වර්තමානයේ මානසික ආතතිය වැඩිවීම නිසා සියදිවි හානිකර ගැනීම් වැඩිවන බව වාර්තා වී ඇත. නව පරපුරේ තාක්ෂණික භාවිතයත් සමග ඇති වන වෙනස්වීම් සියදිවි නසාගැනීම් වැඩිවීමට හේතු වී ඇති බව නිරීක්ෂණය කර ඇත. එමෙන්ම මානසික ආතතිය (Mental Stress) ඇති කිරීමට බලපාන සමාජමය ගැටලු (Social Problems) බොහෝ ආකාරයකින් පැවතිය හැකිය. පවුල, පාසල, සහ දෙමාපියන් යන වශයෙන් විග්‍රහ වන අතර රැකියාවන් සොයාගැනීමට තිබෙන අපහසුතාවය, ආදර සම්බන්ධතාවල තිබෙන ගැටුම්, දෙමාපියන් සමග තිබෙන ගැටුම් මේ ආදී හේතු නිසා සියදිවි නසාගැනීම් වැඩි වන බව වාර්තා වේ. සිය දිවි නසාගැනීම යනු, කෙනකු තමන්ගේම ජීවිතය අවසන් කරගැනීම අරමුණුකරගෙන සිදුකරන බරපතළ මානසික ක්‍රියාවකි. එය ගැඹුරු මානසික සන්තාපයක, විශාදයක හෝ අනෙකුත් මානසික රෝගයක ප්‍රතිඵලයක් විය හැක. සමහර අවස්ථාවලදී, එය අවශ්‍ය උපකාර නොලැබීම හෝ අර්ථාන්විතව ජීවිතය ගත කළ නොහැකි බවට වන භීතියක් නිසා සිදුවන්නකි.
වර්තමානයේදී සියදිවි නසාගැනීම පාසල් ළමුන් අතර සහ විශ්වවිද්‍යාල සිසු-සිසුවියන් අතර ශීඝ්‍රයෙන් වර්ධනය වීම දැඩි වශයෙන් සැලකිල්ලට ගත යුතු සමාජමය හා මානසික සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී ඇත. විවිධ ගෝලීය හා දේශීය පර්යේෂණවලට අනුව තරුණයන්, විශේෂයෙන්ම පාසල් වියේ ළමුන් අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය වර්ධනය වීමක් පෙන්නුම් කරයි. මෙයට හේතුන් ලෙස ඉගෙනීමේ පීඩනය, අපේක්ෂාවන් පසුබැසීම, පාසල් තුළ සහ පසෙකින් සිදුවන පහර දීම්, ගුරුන් සහ මිතුරන්ගෙන් නොලැබෙන අනුග්‍රහය, තරුණ වියේදී ඇතිවන ආදර ගැටලු, දුරකථනයට ඇබ්බැහි වීම, විරුද්ධතා හෝ ආදර සම්බන්ධතා කැඩීයෑම, උපදේශන සේවාවන් වෙත ප්‍රවේශයක් නොමැති වීම ආදී කරුණු නිසා වත්මනේ පාසල් දරුවන්ගේ සියදිවි නසා ගැනීම් වර්ධනයක් පවතී.
ලෝකයේ සියදිවි නසාගැනීම් වාර්තාවලට අනුව අවුරුදු දහයක කාලයක සිට දැනට සියදිවි හානි කරගෙන ඇති ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව මිලියන 7.5 කි. ලංකාවේ අවුරුදු දහයක් ඇතුළත සියදිවි නසා ගැනීම් 30,000 ක් වාර්තා වේ. ලංකාවේ සහ ලෝකයේ වැඩිපුරම සියදිවි නසා ගැනීම් වාර්තා වන්නේ වැඩිහිටියන්ට වඩා ළමුන් සහ තරුණ පරපුර අතරය. මේ අතරින් විශේෂයෙන්ම අවුරුදු 15-29 වයස් කාණ්ඩයේ සියදිවි නසා ගැනීම් අනුපාතය ඉහළ යෑමක් පෙන්වයි. එයට විශේෂ හේතුව ලෙස ළමුන් අතර සිදුවන මනෝ සංවේදී ආතතිය, අධ්‍යාපනය, ආර්ථික සහ සමාජ පීඩන හේතුවෙන් සිදුවන අවස්ථා ප්‍රධාන වේ. ලංකාවේ වැඩිපුරම සිය දිවි හානි කරගෙන ඇති ප්‍රධාන පළාත් කිහිපයක් තිබේ. උතුරු පළාත, මධ්‍යම පළාත, නැගෙනහිර පළාත සහ වයඹ පළාත් තුළ ජනතාව සියදිවි නසා ගැනීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව පර්යේෂණයක් මගින් සොයාගෙන තිබේ. එම පළාත්වල වැඩි වශයෙන් සියදිවි නසා ගැනීම් වාර්තා වීමට හේතූන් ලෙස ආර්ථික අපහසුතා, ණය පීඩනය, මානසික ආබාධ සහ උපදේශන සේවා හිඟය (අවපීඩනය, ආතතිය, කාංසාව, Bipolar Disorder) වැනි මානසික රෝග සුවකිරීමට උපදේශකවරුන්ගේ හිඟයක් පැවතීම ප්‍රබල අර්බුදයක් වී ඇත.
වයඹ පළාතේ බහුලව සිදුවන පවුල් ගැටලු සම්බන්ධතා බිඳ වැටීම් (විවාහ ගැටලු සබඳතා ඇතුළත සෑහීමකට පත් නොවන සම්බන්ධතා, විශේෂයෙන් තරුණයන් අතර ආදරය පිළිබඳ අසාර්ථක තත්ත්වයන්), මධ්‍යම පළාතේ බිය සහ ආතතිය විශේෂයෙන් තරුණයන්ට විභාග අසාර්ථකත්වය, රැකියා නොලැබීම, දෙමාපියන්ගේ වැඩි බලාපොරොත්තු, උදාහරණයක් ලෙස මධ්‍යම පළාත්වල උසස් පෙළ සිසුන් සිය දිවි නසා ගැනීමට උත්සාහ කිරීම් ආදිය සිදුවේ. උතුරු පළාතේ මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්පැන් අපයෝජනය (කුඩා වයසේ සිට මත්පැන්, ගංජා, හෙරොයින්) ආදි දේවල් භාවිතය මගින් තීරණ ගැනීමේ හැකියාව අඩුවීම මගින් සියදිවි නසාගැනීමට වැඩි බලපෑමක් පවතී. නැගෙනහිර පළාතේ දුරකථන ඇබ්බැහිය නිසාවෙන් වැඩි වශයෙන් පාසල් යන ළමුන් අතර සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ.
පාසල් ළමුන් එනම් අවුරුදු 12-18 අතර වයස් සීමාවේ පසුවන ළමුන් ජංගම දුරකථනයට ඇබ්බැහි වීම මගින් සියදිවි නසා ගැනීම් වාර්තා වීම පිළිබඳ විදේශීය රටවල සිදුකර ඇති පර්යේෂණයක් ලෙස 2018 වර්ෂයේදී තායිවානයේ චෙන් පී විසින් ජ්‍යෙෂ්ඨ උසස් සිසුන් අන්තර්ජාල ඇබ්බැහිය මගින් සිය දිවි නසා ගැනීම යන අධ්‍යයනයේ නිගමනය වී ඇත්තේ පාසල් ළමුන් 1861 ක ගෙන් වයස අවුරුදු 15 ළමුන් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයේ මූලික වශයෙන්, 23%ක් අන්තර්ජාලයට ඇබ්බැහි වූවන් ලෙස වර්ගීකරණය කරන ලදී. මෙම අධ්‍යයනයන් මගින් දීර්ඝකාලීන සහ ජාතික වශයෙන් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරයි. පාසල් වයසේ පසුවන තරුණයන් අතර අධික ස්මාට් ෆෝන්/අන්තර්ජාල භාවිතය සියදිවි නසාගැනීමේ සිතුවිලි හෝ හැසිරීම් අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරයි.
ශ්‍රී ලංකාවේ දුරකථන ඇබ්බැහි පිළිබඳ 2022දී කළ පර්යේෂණයකට අනුව, 16-22 වයස් කාණ්ඩයේ තරුණයන් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් දිනකට පැය 6කට වැඩි කාලයක් දුරකථනයේ නිරතව සිටින අතර, එයින් බොහෝ දෙනෙක් සියදිය නසා ගැනීම හා මානසික ආබාධවලට ලක්ව ඇති බව වාර්තා වේ. COVID-19 පසුගිය වසරවලදී online learning සීමාවෙන් පසු, දුරකථනයේ අධික භාවිතය හැසිරීමේ ගැටලු, game-addiction, Tik Tok/Instagram බලපාන ප්‍රතිඵල ලෙස සියදිවි නාසා ගැනීම් වාර්තා පවතී. එමෙන්ම සයිබර් හිරිහැර කිරීම සහ මාර්ගගත විෂ වීම අන්තර්ජාලය තුළ “වෛර අදහස්”, “ශරීරය ලජ්ජාව”, “සම්බන්ධතා අවමානය”, “කාන්දු වූ අන්තර්ගතය” වැනි සමාජ මාධ්‍ය පීඩනයන් (සයිබර් හිරිහැර කිරීම) නිසා පාසල් දරුවන් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වාර්තා තිබේ.
