Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විසිදෙවන සංවත්සරයට පියමං තබන ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 28 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විසිදෙවන සංවත්සරයට පියමං තබන ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

විසිදෙවන සංවත්සරයට පියමං තබන ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය

June 28, 2025
68 Views

සත් සමුදුරෙන් එහා එතෙර බොදුනුවන්ගේ හදවත් තුළට ශ්‍රී සද්ධර්මය වසර 22ක් පුරාවට රැගෙන යමින් අද දක්වා ආ ගමනට පදනම වූ සියලු බැතිමතුන්ටත් මේ විහාරස්ථානයන් හි ප්‍රධාන අනුශාසක කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේත් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපවත් වී වදාළ අලුත්නුවර සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට හා සියලුම දෙනාට මේ මොහොතේ කෘතවේදී ස්තූතිය අපි පුද කර සිටින්නෙමු.

එදා එක් පුංචි භූමි ප්‍රදේශයේ තුළ එක් ශාලාවක් තුළින් බටහිර බොදු දනන්ගේ ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් ආරම්භ කරන ලද මේ විහාරස්ථානය අද වන විට ඉන්ඩියානා ප්‍රාන්තයේ ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇත. විශාල අක්කර භූමි ප්‍රදේශයකට අද වන විට විහිදී ඇති මේ සුන්දර මනස්කාන්ත පරිසරයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම එළිමහන් ශෛලමය බෞද්ධ කෞතුකාගාරයක් ද ඉදිවී ඇත්තේ අනුරාධපුර, පොළොන්නරු ශෛලමය යුගය හා සබැඳි බුදු දහම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසයට ද එක් කරමිනි. නිවනට දොරටු විවර කර ගත හැකි මාවත බටහිර ජනතාව අතර රැගෙන යමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉස්මතු කරමින් භාවනා කුටි 8ක් ද අද වනවිට ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය තුළ නිර්මාණය වී ඇත.

බෞද්ධ චාරිත්‍රානුකූලව දිනපතා සිදුකරනු ලබන අටවිසි සම්බුද්ධ පූජාමය පිංකම, භාවනා වැඩසටහන්, ධර්ම ගවේෂණ වැඩසටහන්, පොහොදා වැඩසටහන්, සම්බුදු තෙමඟුල, මහින්දාගමනය සැමරීම, විවිධ ආගමික පිංකම්, සිංහල අලුත් අවුරුදු සැමරුම, සංස්කෘතික පෙරහැරවල්, තොරන්, බොදු බැති ගී ප්‍රසංග, දන්සල්, කඨින පිංකම් ආදී ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසකට අද වන විට මේ උතුම් බෞද්ධ සිද්ධස්ථාන මුල් කොට කරගනිමින් ඇමෙරිකාවේදී සිදුවන බව සිහිපත් කළ යුතුය.

අද වනවිට බටහිර ජාතික පින්වතුන්, විශ්වවිiාලවල සිසුන් බොහෝ පිරිසක් බුදු දහමේ හරය සොයන්නට, භාවනාව තුළින් මනසේ චින්තන ශක්තිය වැඩිදියුණු කරගැනීම උදෙසා ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණෙති. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇමෙරිකන් ජාතික බැතිමතුන් සිංහල බෞද්ධ නම්වලින් අනුවර්තන නම් ද තමන්ගේ නම වෙනුවට භාවිතා කිරීමට පෙලඹීමක් දැක්වීම ද මහත් සතුටු දනවන පුවතකි. අද වන විට ධර්මදාස, කරුණාවතී, සුජාතා, ධර්මවීර්ය, ජීවක ආදී බෞද්ධ නම්වලින් බොහොමයක් ඇමෙරිකානුවන් විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් කටයුතු සිදුකරයි. සුදු ජාතික පින්වතුන් අපේ සංස්කෘතික නිලමේ ඇඳුමින්, ඔසරියෙන් සැරසී විශේෂ ආගමික කටයුතු කිරීම ද, ඔවුනගේ ජීවිත බුදු දහමින් පෝෂණය කරමින් කටයුතු සිදුකිරීම ද අද වන විට දක්නට ලැබේ. ජාති ආගම් භේද පසෙකලා මනුෂ්‍යත්වයේ නාමයෙන් කටයුතු කරන්නට අවැසි වටපිටාවක් වසර විසිදෙකක් මුළුල්ලේ තම කසාවත දෙවුර මත දරමින් මේ සුවිශාල ආගමික ලෝක ශාසනික මෙහෙවර පිටුපස මහමේරු පර්වතයක් සේ නොසැලෙමින් මේ ආ ගමන පුරාවට පැමිණි සියලු අභියෝග, බාධා ජය ගනිමින් කටයුතු සිද්ධ කළ අපේ පින්වත් තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේව මහත් ගරු බුහුමනින් යුතුව සිහිපත් කළ යුතුය.

ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය
2003 ජුනි 28 විවෘත කළදා දල්වන ලද දොළොස්මහේ පහන දල්වනු ලැබූ අයුරු
ඇමරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය
2003 ජුනි 28 විවෘත කළදා දල්වන ලද දොළොස්මහේ පහන දල්වනු ලැබූ අයුරු

උන්වහන්සේ ඒ ආ ගමන තුළින් අද වන විට ඇමෙරිකාවේ විතරක් නොව විවිධ දේශාන්තරවල වෙසෙන බොදු හතවත් තුළ ද උන්වහන්සේගේ මේ සදහම් මෙහෙවර වෙනුවෙන් වන්දනාවට, ගෞරවයට පාත්‍ර වී ඇත.

ඒ අතර ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව ආදී බොහොමයක් රටවල බැතිමතුන්ගේ ගෞරවයට මේ විහාරස්ථානය ලක්වී ඇත.

උන්වහන්සේගේ මේ ආගමික සහජීවන ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවේ ඉපැරැණි දෙව්මැඳුරක් ඇමෙරිකන් ජාතික බැතිමතකු විසින් උන්වහන්සේ වෙනුවෙන් පූජා කිරීම ද සිදුකරනු ලැබූහ.

ක්‍රිස්තු වහන්සේත්, බුදුන් වහන්සේත් එකම සිද්ධස්ථානයක් තුළ වැඳපුදා ගන්නට අවස්ථාව ද උදාකර දීම තුළින් ආගමික සහජීවනය ලොවට කියාපෑමට මෙය කදිම නිදසුනකි. අද වනවිට ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි ලංකාරාම විහාරස්ථානයේ ද විහාරාධිපතිත්වයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ ද පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේය. ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස තනා දීම, රෝද පුටු ලබාදීම, ඇස් කණ්ණාඩි ලබාදීම, ශිෂ්‍ය ශිෂ්‍යයන් හට පොත්පත් ලබාදීම, සාමණේරයාණන් වහන්සේලාට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය ශිෂ්‍යත්ව ලබාදීම, අභයදානමය පිංකම් ආදී සමාජ සද්කාර රැසක් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය මුල්කොට ගනිමින් අද වන විට සිදුකරන්නේ ද උන්වහන්සේ ගේ උත්තුංග ගුණ මහිමයන් තුළින්ය.

වසර 22ක කාලය තුළ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ පුනරාගමනය තුළින් අද වන විට බටහිර රටවල වෙසෙන බොදු හදවත් තුළට උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පහස ස්පර්ශ කරන්නට එහි පුරෝගාමීව කටයුතු කළ පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේට අද වනවිට හැකි වී තිබේ. මේ ආ දුෂ්කර ගමන් මගේ ප්‍රතිඵල අද වන විට ඇමෙරිකන් ජාතික පින්වතුන් සේම සියලු ආගමික හා අධ්‍යාත්මික බැතිමතුන් තම ආධ්‍යාත්මික සුවය වෙනුවෙන් හා බුදු දහමේ ගැඹුරු හරය තම අවබෝධය උදෙසා ප්‍රයෝජනයට ගනිමින් කටයුතු සිදුකරනු ලබති.

වසර 22ක් ඔස්සේ ආ මේ චාරිකාව තුළ එදා මෙදා තුර හමු වූ කලණ මිතුරන් බොහෝ වෙති.

එසේම එදා සිට අද දක්වා විහාරස්ථානයේ උන්නතිය උදෙසා තම ධනය, කාලය, ශ්‍රමය වැය කරමින් කටයුතු සිදුකළ පිරිස ද බොහෝ වෙති. එයින් යම් පිරිසක් ජීවත්ව වෙසෙති. තවත් පිරිසක් මිය පරලොව ගොස් ඇත.

ජාතිය, ආගම, භාෂාව කුමක් වුවද වචනයේ පරිසමාප්තයෙන්ම මනුෂ්‍යත්වයේ නාමයෙන් මේ උතුම් පින්බිම සාරවත් කරන්නට වියහියදම් දරමින් කටයුතු සිදුකළ ඔබ සැමගේ මනුෂ්‍යත්වයේ දෑත නොමැතිව බොහෝ මිනිසුන් ගේ හිත සුව පිණිස දහම් පිපාසය සංසිඳුවාලන්නට අද ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයක් නොතිබෙන්නට පුළුවනි.

නමුත් ඔබ හා අපි සැවොමගේ කුසල් චේතනාව හා වීර්ය පාරමිතාවේ ප්‍රතිඵලයක් ලෙස ‍ෙථිරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් දක්වා අද ඉන්ඩියානා බෞද්ධ

විහාරස්ථානය මේ ආ ගමන් මග සුළු පටු නොවන බව කිව යුතුය. ඒ සඳහා ඔබෙන් ලද සහයෝගය මහත් කොට අපි සලකනෙමු. ඔබ සැමට උතුම් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලැබේවා. තව තවත් ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධ කරලන්නට අවැසි ශක්තිය නිතැතින්ම ලැබේවා.

විහාර භූමිය වෙනුවෙන් ඇප කැප වී කටයුතු සිදුකොට මියපරලොව ගිය යම් කෙනෙක් සිටිනවා නම් ඒ සැමට මේ පින්බිම තුළින් ජනිත කර ගත්තා වූ සියලු කුසල ධර්මයන් භවගාමී ජීවිත වෙනුවෙන් අනුමෝදන් වෙත්වා, ගුරු හරුකම් කියා දෙමින් මේ ආ ගමන් මගට පහන් ටැඹක් සේ ආලෝකය ලබාදෙන අපගේ ගුරු දේවයාණන් වහන්සේ වන පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා.

ඇමෙරිකාවට වැඩි දින පටන් මහත් ශක්තියක් වෙමින්, තබන සෑම පියවරක් පාසා සහෝදරයකු සේ කටයුතු සිදුකළ අපවත් වී වදාළ ලොස් ඇන්ජලීස්හි ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේට ද මේ අවස්ථාවේ පුණ්‍යානුමෝදනා එක් කර සිටින්නෙමු.

ගෞතම බුදු සසුනේ චිරස්ථීතිය උදෙසා මේ පුණ්‍ය භූමියට චිරාත් කලක් හේතු වාසනාම වේවා…

සකල ලෝවැසියාගේ මුදුන් මල්කඩ වෙමින් තවත් වසර දස දහසක් ගොයුම් සසුනේ චිරස්ථීතිය උදෙසා කටයුතු සිදුකරන්නට මේ සාර පින් කෙතක් බඳු ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය හේතු වාසනාම වේවා…

උපුල් රුවන්

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025
Related News
විශේෂාංග

තරුණ දරුවන්ගේ එක්රැස්වීම්වල සැඟවුණු බලය

විශේෂාංග

ශ්‍රී ලංකා හෙද හෙදියන් විදේශ රටවලට සංක්‍රමණය වෙන්නේ ඇයි?

විශේෂාංග

ළමුන් හුදකලා වෙයි සියදිවි නසා ගැනීම් වැඩි වෙයි

විශේෂාංග

දැයේ දරුවන් මතින් නිදහස් කරගනිමු

විශේෂාංග

ක්ලැරන්ස් පෙරළියක් ඇති කරපු ගායකයෙක් – දමිත් විජයතුංග

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok