15ක් අතුරුදන්
දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ වයඹදිගින් පිහිටි නගර දෙකක සිදු වූ දරුණු නාය යෑමක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇති අතර තවත් 15 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබේ. කොලොම්බියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙඩලින් හා යාබද කඳුකර නගරයක් වන බෙල්ලෝ නගරයට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව සමග මඩ හා සුන්බුන් විශාල ප්‍රමාණයක් කඩා වැටීමෙන් නිවාස දුසිමක් පමණ වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊයේ (26දා) වන විට 1300ක් පමණ දෙනා නායයෑම හේතුවන් අවතැන්ව සිටි අතර අතුරුදන් වූවන් සොයා බලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.