Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රිසානා සිනමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 3 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: රිසානා සිනමාවට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

රිසානා සිනමාවට

June 27, 2025
1091 Views

රිසානාගේ කතාව මගේ හිතට තදින් දැනුණා – අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්

ශ්‍රී ලංකාවේ සිනමා ක්‍ෂේත්‍රයේ පෙර නොවූ විරූ කෞෂල්‍යයක් පෙන්නුම් කරමින් සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් 17 හැවිරිදි රිසානා නෆීක්ගේ කතාව අමරණීය බවට පත්කිරීමට සහයෝගීව කටයුතු කිරීමට සුමති ස්ටුඩියෝ හි සම්මාන රැසක් හිමිකරගෙන සිටින නිෂ්පාදක ජගත් සුමතිපාල සමග එක්විය. 2005 වසරේ දී තමන් රැකබලාගනිමින් සිටි ළදරුවකු මැරුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබියේදී ඇය මරණයට පත්කරනු ලැබුවාය. මෙම සිද්ධිය මානව හිමිකම් සංවිධාන රැසක් තරයේ හෙළා දකින ලද අතර එම කතාව රිසානා කූඩුවේ දමන ලද කිරිල්ලී මැයෙන් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.

රිසානා කූඩුවේ දමන ලද කිරිල්ලී චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ ඇකඩමි සම්මානලාභී බ්‍රිතාන්‍ය නළු ජෙරම් ඉරෝන්ස් සහ චිත්‍රපට හැටකට වැඩි සංඛ්‍යාවක රඟපා ඇති විවිධ සම්මාන රැසකින් පිදුම් ලද දකුණු ආසියානු නිළි වරලක්ෂ්මී සරත්කුමාර එහි ප්‍රධාන චරිත නිරූපණය කිරීමය. හොලිවුඩ් ඇතුළු ලොව නන්දෙස සිනමා කේෂ්ත්‍රයන්ට ආගන්තුකයකු නොවන රත්නම් මෙම කර්ත්‍යවයේදී ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍රව සිටින ජේම්ස් රත්නම් තිර රචකයා ලෙස සම්බන්ධ වේ. නැඟී එන නිළි විදුෂිකා රෙඩ්ඩි මෙම චිත්‍රපටයෙන් හඳුන්වා දෙයි. ඇය ජාත්‍යන්තර වශයෙන් දිදුලන හොලිවුඩ් සහ බොලිවුඩ් නළුවන් සමග රඟපාන නිසා එම සම්ප්‍රාප්තිය ඇයට ඇයගේ මෙම කේෂ්ත්‍රයේ කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාවේ.

Reversal of Fortune චිත්‍රපටයේ හොඳම නළුවා සම්මානය දිනාගත් ඉරෝන්ස් Golden Globe සම්මානයක් tony, Emmy, SAG and Honorary cesor Award and a premio Europa per il Teatro සම්මානයට පාත්‍ර වී ඇති ඔහු මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස ද රඟපා ඇත. ප්‍රධාන නළු නිළියන් හඳුන්වාදීමේ අවස්ථාවේදී අදහස් දැක් වූ ඔහු ‘ශ්‍රී ලංකාවේ මෙම කාර්යයන්හි නිරත වීමට නවමු අත්දැකීමක්. එමෙන්ම ලෝකයේ මෙම කලාපයේ සිනමා කර්මාන්තයේ සාර්ථකත්වය ගැන සහ රසාස්වාදය ගැන මා සතුටු වෙනවා. රිසානාගේ කතාව අතිශය ඛේදජනක කතාවක්. අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා සමග මෙම නිර්මාණයට සම්බන්ධවී මෙම කතා සහ 21 වැනි සියවසේ සිදුනොවිය යුතු මරණීය දණ්ඩනයේ හද කම්පාකරවන සුසමාදර්ශය යළි ප්‍රකාශ කිරීමට අවශ්‍යයි.

