හිටපු නිලධාරියකුගෙන් ප්‍රකාශයක්
පෙන්ටගනය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදු කළ තක්සේරු වාර්තාවක් පිටතට කාන්දු වීම භයානක තත්ත්වයක් බවත් ඒ හරහා මානව සම්පත් දැඩි අවදානමකට ලක් කෙරෙන බව පෙන්ටගනයේ හිටපු නිලධාරියකු බී.බී.සී ගුවන් විදුලි සේවයට පවසා තිබේ. බී.බී.සී ගුවන් විදුලියේ හතරවැනි චැනලයේ ‘ටු ඩේ’ වැඩසටහනට අදහස් දක්වමින්
පෙන්ටගනයේ හිටපු නිලධාරියකු වන මික් මල්රෝයි පවසා ඇත්තේ මෙවැනි බුද්ධි අංශ තොරතුරු කාන්දුවක් හේතුවෙන් සම්පත් දායකයන් මරා දැමීමට වුවද ඉඩ ඇති බවයි. මෙයට පෙර සිදු කරන ලද තක්සේරුවල ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කරන ලද ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ වසර ගණනාවකින් ආපස්සට හැරවෙන බව සඳහන් කර තිබුණ ද ඒවා කොපමණ වැරදි සහගත දැයි පෙන්ටගනයේ හිටපු නිලධාරී මල්රෝයි ප්‍රශ්න කර තිබේ.
සංවේදී රහස්‍ය තොරතුරු කිසි විටකත් දවසේ ආලෝකය නොදකින බවද මල්රෝයි වැඩිදුරටත් සඳහන් කර තිබේ. පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සිය විසින් පැහැදිලි ලෙසම මෙයට පෙර සිදු කරන ලද තක්සේරුකිරීම්වලදී වැරැද්දක් සිදු කර තිබෙන්නට ඇත. නැතහොත් මෙවර නවතම තක්සේරුවේදි වැරැද්දක් සිදුව තිබිය හැකියැයි පෙන්ටගනයේ හිටපු නිලධාරියා වැඩිදුරටත් පවසා තිබේ.