මේ අනුව දුරකථන ඇබ්බැහිය මනෝවිද්‍යාත්මකව සලකා බැලීමේදී දුරකථනයට ඇබ්බැහි වීම නිසා පාසල් යන ළමුන්ගේ සියදිවි නසා ගැනීම් බහුලව දක්නට ලැබෙන අතර, එවැනි සිද්ධිවලට පත්වීමට මොළයේ සිදුවන මනෝවිද්‍යාත්මක සහ ජීව රසායනික වෙනස්කම් රාශියක් පවතී. එනම්,
ඩොපමින් පද්ධතියේ අපහසුතා
(Dopamine Dysregulation)
දුරකථන හා සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීම මඟින් මොළයේ “සතුට” හෝ “ආසාව” පදනම් වන්නේ ඩොපමයින් (dopamine) නමැති රසායනයයි. දුරකථනයෙන් ලැබෙන අධික උත්තේජන මගින් ඩොපමයින් අතිරික්තව නිදහස් වේ. මොලය නිතර ඉල්ලා සිටින ඩොපමයින් මට්ටම ඉහළ දැමීම හේතුවෙන්, යම් භාවිතයන්ට (දුරකථනයට) නොමිලේ අසීරු ලෙස ඇබ්බැහි වේ. ඩොපමයින් මට්ටම පහළ යෑමෙන්, මොලය සන්සුන්භාවය හා සාමාන්‍ය සතුට පවා දුර්වල වීමේ අවදානම ඇත.
මානසික ආතතිය හා අවසාන මට්ටමේ දුක
(Chronic Stress and Depression)
දුරකථනයේ අධික භාවිතය නිසා සමාජ ආශ්‍රය අඩු වීමෙන් හා අසාර්ථක සම්බන්ධතා හේතුවෙන් මොළයේ කෝර්ටිසෝල් (cortisol) වැනි ආතති හෝමෝන අධික ලෙස නිදහස් වේ. කෝර්ටිසෝල් වැඩි වීම මගින් මොලයේ හපොකාම්පස් (hippocampus) කලාපය හා පරිපාලන කලාපය (prefrontal cortex) ක්‍රියාකාරීත්වයට හානි කරයි.
මොලයේ ස්වරූපික හා ක්‍රියාකාරී ව්‍යුහ වෙනස්කම් (Structural and Functional Brain Changes)
පර්යේෂණවලින් හෙළි වුණේ, දුරකථන හා අන්තර්ජාල ආසක්තතා මගින් ප්‍රිෆ්‍රොන්ටල් කෝට්‍රකේස් (prefrontal cortex) කලාපයේ ක්‍රියාකාරීත්වය අඩු වීම, විශේෂයෙන්ම ස්වයං සංයම හා තීරණ ගැනීමේ හැකියාවන් බිඳ වැටීම. අමතකවීම හා අවධානයේ අඩුවීම නිසා පාසලට යෑමට හා අධ්‍යයනයට අවශ්‍ය අවධානය ලබා ගැනීමට අපහසු වේ.
නිදා ගැනීමේ අපහසුතා (Sleep Disturbances)
දුරකථනයෙන් නිකුත් වන නීල ආලෝකය (blue light) මගින් මොලයේ මෙලටොනින් (melatonin) නිෂ්පාදනය අඩු වේ. මෙලටොනින් නින්දට යෑමට උපකාරී වේ. නිදා නොගැනීම මගින් මොළයේ තත්ත්වයන් බිඳ වැටීම, මනෝ ශක්තිය අඩුවීම සහ මනෝවිපත්ති ප්‍රවණතාව වැඩි වීමක් ඇතිව තිබේ.
මනෝ විපත්ති සහ දුරකථන ඇබ්බැහිය නිසා මොළයේ ස්වභාවික සන්සුන්භාවය විකෘත වෙයි. තනිවීම, අවධානය අඩුවීම, සමාජීකරණය වැනි ගැටලු මගින් මනෝවිපත්තිවලට ඉඩ සලසයි. මනෝවිපත්ති සහ suicidal thoughts a suicidal attempts අතර වැටෙමින් සිටින බව විද්‍යාත්මක පර්යේෂණ පෙන්වයි.
දුරකථනයට ඇබ්බැහි වීමෙන් මොලයේ මනෝ රසායනික හා ව්‍යුහමය වෙනස්කම් සිදු වීම හා මනෝවිපත්ති සහ මානසික ආතතිය ඇති වීමේ අවදානම වැඩි වේ. මෙය අවසානයේ ළමුන්ගේ ජීවිතය ගැන අහිතකර තීරණ ගැනීමට හේතු විය හැකි අතර මේ හේතූන් නිසාවෙන් සියදිවි හානි කර ගැනීමේ ප්‍රවණතාව වැඩි වන බවට මනෝවිද්‍යාත්මකව විද්‍යාමාන වෙයි.
රිද්මි බරම්මනේ
කැලණි විශ්වවිද්‍යාලයේ,
මනෝවිද්‍යා විශේෂවේදී ගෞරව උපාධි.