හොලිවුඩ් සිනමාවේ Stephen Spielberg, David Lean, rdodCarol Reed, George Lucas, John Boorman and Regis Wargnier වැනි දැවැන්තයන් සමග චිත්‍රපට කේෂ්ත්‍රයේ උසස් දස්කම් දක්වා ඇති රත්නම් මහතා ජාත්‍යන්තර චිත්‍රපට 100කට වැඩි සංඛ්‍යාවකට දායක වී ඇති විශිෂ්ටයෙකි. එමෙන්ම Witness to a Killing, Pilgrimage, The Road from Elephant pass and A Common Man යන ඔහුගේ චිත්‍රපට වෙනුවෙන් සම්මාන දිනා සිටින ඔහු විවාදජනක විෂයයන් තුළට කිදාබසිමින් නිර්මාණ සැකසීමට බිය නැති අධ්‍යක්ෂවරයකු ලෙස ප්‍රකටය. රිසානාගේ කතාව මගේ හිතට තදින් දැනුණා. එය නිර්මාණයක් මගින් පැවසීමට කතාවක් ලෙස මා හඳුනාගත්තා. අහම්බෙන් මට ජගත් සුමතිපාල මහතා මුණගැසීමෙන් එම සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවස්ථාව උදා වුණා. මෙම චිත්‍රපටය ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් කුසලතා පූර්ණ නළු නිළියන් සම්බන්ධ කරගනිමින් මෙම පණිවුඩය ලොවට ගෙන යන අතර මෙම කතාව ජනතාව තුළ අනුනාදවෙමින් මෙවැනි සිද්ධි පිළිබඳ දැනුවත්භාවය තවත් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරනවා යැයි පැවසීය.

වෘත්තීමය වශයෙන් මුද්‍රා නාට්‍ය ශිල්පිනියකව සිටි නිළියක් බවට පත්ව සිටින භාෂා හයක් ප්‍රගුණ කර ඇති වරලක්ෂ්මී සරත්කුමාර වෛද්‍ය සෙල්වම් ලෙස රඟපායි. ඇය ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක රඟපෑමෙන් සියලු දකුණු ඉන්දියානු භාෂාවලින් නිෂ්පාදනය කර ඇති 30කට වැඩි චිත්‍රපට සංඛ්‍යාවක දැනටමත් නිළියකවීමෙන් ඇයගේ මෙම විෂය කේෂ්ත්‍රය තවත් පුළුල් කරගැනීමට අවස්ථාව උදාවෙයි. ‘අපගේ යුගයේ අතිවිශේෂ අධ්‍යක්ෂවරයකු වන චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රඟපෑමට ලැබීම ගැන සහ මා මහත් භක්තියකින් සලකන ජෙරම් ඉරෝන්ස් සමග රඟපෑමට ලැබීම මට මහත් සතුටක් ගෙන දෙයි. රිසානාගේ කතාව බොහෝ මට්ටම්වලින් මගේ හදවතට ස්පර්ෂ වූවකි. කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන මට රිසානාගේ භූමිකාව මගේ එම ක්‍රියාකාරීත්වය සමග අනුනාද වන්නකි.

දිනේෂ් විතාන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
විශේෂාංග

වැටුණු ආර්ථිකයට සවියක් කරගත යුතු කොළඹ වරාය නගරය

අතිරේක විශේෂාංග

භාෂාවේ සංස්කෘතික මුහුණුවර හේතුවෙන් සංස්කෘතික ප්‍රකාශන පරිවර්තනය කිරීම අභියෝගාත්මකයි

අතිරේක විශේෂාංග

ලොව විවිධ භූගෝලීය කලාප නියෝජනය කරන පරිවර්තිත කෙටිකතා එකතුවක් !

අතිරේක විශේෂාංග

බොලපැන් පූජාවෙන් පිදුම් ලබන සුමන සමන් දෙවියෝ

අතිරේක විශේෂාංග

ථේරි ගී සරණිය…..

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok