරොත්තු රහිත ලෙස වැය වෙයි. තරමක් ණය වීමට ද ඉඩ තිබේ. රැවටිලිවලට හසුවීමට ඉඩ තිබේ. සන්ධි ඉදිමුම් රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08
කුම්භ –
ක්‍රියාකාරි දිනකි. අතපසු වැඩ ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිවේ. ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාරකරණයට වැයපස ඉහළ යයි. අම්ල පිත්ත රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05
මීන –
ක්‍රියාකාරි දිනකි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ඇති වෙයි. ප්‍රීති සාද යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. හදිසි රෝග වැනි දේවලට හේතුයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 09